ගුරුත්වාකර්ශනය කියන එක අපිට දැනෙන දෙයක්.තේරෙන දෙයක්.අපි උඩ නොයා පොලවට ආකර්ශනය වෙන එකෙන් තේරෙනවා, අපිව පොලවට ආකර්ශනය වෙන බලයක් තියෙනවා කියලා.
මිත්‍රයා ගුරුත්වාකර්ෂනය ගැන මට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. භෞතික විද්‍යාවෙ මූලික බල 4ක් තියනවා Strong Force, Electromaagnetic Force, Gravity, Weak Force කියලා. ඔතනින් Gravity විතරක් අල්ලගෙනයි උඹ නහින්න හදන්නෙ. ගුරුත්වය (Gravity) ගැන නූතන භෞතික විද්‍යාවෙ න්‍යාය නිව්ටන් ගෙ න්‍යාය නෙමෙයි. ඒක ගැන විස්තර වෙන්නෙ සාධාරණ සාපේක්ෂතාවාදයෙන්. කමක් නැහැ උඹට තේරෙන බසින් කියන්නම් මේක නිව්ටන්ගෙ ගුරුත්ව නියමය භාවිතා කරල. (ගොඩක් දුරට ගුරුත්වය ගැන උඹ දන්න එකම නියමය නිව්ටන්ගෙ ගුරුත්ව නියමය නිසා මේකෙන් විස්තර කරන්නෙ)
මම කොයිම වෙලාවක වත් කිව්වද ගුරුත්වය නැහැ කියල? ඒක උඹේ විලි වහගන්න උඹ අලුතින් ගොතපු කතාවක් නෙ මිත්‍රයෝ. මම කිව්වෙ ෂ්‍රෝඩිංග ගෙ සමීකරණයෙන් උඹ අහසෙ ඉගිලෙන හැටි කියවෙන උත්තරයක් ගන්න ගුරුත්වය තියන එක ප්‍රෂ්නයක් නෙමෙයි කියලයි. එතකොට උඹ කියනවා ඉතින් හැමෝටම ගුරුත්වය තියන නිසා මනුස්සයෙක් විතරක් කොහොමද අහසෙ පා වෙන්නෙ කියල. ගුරුත්වය යටතෙදි යමක් පා වෙන්නෙ ඉහලට බලයක් ක්‍රියා කලොත් කියන එක උඹේ බොලඳ කොමන් සෙන්ස් පරිකල්පනයක්. උඹ එහෙම කියන්නෙ නිව්ටන්ගේ නියම අදහාගෙන. ඒත් නිව්ටන්ට වඩා අද පිළි ගැනෙන භෞතිකය ගව් ගණනක් ඉදිරියෙන් තියන්නෙ උඹ නොදන්නවට. ඒ දැනුම පාසල් මට්ටමේදි හෝ විශ්ව විද්‍යාලයක පළමු වසර හෝ දෙවන වසරෙදි උගන්නන්න බැරි තේරුම් ගන්න ඉතාම වියුක්ත මනසක් අවශ්‍ය නිසයි. උඹ ඒක තේරුම් ගන්න බැරි මට්ටමක ඉන්නෙ කියල උඹ මට කියන්න ඕනෙ නැහැ සහෝදරය මට හොඳටම පැහැදිලියි උඹේ කමෙන්ට්ස් වලින්. ඒත් මම තව සැරයක් උත්සාහ කරල බලන්නම් උඹේ තර්කය බිඳුනු හැටි උඹට තේරුම් කරල දෙන්න...
උඹ අහල තියනවද ගුරුත්වාකර්ෂන බලය ලියන්න පුලුවන් විභවය ශ්‍රිතයක අනුක්‍රමණය විදියට? මේ ශ්‍රිතය ත්‍රිමාණ අදිශ ක්ෂේස්ත්‍රයක්. ඒක නිව්ටන් ගේ සමීකරන වලින් මෙහෙම ලියන්න පුළුවන්.
V=G(Mm)/r
ඒකෙන් උඹ උඹේ තර්කයට ගත්ත බලය (ගුරුත්වජ බලය) ලියන්න පුළුවන් මෙහෙම..
F = -∇V
දැන් ඕක යොදාගෙන TISE සමීකරණය මෙහෙම ලියන්න පුළුවන්
Hψ = Eψ
ඔතන ψ කියන්නෙ තරංග ශ්‍රිතය. H කියන්නෙ Hamiltonian operator එක. E කියන්නෙ ψ ට සාපේක්ෂව Hamiltonian operator එකේ eigenvalue එක. මේ මම කතා කරන්නෙ හිල්බර්ට් අවකාශයේ ශ්‍රිතයක් ගැන.
ඉතිං ψ සඳහා විසඳුම් ලබාගන්න උඹ මෙන්න මේ සමීකරණය විසඳන්න ඕනෙ.
(-iℏ∇² + V)ψ = Eψ
දැක්ක ද උඹ ගොඩ නගපු තර්කය බිඳ වැටුනා?... නෑ? හොඳට ලං වෙලා බලපං ඔතන තියනවා අර විභව ශ්‍රිතය. හොයාගන්න බැරි නම් මම සමීකරණය ටිකක් එහෙට මෙහෙට කරල පිළිවෙලකට ලියන්නම්...
-iℏ∇²ψ + [G(Mm)/r]ψ = Eψ
ඉතින් දැක්ක ද මම ගුරුත්වය නැහැ කියල සලකලා නෙමෙයි ψ සඳහා විසඳන්නෙ. තවම තේරුනේ නැත්නම් එක්කො ක්වන්ටම් යාන්ත්‍රිකය (උඹේ වචනෙන් "යාන්ත්‍රණය") ඉගනගෙන වරෙන් නැත්නම් නොදැනුවත් කම ප්‍රදර්ශනය නොකර නොහැකියාව පිළි ගනින්.
කොමන් සෙන්ස් එකට තේරෙන දේවල් වලට වඩා අහසට පොළව වගේ වෙනස් ප්‍රතිඵල ගණිතමය වශයෙන් ඔප්පු කරද්දි කශේරුකාව පුටුවෙ ඇනෙන තැන රත් වෙනව නම් මිත්‍රයා උඹට කවදාවත් උසස් භෞතික විද්‍යාව ඉගන ගන්න ලැබෙන්නෙ නැහැ. කෙනෙක් මගේ තර්කයක් පුස්සක් බව පෙන්නද්දි රෙද්ද වැටුන නේද බොලේ කියල තේරුම් ගන්න නම් ඔහුගෙ තර්කය මුලින් තේරුම් ගන්න ඕනෙ. මට කවදහරි ඔහොම තත්වයකට මුහුණ දෙන්න වුනොත් මං අදහන දෙයියෙක් වෙයි නම් මම නම් ඒ දෙයියට ශාප කරනවා!!! ඒත් උඹට මේක නොතේරෙන හැටි දැකල මම කාටවත් ශාප කරන්නෙ නැහැ. මම බෞද්ධයෙක්

ℏ කියන්නෙ ප්ලාන්ක් නියතය
G කියන්නෙ ගුරුත්වජ නියතය
∇ කියන්නෙ differential operator එකක් කාටිසීය ඛන්ඩාංක තලයකදි නම් ∇ = i∂/∂x + j∂/∂y + k∂/dz
තර්ක කරන්න ඕනෙ නම් මගෙ තර්කය බිඳ දාපන්. "එකෙක් මෙහෙම කියනවා" කියල මග අරින්න එපා. මොකද මම එහෙම කරන්නෙ නැහැ. උඹට මගේ තර්කය බිඳින්න පුලුවන් ද කියල මම කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත් බලපංකො උඹ අන්තිමට කරපු වැඩේ. තර්කයට තර්කයෙන් පිලිතුරු දෙන ලෙස මම කාරුණිකව ඉල්ලනවා.




