උසස්_අධ්‍යාපනය_නොලැබූවෝ
උසස් අධ්‍යාපනය නොලැබූවෝ
ලෝකයේ දැනට බිහි වී ඇති ප්රභූවරු හා ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝමයක් විශිෂ්ට වූ උසස් අධ්‍යාපනයක් ලැබූ අයයි.ඒත් අප කිසිලෙසකින් වත් නොසිතන ඇතැම් ප්‍රභූ පුද්ගලයින් උසස් අධ්‍යාපනයක් ලබා නොමැත.මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එවැනි පුදගලයින් කීප දෙනෙක් ගැනයි.එමෙන් ම උසස් අධ්‍යාපනය නොලැබූ අපගේ සහෝදර/සහෝදරියන්ටද මෙය මනා පිටුවහලක් වනු නොඅනුමානය.
බිලි ගේට්ස්
1955 උපත ලද බිල් ගේට්ස් සියැටල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ නමුත් උසස් අධ්‍යාපනය අවසන් නොකොටම ඉන් ඉවත් ව පෝල් ඇල්ෆ් හා එක්ව මයික්‍රෝ සොෆ්ට් සමාගම පිහිටුවන ලදී.මේ වන විට ඔහුගේ වත් කම ඩොලර් බිලියන 53ක් පමණ වේ.මේ වන විට ලෝකයේ දෙවන ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්ස් පෝලියෝ රෝගය තුරන් කිරීමට විශාල මුදලක් වැය කරයි.
ස්ටීව් පෝල් ජොබ්ස්
1955 උපත ලද ස්ටීව් කුඩා කලදී ම මව් පියන් හැර දමන ලදී.මූලික අධ්‍යාපනය ලබා රීඩ් විද්‍යාලයට ඇතුල් වුවත් පළමු වාරයෙන් ම තම උසස් අධ්‍යාපනය අත හැර දමන් ලදී.අවුරුදු 21දී ස්ටීව්,වොස්නියැක් සමග එක්ව ඇපල් සමාගම නිර්මාණය කරන ලදී.සාමාන්‍ය නිවාස තුලට පරිගනක හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වන ස්ටීව්,පික්සාර් සජීවීකරණ් චිත්‍රාගාරයේ ප්‍රධාන විධායක නිලධාරියාද වේ.මොහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 6 ඉක්මවයි.
දිරුබායි අම්බානි
1932 දී පාසල් ගුරුවරයෙකුගේ පුතෙකු ලෙස ගුජරාත් හි උපත ලද දිරුබායි අවුරුදු 16දී යේමනයේ ඒඩන් නුවර පිරවුම් හලක සේවකයෙකු ලෙස සේවය කරන ලදී.පසුව පිරවුම් සමාගමක ලිපිකරුවෙකු ලෙස ක්‍රියා කළ ඔහු ඩොලර් 375කින් තම ව්‍යාපාරය ඇරඹුවේය.එම ව්‍යාපාරය පසු කලෙක රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලෙස ප්‍රකට විය.එහි වාර්ෂික ආදායම ඩොලර් කෝටි 120ක් පමණ වේ.2002 දී දිරුබායි මිය ගිය අතර ඒ වන විට ඩොලර් බිලියන් 6ක පමණ වත්කමක් ඔහුට පැවතින.
ලෝරන්ස් ජෝශෆ් එලිසන්
ඔරකල් සමාගම පිහිටුවීමට මූලිකයෙකු වූ එලිසන් එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ද වේ.වැඩි දුර අධ්‍යාපනයක් නොලබා ඇති මොහු තරුණයෙකු ලෙස ඇම්පෙක් සමාගමේ සේවය කරන ලදී.එහි දී ඔහු විසින් දියත් කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙන් ඔරකල් සමාගම බිහි විය.2008 වසරේ ලොව ධනවත් ම පුද්ගලයින්ගෙන් 9වෙනි තැන ලැබූ එලිසන්ගේ වත්කම ඩොලර් කෝටි190ක් පමණ වේ.
තොරතුරු සපයාගැනීමට මුතුහර සගරාව ප්‍රයෝජනවත් විය.

Last edited:

good idea!
.
.