me kalin wathawaka wena thread ekaka daapu thawath post ekak...
සිංහල, දෙමල, මුස්ලිම් වගේ ඕනෙම ජාතියකට අයත්,
බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වගේ ඕනෙම ආගමක් අදහන, ඕනෙම කෙනෙකුට...
දෙවියෙකුට, බ්රහ්මයෙකුට, father කෙනෙකුට, sister කෙනෙකුට, නැත්නම් පාප් වහන්සේටම උනත්,
වෙන කාගේවත්ම උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක් නැතුව,
තම තමන්ගේම හිත් දියුණුකරගෙන, පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව උපද්දව ගත්තොත් දකින්න පුළුවන්...
තමන් කොච්චර කෝටි, ප්‍රකෝටි වාර ගණනක් හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
දෙවියන් අතරත්, මනුස්සයන් අතරත්, වෙන වෙන සතුන් හැටියටත්, ඉපදිච්ච වාර ගණන අනන්තයි!!
අපි රජවෙලත් ඉඳල තියනවා, මහනවෙලත් ඉඳල තියනවා, තියන තරම් ආගම් ජාති හැම එකක්ම අදහලා, යාග හෝම, පුද පූජා හැම එකක්මත් කරලා තියනවා!
කොටින්ම කියනවනම් මේ හැමෝම තනි තනියෙන් ඇවිල්ල තියෙන්නේ පටන් ගත්තු තැනක් හොයන්න බැරි තරම් දිග ගමනක්!
යන්නන් වාලේ ගියොත්, ඉස්සරහට යන්න තියෙන්නෙත් ඒවගේම ගමනක්!!
බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!!
මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!!
ඒක නිසා මෙතනට challenges, තර්ක විතර්ක, වාද විවාද මොකවත් වැඩක් නැහැ!
බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කල්ප කාලාන්තරයකට සැරයක් පින්, කුසල් අනන්ත ප්‍රමාණයක් රැස් කරගෙන, ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ලෝකයේ ඉපදෙන සුවිශේෂ පුද්ගලයෙක්! උන්වහන්සේලා පිරූ පාරමිතා බලයෙන් සියලු බාධක බිඳගෙන මේ නැවත නැවත උපදින ස්වභාවයට හේතුව සොයාගෙන, ඒ හේතුව නැතිකරගෙන, සසර ගමනින් (ඉපදෙන මැරෙන බවින්) නිදහස් වෙනවා! උන්වහන්සේලා අනෙක් සියලු දෙවි, මිනිසුන් හටත් මේ කෙළවරක් නැති සංසාර ගමන ගැන කියල දෙනවා... නිදහස් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොනවද කියන හැමදේමත් කියල දෙනවා!!
ඉතින් මේ එක එක්කෙනාගේ පිස්සු කතන්දර, 'මෝඩ චූන්' වැඩක් නැහැ! මොලේ කල්පනා කරලා, හිතල යමක් කරගන්න පුළුවන් මනුස්ස ආත්මයක් ලබපු මේ වාසනාවන්ත වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න අවස්ථාවක් ලැබිල තියන වෙලාවේ, අහල බලල, නුවණ පාවිච්චි කරලා, ප්‍රයෝජනයක් ගන්න බලන්න... වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි, තම තමන් වෙනුවෙන්!