උසස්_අධ්‍යාපනය_නොලැබූවෝ

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    උසස්_අධ්‍යාපනය_නොලැබූවෝ

    උසස් අධ්‍යාපනය නොලැබූවෝ


    ලෝකයේ දැනට බිහි වී ඇති ප්‍රභූවරු හා ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝමයක් විශිෂ්ට වූ උසස් අධ්‍යාපනයක් ලැබූ අයයි.ඒත් අප කිසිලෙසකින් වත් නොසිතන ඇතැම් ප්‍රභූ පුද්ගලයින් උසස් අධ්‍යාපනයක් ලබා නොමැත.මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එවැනි පුදගලයින් කීප දෙනෙක් ගැනයි.එමෙන් ම උසස් අධ්‍යාපනය නොලැබූ අපගේ සහෝදර/සහෝදරියන්ටද මෙය මනා පිටුවහලක් වනු නොඅනුමානය.


    බිලි ගේට්ස්




    2335621_f260.jpg




    1955 උපත ලද බිල් ගේට්ස් සියැටල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ නමුත් උසස් අධ්‍යාපනය අවසන් නොකොටම ඉන් ඉවත් ව පෝල් ඇල්ෆ් හා එක්ව මයික්‍රෝ සොෆ්ට් සමාගම පිහිටුවන ලදී.මේ වන විට ඔහුගේ වත් කම ඩොලර් බිලියන 53ක් පමණ වේ.මේ වන විට ලෝකයේ දෙවන ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්ස් පෝලියෝ රෝගය තුරන් කිරීමට විශාල මුදලක් වැය කරයි.



    ස්ටීව් පෝල් ජොබ්ස්




    jobs_steve.jpg




    1955 උපත ලද ස්ටීව් කුඩා කලදී ම මව් පියන් හැර දමන ලදී.මූලික අධ්‍යාපනය ලබා රීඩ් විද්‍යාලයට ඇතුල් වුවත් පළමු වාරයෙන් ම තම උසස් අධ්‍යාපනය අත හැර දමන් ලදී.අවුරුදු 21දී ස්ටීව්,වොස්නියැක් සමග එක්ව ඇපල් සමාගම නිර්මාණය කරන ලදී.සාමාන්‍ය නිවාස තුලට පරිගනක හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වන ස්ටීව්,පික්සාර් සජීවීකරණ් චිත්‍රාගාරයේ ප්‍රධාන විධායක නිලධාරියාද වේ.මොහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 6 ඉක්මවයි.


    දිරුබායි අම්බානි




    392710_f260.jpg



    1932 දී පාසල් ගුරුවරයෙකුගේ පුතෙකු ලෙස ගුජරාත් හි උපත ලද දිරුබායි අවුරුදු 16දී යේමනයේ ඒඩන් නුවර පිරවුම් හලක සේවකයෙකු ලෙස සේවය කරන ලදී.පසුව පිරවුම් සමාගමක ලිපිකරුවෙකු ලෙස ක්‍රියා කළ ඔහු ඩොලර් 375කින් තම ව්‍යාපාරය ඇරඹුවේය.එම ව්‍යාපාරය පසු කලෙක රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලෙස ප්‍රකට විය.එහි වාර්ෂික ආදායම ඩොලර් කෝටි 120ක් පමණ වේ.2002 දී දිරුබායි මිය ගිය අතර ඒ වන විට ඩොලර් බිලියන් 6ක පමණ වත්කමක් ඔහුට පැවතින.



    ලෝරන්ස් ජෝශෆ් එලිසන්




    1oracle.jpg




    ඔරකල් සමාගම පිහිටුවීමට මූලිකයෙකු වූ එලිසන් එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ද වේ.වැඩි දුර අධ්‍යාපනයක් නොලබා ඇති මොහු තරුණයෙකු ලෙස ඇම්පෙක් සමාගමේ සේවය කරන ලදී.එහි දී ඔහු විසින් දියත් කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙන් ඔරකල් සමාගම බිහි විය.2008 වසරේ ලොව ධනවත් ම පුද්ගලයින්ගෙන් 9වෙනි තැන ලැබූ එලිසන්ගේ වත්කම ඩොලර් කෝටි190ක් පමණ වේ.





    තොරතුරු සපයාගැනීමට මුතුහර සගරාව ප්‍රයෝජනවත් විය.
     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    බලාගෙන යනකොට වැඩ්ඩෝ ඔක්කොම වගේ උසස් අධ්‍යාපනය නැති එවුන්.....:shocked:
    Thnx for sharing.....:);)
    Rep++
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙහෙමයි මචන් කොච්චර ඉගෙන ගත්තත් ඒක ප්‍රායෝගිකව පාවිච්චි කලේ නැත්තම් වැඩක් නැ.කොච්චර ඉගෙන ගත්තත්.ඒත්තමන් ඉගෙනගත් පොඩි දැනුම පාවිච්චි කරනවනම් අලුත් නිර්මාන බිහිවෙනව:) නව දැනුම එකතුවෙනවා/හොයනව, එතකොටය් සාර්ථක :)
    ස්තූතියි මේක දාපු සහෝදරයට :) දිගටම යාවත් කාලීන කරන්න,සුභ පතුම්
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan

    Thanks machan.

    thnks for posting..

    Your welcome

    Nice machan ayi okata meyavath ekathu karagaththe naththe,


    නෑ මචo මම බැලුවෙ මෑත ඉතිහාසයෙ හිටපු අය ගැන තොරතුරු ටිකක් දාන්න.ඇල්බට් අයින්ස්ටයින් ව අමතකරල පුලුවන්ද?:rofl:

    බලාගෙන යනකොට වැඩ්ඩෝ ඔක්කොම වගේ උසස් අධ්‍යාපනය නැති එවුන්.....:shocked:

    ඔව්,ගොඩක් අය එහෙමයි

    Thnx for sharing.....:);)
    Rep++

    Thanks for the reps.



    එළ එළ
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    බිලි ගේට්ස්



    2335621_f260.jpg




    1955 උපත ලද බිල් ගේට්ස් සියැටල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ නමුත් උසස් අධ්‍යාපනය අවසන් නොකොටම ඉන් ඉවත් ව පෝල් ඇල්ෆ් හා එක්ව මයික්‍රෝ සොෆ්ට් සමාගම පිහිටුවන ලදී.මේ වන විට ඔහුගේ වත් කම ඩොලර් බිලියන 53ක් පමණ වේ.මේ වන විට ලෝකයේ දෙවන ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්ස් පෝලියෝ රෝගය තුරන් කිරීමට විශාල මුදලක් වැය කරයි.
    මච්ං මෙහෙමත් කියනවනෙ bill ගැන!
    "
    He enrolled at Harvard College in the fall of 1973 intending to get a pre-law degree, but did not have a definite study plan. Then he dropped out after two years in order to work as a programmer."
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka dakala kattiya igana ganne natuwa inna epa.. mehema aya inne tika denay.. igana gatte nattam wena de dannawa ati ne ))
    they started their businesses long time ago. but now their children all are learning nicely in good universities..
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    :P good idea!

    "What's the good idea" you took from this article:rolleyes:.

    මෙහෙමයි මචන් කොච්චර ඉගෙන ගත්තත් ඒක ප්‍රායෝගිකව පාවිච්චි කලේ නැත්තම් වැඩක් නැ.කොච්චර ඉගෙන ගත්තත්.ඒත් තමන් ඉගෙනගත් පොඩි දැනුම පාවිච්චි කරනවනම් අලුත් නිර්මාන බිහිවෙනව:) නව දැනුම එකතුවෙනවා/හොයනව, එතකොටයි සාර්ථක :)

    ඒක හරි සහෝදරය තමන්ට හොඳ ම හා සුදුසු ම දේ තමන් දන්නව නම් ඒක නිවැරදිව ම පාවිච්චි කරන කෙනා දියුණු වෙනව.


    ස්තූතියි මේක දාපු සහෝදරයට :) දිගටම යාවත් කාලීන කරන්න,සුභ පතුම්

    අනිවාර්යෙන් ම,ඔය කට්ටියන්ගෙ සහය තියෙන තුරු කරගෙන යනව:D.
     
    Last edited: