...ekek maara prashnayak ahuvane Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයේ kapugedara කියල කෙනෙක් මේ නමින් thread එකක් කරන්න අරන් තිබුන... දන්න කියන එකෙක් මටත් ඒ thread එක ගැන කියල තිබුන නිසා මාත් ඇවිත් බැලුව. බැලුවම මගේ නම දාල ela-eluwa මාවත් ඒකට ගාවල තිබුන වේලපහින්ම... ඉතින් මාත් යමක් ලියන්න ඕනේ කියල ගත්තා... ඒත් පස්සේ බලනකොට 'ලොක්කෙක්' ඒ thread එක close කරලා... ලියපු ටිකත් නොදා මම ගිහින් නිදාගත්තා. හැබැයි මේක ඇත්තට වැදගත් දෙයක් කතාකරන්න හොඳ අවස්ථාවක්... ඒ හන්ද මම හිතුව ඒ වහපු thread එක ආයේ continue කරන්න... wire මාරුවෙච්ච upset ජෝකියෝ off-topic posts දැම්මොත් ඒවා විතරක් delete කරන්න, thread එකට කෙලින්න එපා කියල ලොක්කලගෙන් ඉල්ලමින් ඔන්න එහෙනම් මම වැඩේ පටාන් ගන්නවා!

    මේකේ කතාවෙන මාතෘකාව නම් වරදක් නැහැ! ප්‍රශ්නයක්ය කියල ඔය බදාගෙන ඉන්න එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි! ඔය ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා. ඇත්තටම කියනවා නම් ඔයවගේ montessori ප්‍රශ්න නෙවෙයි ඔයිට වඩා බොහොම serious, BSC/MSC level ප්‍රශ්න වලටත් බුද්ධ දේශනාවල නිවැරදි, නිරවුල්, පැහැදිලි පිළිතුරු තියනවා. වැඩේ තියෙන්නේ මේවයේ ඉන්න බෞද්ධ කියල කියන එවුන්ගෙනුත් හුඟදෙනෙක් ඒවා හරියට ඉගෙන ගෙන, තේරුම් අරගෙන නැති එකයි. හුඟක් එවුන් බුද්ධ දේශනා කියල අහල තියෙන්නෙත් එක එක පිස්සන්ගේ (අඳින ඇඳුම අදාළ නැහැ!) කතන්දර. ඔය කතාවක් කියල තිබුනේ 'බුද්ධාගමේ දේව සංකල්පයක් නැහැ...' මොකද්ද කියලත්. සමහරු නිකම් තමන්ට හිතෙන හිතෙන විකාර කියවනවා. හුඟක් එවුන් එක්ක ඇත්තටම කතාකරන්නවත් හිතෙන්නේ නැහැ! වැඩිහරියක් ඉන්නේ මොන මගුලක්වත් හරියට නොදන්න, ඒත් මම දන්නවා, මන් තමයි ලොක්ක size එකෙන් ඉන්න, මාන්නය උද්ධච්ච කම හන්ද කියන කිසිම දෙයක් නොඅහන මොට්ට පොරවල්. ඔතනයි අවුල!! අහිංසක, නිහතමානී, තැන්පත් ගතිගුණ තියනවනම් කොයි ආගමකට අයිති පවුලක ඉපදුන කෙනෙක් උනත් කමක් නැහැ!! ඇත්ත පහදලා දීල, නිවැරදිව කල්පනාකරන්න කියල දීල මානසික දියුණුවක් ඇතිකරගෙන ඉහලට ඉහලට යන්න, ලබපු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උදව් කරන්න තිබුන. ඒත් මේවා බලනකොට නම් පේන්නේ එහෙම කියනදෙයක් අහන, නිහතමානී එවුන් නැතිබව තමයි. කමක් නැහැ, වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න කරුණු ටිකක් කියන්නම්.

    ඔය නැවත නැවත උපදිනවා කියන එක ඇත්තද? නැත්නම් මෙතැනින්ම ඉවරද? සත්තු වෙලත් උපදිනවද? කියල වගේ ප්‍රශ්න තියන උදවියට කියන්න තියෙන්නේ, මේ හැමෝම එහෙම මැරි මැරී ඉපදී ඉපදී ආව පිරිසක් තමයි! එහෙම එන ගමන පටන්ගත්තු දවසක් හොයන්නවත් බැහැ, එතරම් දීර්ඝ කාලයක ඉඳලයි එන්නේ!! ඊළඟට ඕනෙම කූඹියෙක් ගත්තොත් එයත් යම්දවසක රජකෙනෙක් හැටියට රටක් රාජ්‍යයක් පාලනය කරලා තියනවා! මේ ඕනෙම කෙනෙක් හරක්, ඌරෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතුකලොත් සතරමහා සාගර ජලකඳට වඩා වැඩියි! ප්‍රියයන්ගෙන් වෙන්වෙලා, අප්‍රිය අය සමග එක්වෙන්න වෙලා, කැමතිදේ නොලැබීමේ දුක හන්ද අඬපු වෙලාවල ගලපු කඳුළු එකතුකලත් සාගර ජලයට වඩා වැඩියි!! වැඩේ තියෙන්නේ ඕක විශ්වාස නැතිකම නේ... ඉතින් ඕක වෙන වෙන අයගෙන් අහල හරියන්නේ නැහැ!!! තමන්ම බලන්න තමන් කොච්චර කාලයක් තිස්සේ එක එක ජාතියේ සත්තු හැටියට, මිනිස්සු, දෙවියෝ හැටියට ඉපදී ඉපදී මැරී මැරී ඇවිත්ද මේ මේපාර මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ කියල...

    මෙන්න මෙහෙමයි කරන්නේ... මුලින් තමන්ගේ හිත වැඩක්ගන්න පුළුවන් ආකාරයට දියුනුකරගන්න ඕනේ. ඒකට කියනවා හිත කර්මණ්‍ය කරගන්නවා කියල. තමාට හුස්ම වැටෙන එක අරමුනුකරන් ටිකෙන් ටික පුහුණු වීමෙන් ඒ ඉලක්කයට යන්න පුළුවන්. ඊළඟට හිත දියුණුවේගන දියුණුවේගන එද්දී, පියවරෙන් පියවර පලවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, සතරවෙනි ධ්‍යානය කියන මට්ටම් වලට තමන්ටම යන්න පුළුවන්. ඊළඟට ඔය දියුනුකරගත්තු හිතට පුළුවන් පුබ්බේනිවාසානුස්සති ඥානය, පෙර විසු කඳ පිළිවෙල දකින නුවන කියන හැකියාව දියුනුකරගන්න. ඊටපස්සේ ඉතින් film එකක් බලනවා වගේ තමයි... මම අහවල් කාලේ හිටියේ කොහෙද? මොකෙක් හැටියටද කියල හිතනකොට ඒ කාලයේ කතන්දර සේරම පෙනෙන්න ගන්නවා... සීමාවක් නැහැ ඕනේ තරම් දුරට බලන්න පුළුවන්. මේක මේ forum වල ඉන්න උදවියගේ පොදු භාෂාවෙන් කිව්වොත් ඕනෙම හම්බයෙකුටත් මේවිදියටම බලන්න පුළුවන්. අල්ලවත් වෙන මොකෙක්වත් මවල නෙවෙයි... brake නැති වාහනයක් වගේ මේ නවත්තගන්න බැරුව යන සංසාර ගමන එක එක්කෙනාට තනි තනියෙන් කන්න වෙලා තියන 'මාර පරිප්පුවක්' බව එතකොට තේරෙයි!! එහෙම්මම අනාගතය සම්බන්ධව මොලේ චුට්ටක් පවිච්චිකලොත් තේරෙයි, මලා... මේ ජීවිතයෙන් පස්සෙත් වෙන්නේ ඕකම නේද කියල. ඒත් තමන්ගේ ගමන නවත්වගන්න එක කරන්න ඕනේ තමන්මයි!! නැත්නම් කලින් ආව වගේම (කවදාහරි දවසක 'brake ගහල' නවත්වගන්න තාක් කල්) ඉපදී ඉපදී මැරී මැරී යන්න වෙනවා. ඕක තමයි මූලික ප්‍රශ්නයට උත්තරය හැටියට දෙන්න තියෙන්නේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කතාව පැහැදිලි ලෙසම තිබුණු බුද්ධ දේශනාවේ කියවෙන්නේ තනි තනියෙන් වනාන්තර ගතවෙලා භාවනානුයෝගීව කල්ගතකල 30 දෙනෙකුගෙන් යුතු පිරිසක් සම්බන්ධවයි. එකෙක් දෙන්නෙක් කියපු කතාවක් නම් 'මුන් මේ කතාවෙලා ගහපු බයිලයක් වෙන්න ඇති' කියල පැත්තකට දාන්නත් තිබුනානේ... මෙතන එහෙම කරන්න බැහැ! කල්පනාකරන්න පුළුවන්, මොලයක් තියන කෙනෙකුට නම් නොකර සද්ද පිලිගන්නම වෙනවා. දැනුත් අපි අතරේ ඉන්න උදවිය එක එක විදියයි නේ... සමහරු ඉවරයක් නැතුව පිස්සු කෙලිනවා... සමහරු නිකම් ගල්බමුනෝ වගෙත් ඉන්නවා (වැඩිය කතාබහත් නැති silence කට්ටිය). ඒවගේ උදවියට දෙය්යෝ/බුදුන් මොකවත්ම නොදැනත්, සිංහල වත් දන්නේ නැතත් නිකම් අමුතු තැනකට ඇවිත් ඉන්නවා... මේ කලින් හිටිය දිහාව නෙවෙයි... කියල වගේ පෙර ආත්ම සම්බන්ධ දේවල් සිහිකරන්න ඉබේම ලැබෙන හැකියාවත් ඔයවගේ වෙන්න හේතුවෙනවා. තමන්ට එහෙම කලින් ජීවිත ගැන මතක නැති නිසා, කාටවත් එහෙම පෙර ආත්ම ගැන කියන්න බැහැ කියල තීරණය කරන නැත්නම් පෙර ආත්ම කතාවක් නැහැ! ආයේ ඉපදෙන්නෙත් නැහැ! කියල ගොන් තර්ක දාන මොට්ට පොරවල් තොග ගණනේ මෙහෙ හිටියට සුද්දෝ ඔය කෑලි අල්ලාගෙන පෙර ජීවිත කතා සම්බන්ධකරලා films හිටන් හදනවා/හදල තියනවා. ඉතින් ඇත්තටම කතාව වෙන්න ඕනේ මේවිදියටයි. අපේ ඇස්වලට නොපෙනෙන, කන්වලට නොඇසෙන දේවල් ගොඩාක් තියනවා. අපි ඇස්වලින්ම දැකල, කන්වලින් අහල, අල්ලලා බලල ඇත්ත නැත්ත දැනගන්න හිතුවට එහෙම කරන්න බැරි ගොඩාක් දේවල් තියනවා. දැන් තමන්ගේ ලෙඩකට අමාරුවකට බෙහෙත්ගන්න දොස්තර කෙනෙක් ගාවට යන්නත් ඒ දොස්තර ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ නේ? ආයේ ඔය කේන්දර බලන සාස්තර කියන වගේ දෙයක් ගැන හිතුවත් මාර විශ්වාසයකින් නේ ඒ ඒ උදවිය පස්සේ යන්නේ. එහෙම විශ්වාසයක් නොතිබුනා නම් ඒ අයගෙන් උපදෙස් අරන්, පිළියම් පිළිපැදල තමන්ගේ ප්‍රශ්නය විසඳගන්න ලැබෙනවද? නැහැ නේද?? ඔන්න ඔය විදියමයි මෙතන මේ සංසාර ගමන කතන්දරයේදීත් වෙන්න ඕනේ!!

    සන්සාරගමන පිලිබඳ කතාන්දරය, ඒකට ගොදුරුවෙලා අන්ත අසරණ භාවයට පත්වෙලා ඉන්න අපේ ජීවිතවල ඇත්ත කතාන්දරය ලෝකෙට හෙළිකරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! එහෙම හෙළිකරන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වය උදෙසාම කැපවෙලා, ඒ වෙනුවෙන් සම්පූර්ණ කලයුතු පාරමිතා සම්පූර්ණ කරලා, දාන, සීල, භාවනා සේරම උපරිමයෙන්ම කරලා උපද්දවගන්න පින් බලයෙන් ලැබෙන දසබල ඥාන වගේ බුදුකෙනෙකුට පමණක්ම ලැබෙන සුවිශේෂ හැකියාවල් තුලින්. එහෙම හැකියාවල් මේ සාමාන්‍ය මනුස්සයන්ට වත්, ඔය සර්ව බලධාරීය කියල හිතාගෙන ඉන්න කාටවත් ඇත්තේ නැහැ!! ඒ හැකියාවල් ඒ විදියටම තියනවා නම් ඒ තවත් බුදුකෙනෙකුටම විතරයි!! ඉතින් බුදුවරු අපට පෙන්වල දෙන්නේ අපි හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්නයක් නම් විසඳගන්න ඕනේ! ඒ ඇරෙන්න එක එක්කෙනත් එක්ක වාදකරන්න, ආ... මම දන්නවා, මම තමයි වැඩකාරයා කියල පෙන්නන්න ඒක යොදාගන්න බැහැනේ... එහෙම නේද? ඉතින් තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියල දැනගන්න ලැබෙන්නෙත් ඒ ගැන කියන කෙනාව, බුදුන්වහන්සේව විශ්වාසකරලා, උන්වහන්සේ කියලා දීපු ඒවා පිළිඅරගෙන කල්පනා කර කර බැලුවොත් විතරයි. ඒකට choices මොකවත්ම නැහැ! තමන්ට අනිවාර්යයෙන්ම බුදුන්වහන්සේව විශ්වාසවිය යුතුමයි!! ඒකයි 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති' කියල කියා දීල තියෙන්නේ. විශ්වාස නැත්නම් කියනදේ අහන්නෙත් නැහැ, එහෙම ඇහුවේ නැතිඋනාම මොකවත් දැනගන්න ලැබෙන්නෙත් නැහැ!! ඉතින් මැට්ටෙක් හැටියට තම තමන්ගේ මැටි මොළ වලට එන එන අදහස් අනුව විකාර, මනස්ගාත කියව කියවා ඉඳල මැරිලා යන්න වෙනවා. එච්චරයි!!! නමුත් බුදුන්වහන්සේව පිළිගන්න නිහතමානී කීකරු කෙනා උන්වහන්සේ වදාළ දේවල් ඉගෙන අරන් කල්පනා කරකර බලල තේරුම් ගන්නවා තමන්ගේ ප්‍රශ්නය ගැන. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නය ගැන විතරක් නෙවෙයි එලිකරලා තියෙන්නේ... ප්‍රශ්නයට හේතු, ඒ හේතු නැතිකරන හැටි, එහෙම කරලා ප්‍රශ්නය විසඳගන්න හැටි සේරම කියල දීල තියනවා. තමන් ඒවා ඒ කියපු විදියටම කරලා, තම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඕනේ. ඔන්න ඕකයි පාර.

    ඉතින් අර භාවනානුයෝගීව හිටපු පිරිස මේ එක පවුලක කට්ටියක්... කතාවෙලා එකට වනගතවෙච්ච යාලුවෝ පිරිසක් කියල මොකුත්ම නැහැ. එයාල බෞද්ධ කියල සඳහනකුත් නැහැ! ඒ උදවිය වෙනවෙනම, තනි තනියෙන් එක එක හේතු උඩ වනගත ජීවිතයට යොමුවෙලා භාවනාවේ යෙදිච්ච පිරිසක්. හැබැයි කරනදේ හරියට කරපු පිරිසක්!! ඒ කියන්නේ බොරුකරලා නැහැ, ඇත්තටම භාවනාකරලා බොහොම චිත්ත දියුණුවක් ඇතිකරගෙන හිටිය සාමාන්‍ය භික්ෂු පිරිසක් විතරයි. ඒ උදවිය බුදුන්වහන්සේව මුණගැහෙන්න පැමිණුනාම බුදුන්වහන්සේ එකපාරම බණ කියලත් නැහැ... බුදුරජාණන්වහන්සේට තියන අනුන්ගේ හිත්දැකීමේ හැකියාවෙන් ඒ භික්ෂු පිරිසගේ හැකියාව දැකල, 'මේ පිරිසට මේ ඉන්න ආකාරයෙන්ම ඉඳන් අරහත්වයට පත්වෙන්න ධර්මයක් දේශනාකරන්න ඕනේ' කියල තමයි බුදුන්වහන්සේ එයාලට කතාකරන්න පටන් අරන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ එක දෙයයි! උන්වහන්සේ ඒ උදවියට කියල තියනවා තමතමන්ගේ පෙර ජීවිත සිහිකරන්න කියල... ඉතින් ඒ අය වෙන වෙනම තම තමන්ගේ අතීත ජීවිත සිහිකර කර ගිහිල්ල. අන්තිමට හරකෙක් වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය සිහිකරන්න කියල ඒ ලේ ප්‍රමාණයද සාගරයේ ජලයද වඩා වැඩි කියල ඇහුවම හැමෝගෙම උත්තරය එකයි!!! 'අනේ භාග්‍යවතුන්වහන්ස ඒ ගලාගිය ලේ ප්‍රමාණයත් එක්ක බැලුවම සාගර ජලය පොඩ්ඩයි' කිව්වලු!! ආයේ එළුවෝ, ඌරෝ, කුකුල්ලු වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය ගැන ඇහුවමත් ඒත් අර උත්තරයමයි! 'සාගර ජලය පොඩ්ඩයි...' කිව්වලු. ඔයවගේ ගොඩාක් උදාහරණ දීල තියනවා. ඉතින් ඔබත් කල්පනා කරන්න පුළුවන් නිරවුල් මනසක්, බුද්ධියක් තියන කෙනෙක් නම් හිතාගන්න පුළුවන් නේද අපි එක එක්කෙනාට අතීතයේදී වෙලා තියන දේ?? නිකම් කකා බිබී jolly කර කර ඉස්සරහට ගියත් ආයෙත් වෙන්නේ එහෙමම තමයි!! පස්සේ බුදුන්වහන්සේ ඒ භික්ෂුන්ට 'ඔබලා දන්නවද මෙතරම් දුක්කන්දරාවක් විඳින්න උනේ ඇයි' කියල අහල, ඒකට හේතුත් එම හේතු නැතිවන ආකාරයත් තෝරලා දෙනකොටම ඒ පිරිස එතනම අරහත්වයට පත්වෙලා තියනවා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මේ ඕනෙම කෙනෙක් හරක්, ඌරෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතුකලොත් සතරමහා සාගර ජලකඳට වඩා වැඩියි! ප්‍රියයන්ගෙන් වෙන්වෙලා, අප්‍රිය අය සමග එක්වෙන්න වෙලා, කැමතිදේ නොලැබීමේ දුක හන්ද අඬපු වෙලාවල ගලපු කඳුළු එකතුකලත් සාගර ජලයට වඩා වැඩියි!!

    මමත් මේක කතාව අහලා තියෙනවා....මට මතක හැටියට මේක ඇතුළත් වෙන්නෙ ඛජ්ජනීය සූත්‍රයේද කොහෙද..:baffled:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ගින්දර බ්‍රදර් නියමයි එළකිරියේ ආගමික අංශය ගල් ඇරබික් හම්බ පරම්පරාව ආක්‍රමණය කරලා තියෙනබව දැකල හ‍රි කණගාටු හිතුනා ඔබට පින් මේ සියල්ල කරනවට
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගින්දර බ්‍රදර් නියමයි එළකිරියේ ආගමික අංශය ගල් ඇරබික් හම්බ පරම්පරාව ආක්‍රමණය කරලා තියෙනබව දැකල හ‍රි කණගාටු හිතුනා ඔබට පින් මේ සියල්ල කරනවට



    රිලිජස් සෙක්ෂන් එක පොඩ්ඩක් හාරලා බලපන්...ඉස්සර අපි පට්ට ආතල් ගත්තෙ රිලිජස් සෙක්ෂන් එකේ....ඒ කාලෙ පකිස්ථානෙන් ආපු ඩයල් එකකුත් හිටියා...:D:D;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බම්ප්

    macho, hitu kiyala bump kalaata wadak wenne naha! mewage aththa kathakarana, wadagath yamak thiyana, threads walata porawalge attention eka hambawenawa harima aduyi. that's by nature! kaage hari hut--- gana wage mokak hari kunuhabbayak, wadakata nathi wal pal monawahari gana thread ekak kalaa nam eka 'hit' weyi nikanma...

    meka mama daanne palak prayojanayak ganna seemitha pirisak, mole thiyana ewun tikak, balala wadak ganeewi kiyalaa adahasin witharayi. dan ape hobbies mewage dewal thamayi. hitapalla mama dennam oya janagahana prashnayatath atti neweyi gaspitin halenna uththaraya.
    :D
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Well said bro. Mamath e thread eka dakka. damma kenatath buddhagama gana podi awabodayakwath nathi bawai penune. Anith gon replies dakkama othana reply karala kisima therumak nathi nisa mama reply kale na.
     
    Last edited:

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...
     

    Emin3m

    Member
    Oct 25, 2010
    26
    2
    0
    Heaven
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...

    :rolleyes::confused: :yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ගින්දර බ්‍රදර් නියමයි එළකිරියේ ආගමික අංශය ගල් ඇරබික් හම්බ පරම්පරාව ආක්‍රමණය කරලා තියෙනබව දැකල හ‍රි කණගාටු හිතුනා ඔබට පින් මේ සියල්ල කරනවට
    උබ පුත්තලමේද?:D:D උබේ පොස්ට් ඔක්කොම ටිකක් අමුතුයි.එලකිරියෙන් පන්නල දාපු fake නෙවෙයි කියල හිතනවා.මෙතන සෙල්ලම් දාන්න නම් දෙන්නේ නැහැ ;);)
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උබ පුත්තලමේද?:D:D උබේ පොස්ට් ඔක්කොම ටිකක් අමුතුයි.එලකිරියෙන් පන්නල දාපු fake නෙවෙයි කියල හිතනවා.මෙතන සෙල්ලම් දාන්න නම් දෙන්නේ නැහැ ;);)

    අම්මෝ ඩ්‍රීම්ස් අයියාට මල නැගලා...ඔන්න මමනං හැංගෙනෝ....:shocked::shocked: