බොහොම ස්තූතියි ඔයාගේ උපදෙස් වලට. මං නිර්මාණ සතියකට විතර එකක් දාන්නම්. මටත් හිතෙනවා ඒක හොඳයි කියලා මං අනිවාර්යයෙන්ම අනිත් අයගේ නිර්මාණ වලටත් comments දාලා තියෙනවා. ඉස්සරහටත් දානවා.
තව එකක්, මේ ලඟදි මට ඊ - මේල් එකකින් හරිම සංවේදී නිර්මාණයක් දෙවරක්ම ලැබුණා. මං ඒ නිර්මාණය දෙතුන් පාරක් කියෙව්වා. එය එතරම්ම සංවේදී නිර්මාණයක්. එය මට එවලා තිබුණේ මගේ විදේශ ගතව ඉන්න යාළුවො දෙන්නෙක්. ඇත්තටම හරිම සතුටක් ඇතිවුණා, ඒ නිර්මාණය කරලා තිබුණේ ඔයා. කල්පනාව නැති වූ තාත්තා කෙනෙක් ගැනයි ඒකෙ ලියවිලා තිබුණේ. ඇත්තටම විශිෂ්ඨයි.
ඔබට තෙරුවන් සරණයි.