මෙම ගල් වැටිය හඳුන්වනු ලබන්නේ රළ පාෂාණ (Stone Waves) ලෙසය. මෙය බොහෝ දුරට දර්ශණය වන්නේ උස මුහුදු රැළි ලෙසය. මීටර 15 ක් පමණ උසටත්, මීටර 110 ක් මපණ දිගටත්, විහිදී පැතිරී ඇති මෙම කළුගල් ප්රපාතය පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේය. මෙය ශේෂ වීමෙන් සෑදුනු ගල් ඵලකයක් වන අතර මෙහි වටකුරු හැඩය ඇතිවී ඇත්තේ කාළගුණයට අනුව හැඩගැසීමෙන් සහ ජලය ගලායාම හේතුවෙන් ඛාදනයට ලක්වීමෙන්ය. මෙම පාෂාණ වැටියෙහි පාදකොටස ඇතුලතට කපාදාමා ඇති ලෙස පිහිටා ඇති අතර ඉහල කොටස වටකුරු ලෙස ඉදිරියට නෙරා පිහිටා ඇත. අනාවරණය කරගෙන ඇති කරුණුවලට අනුව දැනට වසර 60,000,000 කට පමණ ඉහත මෙය සිදුවී ඇත. වැසි සහිත මාසයන්හි උල්පත් වලින් ආරම්භවන ජළ ධාරා ගල්වැටිය හරහා බිමට ගලාබසින විට පාෂාණයන්හි ඛනිජ දියවීමෙන් පාෂාණ රැළි විවිධ වර්ණයන්ගෙන් හැඩවේ. වසර 1960 දී කල කැනීම් වලදී හෙලිදරව් වූයේ ඕස්ට්‍රේලියාවේ ඇති පැරණිතම ගල් වැටි අතරින් එකක් වන මෙහි ගල්පතුරු වසර මිලියන 2,700ක තරම් ඈත අතීතයකට උරුමකම් කියන බවයි.


maru banz!!