...ekek maara prashnayak ahuvane Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇයි බන් උබට කුබියෙක්ගෙවථ් මොලයල් තියනවනම් තේරෙන්නේ නැද්ද, ජිවයක් කියලා දෙයක් තියෙන්නේ මෙ පෘථ්වියේ විතරක් නෙමඉ කියලා.

    උබ ඔය කියපු කාලේට කලින වෙන ජිවයක් තියන ග්‍රහා ලොකයක් ජිවත් වෙන්න බැරි කමක් නැනේද මචො


    me... tharahawenna epa kiwwata. kumbiyekuge tharam molayak thiyana oyath chuttak chuttak upset wageyi!:) 'ජිවයක් කියලා දෙයක් තියෙන්නේ මෙ පෘථ්වියේ විතරක් නෙමඉ කියලා' kiyanna api gihin balala nahane... anika 'කලින වෙන ජිවයක් තියන ග්‍රහා ලොකයක් ජිවත් වෙන්න බැරි කමක් නැනේද ' kiyanawa wage anumaana karana kathandara awashya wenneth naha Sabaa Bouddha kenekuta nam!! mokada Buduhamuduruwo apita serama kiyala deela thiyanawa!!!

    mama wena thread ekakata daapu post ekakin kaallak methanata Ctrl+C Ctrl+V karannam...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ලෝක විනාසය කියන්නේ 'කල්ප' කියල අඳුන්වන, ප්‍රමාණය දක්වන්නත් බැරි ඉතා දීර්ඝ කාලාන්තර වලින් චක්‍රාකාරව සිදුවෙන (විනාශවෙනවා ආයේ සකස්වෙනවා, ආයේ විනාශවෙනවා... සකස්වෙනවා) ස්වභාවික ක්‍රියාවලියක් බව මෙයාල දන්නේ නැහැනේ...

    එහෙම ලෝකය විනාස වෙද්දී සේරම සත්වයෝ 'ආභස්සර ජීවීන්' (පොඩි පොඩි ආලෝක, එලි හැටියට පවතින ජීවී අවස්ථා) බවට පත්වෙලා සංසාර ගමන දිගින් දිගටම continue වෙන බව මෙයාල අහලවත් නැහැනේ...

    මීට කල්ප 91 කට කලින් විපස්සී නම්වූ බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 80,000 ක්ලු!

    ඊට කල්ප 60 කට පස්සේ සිකී හා වෙස්සභු නම්වූ බුදුරජාණන්වහන්සේලා දෙනමක්ම ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 40,000 ක් කාලේ!

    ආයේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 20,000 ක් වෙච්ච කාලේ කකුසඳ නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයුෂ 10,000 වෙච්ච කාලේ කෝණාගමන නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයේ අවුරුදු 5,000 කට ආයුෂ අඩුවෙච්ච කාලේ කාශ්‍යප නම්වූ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා...
     
    • Like
    Reactions: prabo22 and thicps

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ ප්‍රාණඝාතය එපයි කිව්වා වගේම, මම අහල තියන විදියට නම් මුස්ලිම් ආගමේත් ඒක නොකිය කියල තියනවා! මම අහල තියෙන්නේ එයාලට කියල තියෙන්නේ රත්වෙච්ච යකඩ තහඩුවක් උඩ ඉඳන් සත්තු මරන්නය කියලයි. පැහැදිලිවම එතන අරමුණු කරන්න ඇත්තේ කකුල් පිච්චි පිච්චි ඒ වැඩේ කරනකොට දැනෙන වේදනාව තමන්ට හිතාගන්න පුළුවන් නිසා සත්තු මරණ එකෙන් වළකියි කියල වෙන්න ඕනේ! එහෙම නැත්නම් සතාව මරද්දී ඌ මාර වේදනාවක් විඳින බව ඉඟියෙන් කියන්න වෙන්න ඇති!! මොලේ කල්පනා කරන්න පුළුවන් එකෙක් කොහොමද අප්පා තව එකෙක්ව මරාගෙන කාපිය කියන්නේ? කල්පනා වෙනවනේ... යකෝ, මේ විදියට කවුරුහරි මාව මරාගෙන කන්න හැදුවොත් මාර case එක නේ... කියල. හිනා යන වැඩේ කියන්නේ, මුස්ලිම් ආගමේ ලොක්කෙක් වගේ කතා කරන කෙනෙක් අහල තිබුන කොහෙද ඔය රත්වෙච්ච යකඩ තහඩු කතාව තියෙන්නේ? කියල. ඕක තමයි බුදුරජාණන්වහන්සේ "අනාගත මනුස්සයා බලුවෙනවා! තිරිසන්නු වගේ වෙනවා" කියල කිව්වේ!! මෙතන මේ කෙලින්ම පේන්නේ තියන පෙරේතකම නේ... රත්වෙච්ච යකඩ තහඩුව අනිවාර්ය කලොත් heat shielded boots දාගෙන හරි මරන් කයි! දැනට කරනවා කියල අහන්න ලැබුනේ 'රත්වෙච්ච යකඩ තහඩුවක් කියන්නේ... 'රතුපාට' දෙයක් උඩ ඉඳන් මරන්නයි උපදෙස් දීල තියෙන්නේ' කියල රතු රෙද්දක් එලාගෙන වැඩේ දෙන එකලු. තව අහන්න ලැබුන christian කෙනෙක් කියල තියනවා හරක්, කුකුල්ලු ඉන්නේ අපට කන්න කියල!!:baffled: කොහොමද ඉස්සරහට මිනී මස් කන thuggeries ල set එකක් පහලවෙලා, 'අහවල් ආගමේ අය ඉන්නේ අපේ කෑමට' කියල කාගෙන කාගෙන යන්න ගත්තොත්??:shocked: වැඩේ තියෙන්නේ මෙහෙම කරලා අන්තිමේ ස්වර්ගෙටත් යනවලු!!

    අම්මප ඇත්තමයි! ස්වර්ගයටමයි යන්නේ... එහෙට යන්න AC කරපු bus හිටන් දාල තියනවා!:lol::lol: එතනට ගියාම 'ස්වර්ගය' කියල ලොකු board එකක් ගහල, ලස්සන පාට පාට lights දාල, හෙණ ගතියට තියනවා... පිළිගන්න කට්ටියත් ඉන්නවා!! ඉතින් ඇතුල්වෙන දොර ලඟට ගිය ගමන් 'මෙහාට වර කැ--... තෝ එනකම් තමයි හිටියේ...' කියල ඇදගෙන යනවලු ඇතුලට! පස්සේ receptionist හොම්බට 60 ක් විතර ඇනල, welcome to the hell කියල පිළිගන්නවලු! ඊට පස්සේ ගිනි කබලක් උඩින් වාඩි කරලා, කට ඇරලා welcome drink එක, ලෝ දිය කෝප්පයක් වක්කරනවලු බොක්ක පුච්චගෙන යන්න. ඊළඟට ඉතින් මෙහෙදී දාපු සෙල්ලම් මතක් කර කර සලකනවලු අම්බානට! එසේ මෙසේ කාලයක් නෙවෙයි, කල්ප ගණන් කන්න වෙනවලු!! බය උනාද?? බය උනත් කමක් නැහැ. ඔය මට නිකම් හිතුනට දාපු කෝචෝක් පාරක්!! හැබෑවට මත් වෙන්නේ ඔයිට සමාන විදියටම තමයි.:shocked::shocked: නමුත් තමුන් bus වල නැගල යන්න උවමනාවක් නැහැ! පණ යනකොටම 4 දෙනෙක් ගෙදරටම ඇවිල්ල ඇදගෙන යනවා කියල තමයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. ඒකට ඉතින් බුදුහාමුදුරුවෝ එක්කල වත්, මේ අපි එක්කල වත් තරහ වෙලා වැඩක් නෑ හොඳේ!!! මොකද ඒ අපි කරන දෙයක් නෙවෙයි!!! ඒක තමයි ලෝකේ හැටි... අපායේ කතාන්දරය. බුදුහාමුදුරුවෝ කලේ ඒකෙ වැඩසටහන ගැන බලාගෙන ඇවිල්ල අපිට කියල දීපු එක විතරයි!!! කොයි ආගමේ උනත් අනික් අයට වදයක් නොවී තමන්ගේ පාඩුවේ උන්නොත් හොඳයි! ඉන්නකම් බලුවැඩ කරලා නම් සුගතියේ යන්න හිතන්න එපා! බුදුන් වදාළ විදියට නරක දේවල් වලින් ඈත් උන නිසයි, හොඳ දේවල් වල නිරත උන නිසයි තමයි තෙරුවන් සරණගිය, පින් රැස්කරගත්තු ශ්‍රාවක පිරිස සුගතියේ (දිව්‍ය/බ්‍රහ්ම ලෝකවල) ඉපදුනේ / ඉපදෙන්නේ. අනික් අය ඉතින් පහලට පහලට තමයි... නිරය / පෙරේත / තිරිසන් ලෝකවලට!! දැන් මොනවා හරි දෙයක් අපි උඩට උස්සල අතහැරියොත් ආයේ බිමටම වැටෙනවා නේ. උඩ අතට බලයක් දීගනම ඉන්නකම් උස්සල තියාගත්ත හැකියි! අතහැරුණු ගමන් බිම. පින් තියනකම් මෙහෙම ඉන්න හැකියි!! ඉවර වෙච්ච ගමන් ඩොකොස්... බිම! gas බැලුම් වගේ නම් උඩ යනවා තමයි. ඒකත් gas තියනකම් විතරයි. උඩට ගිහින් පුපුරලා gas ටික ගියාම ආයේ බිම. කොච්චර බලපුළුවන්කාර කම් දැම්මත්, පුම්බගෙන, පුප්පගෙන උන්නත් 'හුලන් ගියපු ගමන්' කරපු දේවල් වලට කන්න පටන්ගන්න වෙනවා. ණිවන්දකින කන්ම ඔහොමයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me kalin wathawaka wena thread ekaka daapu thawath post ekak...

    සිංහල, දෙමල, මුස්ලිම් වගේ ඕනෙම ජාතියකට අයත්,
    බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වගේ ඕනෙම ආගමක් අදහන, ඕනෙම කෙනෙකුට...
    දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, father කෙනෙකුට, sister කෙනෙකුට, නැත්නම් පාප් වහන්සේටම උනත්,
    වෙන කාගේවත්ම උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක් නැතුව,
    තම තමන්ගේම හිත් දියුණුකරගෙන, පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව උපද්දව ගත්තොත් දකින්න පුළුවන්...
    තමන් කොච්චර කෝටි, ප්‍රකෝටි වාර ගණනක් හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    දෙවියන් අතරත්, මනුස්සයන් අතරත්, වෙන වෙන සතුන් හැටියටත්, ඉපදිච්ච වාර ගණන අනන්තයි!!
    අපි රජවෙලත් ඉඳල තියනවා, මහනවෙලත් ඉඳල තියනවා, තියන තරම් ආගම් ජාති හැම එකක්ම අදහලා, යාග හෝම, පුද පූජා හැම එකක්මත් කරලා තියනවා!
    කොටින්ම කියනවනම් මේ හැමෝම තනි තනියෙන් ඇවිල්ල තියෙන්නේ පටන් ගත්තු තැනක් හොයන්න බැරි තරම් දිග ගමනක්!
    යන්නන් වාලේ ගියොත්, ඉස්සරහට යන්න තියෙන්නෙත් ඒවගේම ගමනක්!!
    බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!!
    මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!!
    ඒක නිසා මෙතනට challenges, තර්ක විතර්ක, වාද විවාද මොකවත් වැඩක් නැහැ!
    බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කල්ප කාලාන්තරයකට සැරයක් පින්, කුසල් අනන්ත ප්‍රමාණයක් රැස් කරගෙන, ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ලෝකයේ ඉපදෙන සුවිශේෂ පුද්ගලයෙක්! උන්වහන්සේලා පිරූ පාරමිතා බලයෙන් සියලු බාධක බිඳගෙන මේ නැවත නැවත උපදින ස්වභාවයට හේතුව සොයාගෙන, ඒ හේතුව නැතිකරගෙන, සසර ගමනින් (ඉපදෙන මැරෙන බවින්) නිදහස් වෙනවා! උන්වහන්සේලා අනෙක් සියලු දෙවි, මිනිසුන් හටත් මේ කෙළවරක් නැති සංසාර ගමන ගැන කියල දෙනවා... නිදහස් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොනවද කියන හැමදේමත් කියල දෙනවා!!
    ඉතින් මේ එක එක්කෙනාගේ පිස්සු කතන්දර, 'මෝඩ චූන්' වැඩක් නැහැ! මොලේ කල්පනා කරලා, හිතල යමක් කරගන්න පුළුවන් මනුස්ස ආත්මයක් ලබපු මේ වාසනාවන්ත වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න අවස්ථාවක් ලැබිල තියන වෙලාවේ, අහල බලල, නුවණ පාවිච්චි කරලා, ප්‍රයෝජනයක් ගන්න බලන්න... වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි, තම තමන් වෙනුවෙන්!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රශ්නයකට උත්තර දෙන්න කියල ඇවිල්ල හතරවටේම තියන කතා ඔක්කොගෙන්ම ටික ටික හරි කිව්වා නේද? එහෙම කලේ මොකවත්ම නොදන්නා උදවියත් ගොඩක් ඉන්න හන්දයි. සමහරුන්ට මාත් එක්ක මල පැනලත් ඇති... ඔය ලස්සන ලස්සන comments හිට දීල තිබුනේ... අවුලක් නැහැ. මටනම් බැන්නත්, හොඳ කිව්වත් දෙකම එකයි. ඔයාල හැමෝම නොදන්නා දේවල් දැනගන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්න... එච්චරයි! හුඟක් ආගම්, ඇදහීම් හරිම ගුප්ත, වහල තියන කතන්දර. ඒවායේ ප්‍රශ්නකරන්න අයිතියක් වත් නැහැ. 'මෙන්න මේකයි කතාව... ඒක එහෙම්මම පිලිගනින්!!' කියල මිනිස්සුන්ගේ ඔළුගෙඩි වලට ඔබල තියනවා... ඒ අනුව ඔහේ යන්නන් වාලේ යන්න මිනිස්සුන්ව හැඩගැස්වල තියනවා... එච්චරයි! නිකම් හරියට කළුවර මුල්ලක් රෙද්දක් දාල වහල කිට්ටුවටවත් යන්නේ නැතුව මෙහායින් ඉඳන් වැඳගෙන ඉන්නවා වගේ වැඩක් ඒවායේ කෙරෙන්නේ. බුදුහාමුදුරුවෝ කලේ ඔය අඳුරු අහුමුලු සේරම එලියකරලා ලෝකයට විවෘත කරලා පෙන්වනවා වගේ දෙයක්. උන්වහන්සේ කරුණු කාරණා සේරම කියාදීල, බය සැක සේරම නැතිකරලා, අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු මනුස්සයන්ගේ සිත් සතන් ආලෝකමත් කළා. මේ භෞතික ලෝකයට තියන එලිය සූර්යයා වගේම මනුස්සයන්ගේ චිත්ත දියුණුවට උපකාරවෙන 'බුද්ධියේ හිරුකිරණ' තමයි බුදුරජාණන්වහන්සේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් මේ විස්තර කිව්වා කියල කාටවත් මලපනින්න හේතුවකුත් නැහැ ඇත්තටම නම්. ඉස්සරත් බුදුන්වහන්සේම ධර්මය කියාදෙනකොටත්, කියනකොටම ඒවා ඒ විදියටම පිළිගන්න සුදානම් නැති මිනිස්සු ඕනේ තරම් ඉඳල තියනවා. එත් ඒ උදවිය බුද්ධිමත්, කල්පනා කිරීමේ හැකියාවෙන් යුතු මිනිස්සු නිසා කියපු දේ තේරුම් අරන් තියනවා. තේරුනාට පස්සේ ඒ උදවිය තම තමන්ගේ පැහැදීම බුදුන්වහන්සේට ප්‍රකාශකලේ, "ස්වාමිනි, ආශ්චර්යයි!! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි...! වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්වූව වගෙයි...! මුනින් නවල තිබිච්ච දෙයක් උඩුකුරු කළා වගෙයි...!" කියලයි. ඉතින් අන්‍ය ආගමික, වෙන වෙන ජාතිවල උදවිය කියල දැනටත් වෙනසක් නැහැ. එකම අවුල ඒ දවස්වල හිටිය මිනිස්සු තරම් බුද්ධිමත්, නිහතමානී අය නෙවෙයි දැන් ඉන්න ගොඩක් අය. ඉතින් මොට්ට මෝල් විදියටම වැඩකරන එක අඩුකරලා නිහතමානීව අහල, කියවල කරුණු දැනගෙන කල්පනා කරකර බලල හොඳට තේරුම් ගන්නවා නම් කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි! (වෙන මොකක් නැතත් නහුතෙට තදවෙන එක, මල පනින එකවත් අඩුවෙයි) අන්තිමේ හැමෝටම ඇත්තට මුහුණදෙන්න සිද්ධවෙන දවසක් එනවා! එදාට තමන් මේවා මොකවත්ම නොදැන හිටියොත් බොහොම දුක්වෙන්න වෙයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් අර kapugedara උන්නැහැගේ යාළුවගේ, 'මිනිස්සු මැරි මැරී උපදිනවානම් ජනගහනය වැඩිවෙන්නේ කොහොමද' කියන ප්‍රශ්නයට උත්තරය මේකයි. මේ ලෝකයට පහලින් තව ඒවා 4 ක් සහ උඩින් ලෝක 26 ක්ම තියන බව දැක්කනේ... උඩ ඒවාට යන්න ගොඩාක් පින් ඕනේ වෙනවා. ඒ තරමට මිනිස්සුන්ට පින් රැස්වෙන්නේ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ධර්මය දේශනා කරද්දී, දෙව් මිනිස් ලෝකවල ධර්මය බබලන කාලෙට තමයි!!! එතකොට අපාය හිස්වෙනවා දිව්‍යලෝක පිරෙනවා! හරියට සූර්යාලෝකය වැටිලා පොලව රත්වෙද්දි ජලය වාෂ්ප වෙවී උඩට උඩට යනවා වගේ. දැන් දෙවි මිනිසුන්ට උපකාර කරන්න බුදුරජාණන්වහන්සේ ලෝකයේ නැහැ... ධර්මය විතරයි චුට්ටක් චුට්ටක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. හොර සංඝයෝයි, හොර උපාසකයෝයි, මෝඩ මිනිස්සුයි ඒ තියන ටිකත් වළඳනවා! ඉතින් ධර්මය බබළන්නේ නැති නිසා මිනිස්සු කළුවරේ... පින් කුසල් වලින් ඈත්වෙලා, බුද්ධ දේශනා පැත්තකට දාල, තමන්ට හිතෙන හිතෙන මගුල් කර කර ඉන්නකොට දන්නෙම නැතුව අඩියෙන් අඩිය රූටල වැටෙන්නේ අපායටයි. ඉතින් දැන් ධර්මය විශ්වාස කරන, හිස්මුදුනින්ම පිළිගන්න සීමිත පිරිසක් අතරේ විතරක් ධර්මය ටිකක් විතර බැබලුනාට, දිව්‍යලෝක පුරවන්න ඒක ප්‍රමාණවත් නැහැ! දැන් දිව්‍යලෝක හිස්වෙන අපාය පිරෙන කාලේ!!! ඉතින් කොහොමද ලෝක 26 ක සෙනග මේකට set වෙනකොට?? දැන් මේ මනුස්ස ජනගහනය වැඩිවෙනවා වගේ පෙනෙන්නේ මෙහෙ ඉඳල මැරෙන මැරෙන එවුන් ආයේ මනුස්සයෝ හැටියටම ඉපදිලා නෙවෙයි. මෙහෙ දැන් ඉන්න හුඟක් උන් ඊළඟට සත්තු, පෙරේතයෝ, නිරිසත්තු හැටියට තමයි උපදින්නේ... දැන් මිනිස්සු හැටියට උපදින්නේ උඩ ඉඳල පහලට බැහැගන බැහැගන එන අලුත් ඇත්තෝ!!! තේරුණයි???
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    macho, hitu kiyala bump kalaata wadak wenne naha! mewage aththa kathakarana, wadagath yamak thiyana, threads walata porawalge attention eka hambawenawa harima aduyi. that's by nature! kaage hari hut--- gana wage mokak hari kunuhabbayak, wadakata nathi wal pal monawahari gana thread ekak kalaa nam eka 'hit' weyi nikanma...

    meka mama daanne palak prayojanayak ganna seemitha pirisak, mole thiyana ewun tikak, balala wadak ganeewi kiyalaa adahasin witharayi. dan ape hobbies mewage dewal thamayi. hitapalla mama dennam oya janagahana prashnayatath atti neweyi gaspitin halenna uththaraya.
    :D
    :yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ithin me thread ekata basse prashnayakata uththarayak denna. dan deela iwarayi. ithin matanam thawath methana tak gahi gahi karanna deyak naha!! eth me thread eka uda paawena ekak neweyi! sutus gaala gilila, nopenee yana ekak! penna thibunoth thawath aya balala wadak ganna idath thiyanawa. eka handa me illeema EK eke lokkanta. PULUWAN NAM MEKA STICKY THREAD EKAK KARANNA! mata danaganna labunu widiyata meke lokkoth Dharmayata kamathi udawiya neweyi... eka handa mata mokuth kiyannath mokadda mokadda wageyi... eth meka anun wenuwen keruwa, wadagath kamak thiyana, deyak nisa hithala balanna.
    Thanks!
    (honda kiyapu, +reps deepu hamotamath ekka)
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉතින් අර kapugedara උන්නැහැගේ යාළුවගේ, 'මිනිස්සු මැරි මැරී උපදිනවානම් ජනගහනය වැඩිවෙන්නේ කොහොමද' කියන ප්‍රශ්නයට උත්තරය මේකයි. මේ ලෝකයට පහලින් තව ඒවා 4 ක් සහ උඩින් ලෝක 26 ක්ම තියන බව දැක්කනේ... උඩ ඒවාට යන්න ගොඩාක් පින් ඕනේ වෙනවා. ඒ තරමට මිනිස්සුන්ට පින් රැස්වෙන්නේ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ධර්මය දේශනා කරද්දී, දෙව් මිනිස් ලෝකවල ධර්මය බබලන කාලෙට තමයි!!! එතකොට අපාය හිස්වෙනවා දිව්‍යලෝක පිරෙනවා! හරියට සූර්යාලෝකය වැටිලා පොලව රත්වෙද්දි ජලය වාෂ්ප වෙවී උඩට උඩට යනවා වගේ. දැන් දෙවි මිනිසුන්ට උපකාර කරන්න බුදුරජාණන්වහන්සේ ලෝකයේ නැහැ... ධර්මය විතරයි චුට්ටක් චුට්ටක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. හොර සංඝයෝයි, හොර උපාසකයෝයි, මෝඩ මිනිස්සුයි ඒ තියන ටිකත් වළඳනවා! ඉතින් ධර්මය බබළන්නේ නැති නිසා මිනිස්සු කළුවරේ... පින් කුසල් වලින් ඈත්වෙලා, බුද්ධ දේශනා පැත්තකට දාල, තමන්ට හිතෙන හිතෙන මගුල් කර කර ඉන්නකොට දන්නෙම නැතුව අඩියෙන් අඩිය රූටල වැටෙන්නේ අපායටයි. ඉතින් දැන් ධර්මය විශ්වාස කරන, හිස්මුදුනින්ම පිළිගන්න සීමිත පිරිසක් අතරේ විතරක් ධර්මය ටිකක් විතර බැබලුනාට, දිව්‍යලෝක පුරවන්න ඒක ප්‍රමාණවත් නැහැ! දැන් දිව්‍යලෝක හිස්වෙන අපාය පිරෙන කාලේ!!! ඉතින් කොහොමද ලෝක 26 ක සෙනග මේකට set වෙනකොට?? දැන් මේ මනුස්ස ජනගහනය වැඩිවෙනවා වගේ පෙනෙන්නේ මෙහෙ ඉඳල මැරෙන මැරෙන එවුන් ආයේ මනුස්සයෝ හැටියටම ඉපදිලා නෙවෙයි. මෙහෙ දැන් ඉන්න හුඟක් උන් ඊළඟට සත්තු, පෙරේතයෝ, නිරිසත්තු හැටියට තමයි උපදින්නේ... දැන් මිනිස්සු හැටියට උපදින්නේ උඩ ඉඳල පහලට බැහැගන බැහැගන එන අලුත් ඇත්තෝ!!! තේරුණයි???

    හ්ම් හ්ම් . මම අහගෙන හමුදුරෝවොත් බණට කිව්වා . ලෝකයේ කාලයක් එනවා දෙවිවරුන්ගේ බැල්ම අශිවාදය ලෝකෙට ලැබෙන . පින් කරපු පින් රැස්කරන අයගේ පින් පලදෙන කලේ තමයි එක . එතකොට තමයි බුදුවරයෙක් පහලවෙලා මේක තවත් එලිය කරලා තව තවත් මිනිස්සු පිනට දහමට යොමු වෙලා ඔය කියන ඉහල තත්ත්ව වලට ගමන් කරන්නේ . හැබැයි එක හැමදාම නැහැ . මුලුගන්විල ඉන්න මරය තමන්ගේ සේනාවත් එක්ක මේ ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න කාලෙකුත් එනවා . මේ කාලෙට ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඔය යස අගේට දමිත් පැහැදිලි කරලා තියන්නේ . දැන් අපි මේ ඉන්නෙත් ඒ කාලෙට අහුවෙලා තමයි . හිතනේවත් නැති විදිහේ වෙස්වලාගෙන මර සේනාව තමන්ගේ බලයට ලෝකේ අතුකරගෙන ඉන්නේ . වටිනා මැණික් පොලව යට හැංගිලා තියනවා වගේ . කලතුරින් හරි දර්මය අහන්න ලැබෙන්නේ . හැබැයි ඉතින් ඔය මැණිකක් අහුලලා හරියට ඔපමට්ටම් කරගත්තොත් ජීවිතේම ගොඩ තමයි . හැබැයි ඇත හැරුනොත් ඕව පස්වලට වැහිලා හියොත් මැණික් කියන්නේ මොනාද කියලවත් එහෙම දෙයක් මේ ලෝකේ තියනවද කියලවත් අපි දන්නේ නැති වෙයි . හැමතැනම තියන්නේ පස් කළුගල් මහමුහුද විතරක්නම් . කොහෙන් කියල අපි මැණික් ගැන දැනගන්නද ?
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    බොහොම හොඳ thread එකක්...

    මම බෞද්ධයෙක් උනාට බුදු දහම ගැන ගැඹුරු අවබෝධයක් නම් නැහැ....

    බුදු දහම හරියට ඉගෙන ගන්න කවදහරි මටත් ඇත්තටම ආසාවක් ඇති වෙයි....

    :yes: