Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මිත්‍රවරුණි,
    හුග කාලෙකට පස්සේ ටිකක් බැරෑරුම් ප්‍රශනයක් අරන් ආව. මේක මගේ ඥාති වෙන සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්. තාම සිංගල් එකෙක්. බැඳපු අපිටත් නැති ප්‍රශ්න මුන්ට තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ හැටියට උදව් කරන්න වටිනා නිසයි පොඩ්ඩක් වැඩේට enroll වුණේ. ඒත් මට නම් මේක විසදන්න අදහසක් එන්නෙම නෑ. දායක සභාවේ මගේ මිත්‍රයන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.

    ප්‍රශ්නය විස්තර ඇතුව මෙහෙමයි. ඔය කියන කොලුවට වයස අවුරුදු 26/27ක් වගේ වෙන්නේ. ප්‍රධාන පෙලේ ආයතනයක උසස් රකියා කියන කාණ්ඩයේ රැකියාවක් කරන්නේ. රැකියාවට ගියේ කැම්පස් අවුට් වුණාට පස්සේ. දැන් අවුරුද්දක් වගේ. මු ප්‍රශ්නේ කාලයක්ම හංගගෙන ඉදල තියන්නේ. මූට කෙල්ලෙක් සෙට් වෙලා තියෙනවා කලින් ට්‍රේනින් ඉදපු තැනකදී. ටිකක් සමාන අධ්‍යන අංශවල දෙන්නෙක් නිසා මුත් ලෝක බලාපොරොත්තු ගොන්නක් තියාගෙන කෙල්ල එක්ක ආදර හුටපටයක් පටන් අරන්. (මුන්ට තියෙන හදිසි වලට උත්තර හොයන්න ගියාම අහක ඉන්න අපි තමා දුක් විදින්නේ) කෙල්ලත් ඉතින් ෂෝයි එකේ ඉදල මුල් දවස් වල. පස්සේ පස්සේ තමා තේරිලා තියෙන්නේ කෙල්ල පෙන්නපු චරිතේ නෙමෙයි තියෙන්නේ කියල. ඒ කිව්වේ බඩුවක් කියන එක නෙමෙයි. කෙල්ල හෙන toxic කෙල්ලෙක්ලු. සරලව කිව්වොත් බන් කැම්පස් වලදී අපිට යාළුවො කිව්වම කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැනේ. අනෙක union වල welfare වල media වල එහෙම ඉන්න එවුන්ට ගොඩක් වෙලාවට ලිංග බේද නැතුව කෙල්ලෝ කොල්ලෝ එක්ක එක එක වැඩ වලට එකට වැඩ කරන්න වෙනවනේ. මු මේ හුටපටේ හදාගත්ත කෙල්ල ඔය කිසි දෙකට කැමති නෑලු. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක කතා කලත්, ෆෝන් එකේ ෆෝන් නම්බර් එකක් තිබුනත් ඒ නම්බර් එකකට ළග ලග කෝල් 2/3ක් තිබ්බත් කෙල්ල හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලලු. ඊට පස්සේ කියනවලු මට ඒ කෙල්ලෝ හම්බෙලා කතා කරන්න ඕනේ ඔයා එක්ක සම්බන්දයක් තියේද අරක මේක. මොන මොලේ හොඳ නැති වැඩක්ද?

    අනෙක මගේම නැන්දගේ දුවෙක් හිටියා එකම ෆැකල්ටි එකක. මේ කොල්ල ඒ කෙල්ලට fb එකේ react කළා කතා කළා කියල කෙල්ල හිතාගෙන ඉන්නේ නැන්දගේ දූත් එක්ක හැමිනෙන්න තමා කතා කරන්නේ fb එකේ comment like දාන්නේ කියල. එහෙමත් ප්‍රශ්න මූට වෙලා. ඔහොම ඉන්න අතරේ බලද්දී මේ කෙල්ලගේ මොලේ එන්න එන්නම නරක් වෙනවලු. මුත් එක්ක ගේම ඉල්ලන එකලු කරන්නේ. මූට සද්දේ දාල රණ්ඩු කරන්නමු හදන්නේ. මේ යකාට මම බනිද්දි කිව්වා මම මුලින්ම කෙල්ලට කිව්වා මම ඉන්නේ රණ්ඩු කර කර යාලු වෙන වයසක නෙමෙයි එහෙම බැරි නම් මාත් එක්ක ඉන්න එපා ප්‍රශ්නයක් තියේ නම් කෙලින්ම කියන්න කිව්වත් කියල. එත් ඒ කෙල්ල බලන්නෙම සිගිති ආතල් එකක ජිවත් වෙන්නලු. මු සමහර msg වල SS එවල දැක්කම මටත් ඕයි වහකන්න තරම් හිතෙනවා. අනෙක මු කියද්දී ඔහොම නම් මට තමුන් එක්ක ලයිෆ් එකක් ගෙවන්න බෑ කියල, කොල්ලට තර්ජනය කරනවලු එහෙම නම් මම මැරෙනවා කියල. ඒ වගේම අතපය කපාගෙන ලේ බේරෙන ෆොටෝ වීඩියෝ මම ඔය කියන මල්ලිට එවනවලු. තව ඔය බෙහෙත් අනන් මනං පොකුරු පිටින් බීලා වීඩියෝ එවනවලු. මට නම් ඇහුවමත් ඔලුව කැරකෙනවා මු කොහොම ඉන්නවද කියල. නොසෑහෙන මානසික අවුලක් ඒ කෙල්ලට තියෙනවා මටත් තේරෙන විදියට. ඒ මල්ලිට කලින් affiar එකක්ද 2ක්ද තිබිල තියෙනවා මේ කෙල්ලගේ මොලේ හොද නැති තරම කියන්නේ brakeup වෙච්ච කෙල්ලන්ටත් කතා කරලා කියනවලු අහවලාගේ කෙල්ල මම මම අරම කළා මෙහෙම කරලා තියෙනවා එහෙම කියල පුද්ගලික දේවල් පවා.

    ඔය ප්‍රශ්නේ අවුරුද්දකට කිට්ටුව ඇඳි ඇඳි එනවා කියල තමා කිව්වේ. තනිකරම ටෝක්සික් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. මු ඇතාරලා දාල කොච්චර හිටියත් පස්සෙන්ම එනවලු. අනෙක msg reply එකක් පරක්කු වුනොත් තත්පර 10ක් ආයේ ආන්සර් කරනකම්ම කෝල් 20/30 දිගටම ඩයල් කර කර ඉන්නවලු. ෆෝන් එක බැටරි බැහැල off වුනොත් ආයේ ඊට පහුවදා ඔන් කරනකම්ම ring කරනවලු නිදන්නේත් නැතුව.උදේ බලද්දී ALERTS 40/50 තියේලු call attempts කියල. මොලේ නම් කුණු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. මූව තනිකරම හිර කරගෙනලු ඉන්නේ මැරෙනවා කියල තර්ජනේ කර කර. මට තේරුණ විදියට කෙල්ලට තියෙන්නේ ආදරයක් නෙමෙයි පළිගැනීමක්. කොහෙන් හරි කොක්ක ගහල කොල්ලගේ කරේ එල්ලෙන්න. අනෙක පොඩි දෙයක් වුණත් කොල්ල වැඩ කරන තැනට දුවන් එන්න හදනවලු. හම්බෙලා විසඳගමු කියල. කොල්ල ට්‍රයි කරලා ගෙදර මිනිස්සු හරහා හරි කෙල්ලව මෙඩිකල් treatment එකකට යොමු කරලා මොලේ හදල තේරුම් කරල දීලා ඔය කරුමෙන් බේරෙන්න. ගෙදර මිනිස්සුත් කෙල්ලගේ පැත්තෙලු. උන්ටත් ඕනේ කාගේ හරි කරේ ගහන්නලු කෙල්ල.ඒ නිසා උන් කියනවාලු කෙල්ලට කිසි කෙස් එකක් නෑ ඔය කොල්ලට තමා මානසික ආබාධයක් තියෙන්නේ කියල.

    අනෙක කෙල්ල ඒ මල්ලිට කියපු දේවල් ගොඩක් ඒවා මවා පාපු දේවල් වගේලු. මොකද ගෙදර තියෙන තැන ඉදන්ම බොරු කරලා වගේලු. හරියට දෙයක් කියන්නේ නෑලු. අනෙක කෙල්ල ජොබ් එකක් කරන්නවත් අඩුම තරමේ higher education වලට යොමු වෙන්නවත් කැමති නෑලු. කෙල්ලට ඕනේ ඔහේ නිකන් ඉන්නලු. එහෙම එවන් එක්ක පවුල් කන්න පුලුවන්ද කියල තමා ඒ මල්ලි අඩ අඩ කිව්වේ. අනෙක ඒ මල්ලිගේ අම්ම තාත්ත දෙන්නම ප්‍රේසර් තියෙන ලෙඩ සහිතයි. ඕව ඒ මල්ලිගේ ගෙදරට ගියොත් ඒ කියන්නේ කොල්ල අයින් වෙන්න හදන එකට කෙල්ල කපටි ගේම ගහල ලෙඩක් දාගෙන ගෙවල් වලට ආවොත් වෙන්නේ අපිට සුදුකොඩි දාන්න යන්න. ලොවත් ආයේ අහන්න දෙයක් නෑ. කෙල්ලත් මාර ආසවෙන්ලු ඉන්නේ ඒ වගේ පලි ගන්න. කෙල්ල කියන්නෙම මම හැදෙන්නම් කියලලු. එහෙම කියල විනාඩි 5න් පරණ සතා එලියට එනවලු. දැන් කියනවලු අනෙත් යාළුවො සේරම සේටල් වෙලා ළමයිත් හදල කියල කොල්ලට බදින්න කියනවලු. ඒ මල්ලි තාම බදින්න හිතලත් නෑ. උ මුලින්මත් කිව්වලු 30න් මෙහා කොහොමත් කරන්නේ නෑ කියල.


    කොල්ල දැන් හොදටම අවුල් වෙලා ඉන්නේ. පොරට ජොබ් එක හරියට කරගන්නත් බැලූ. උන්ට නිතර management meeting තියේලු. එහෙම එකකවත් ඉන්න නෑලු කෝල් කරනවාලු. ආන්සර් නොකරම හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලලු. මිටීමක් කිව්වම ඔෆිස් එකට එන්න හදනවලු අත්තද බලන්න එහෙම. මම වගේ එකෙක් උනා නම් මෙලහට මම හිරේ කූරු ගනිනවා ලොවෙත් වෙන දේ කියන්න ඕනේ නෑනේ.


    මූට මේ කෙල්ලගෙන් බේරිලා අයින් වෙන්න උපදෙසක් දීපල්ලකෝ. මගේ හිතට එන උපදෙස් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මට සාමකාමී අදහස් එන්නේ නෑ. මූට ඕනේ මොනවහරි කරලා ඒ කෙල්ලගෙන් අයින් වෙන්නලු. මම කිව්වම එකපාර නවත්පන් කියල පොර කියනවා ඊට පස්සේ දවසේ උදේම ඔෆිස් එකේ ඉදිවිලු. මුළු ස්ටාෆ් එකටම කියන ජාතියේ පඩත්තර කෙල්ලෙක්ලු. එදා හවස කොල්ලගේ ගෙදර හොයන ඇවිල්ල නතරවෙන සීන් එකේලු ඉන්නේ.

    මමත් හිතුවට වඩා හෙන බැරෑරුම් කෙස් එකක්. එකයි මචන්ලාගේ උත්තර ඕනේ. දැහැමෙන් සෙමෙන් වගේ කිරි ටොයියා මාස්ටර් ප්ලානක් දීපන්කො. මු කියන්නේ කෙල්ල මැරුනොත් මූ ඉවරයි එකක්, අනෙක ගෙවල් වලට ආවොත් ඒ නැන්ද මාමාට සුදු කොඩි අදින්න වෙනවා. ඒ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය හොද නෑ. හූනියම් කරන්න පොර බයයි ආපස්සට එයි කියලා.
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ohoma un innawa
    ekek lagadi kara gahuwa
    senasuru7 agaharu7
    ballata wage baninne
    huraanawa
    මූට මේකෙන් බේරෙන්න ක්‍රමයක් කියපනෝ. මුන් බැඳලා නෑ. මු නම් කරගන්නේ නෑ ලොවෙත් මේ යන විදයට, මූට ඕනේ මේ වහන්තරාවෙන් බේරෙන්න.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,022
    4,586
    113
    කෙල්ලව තෙරපි වලට හේත්තු කරලා පොඩ්ඩ පොඩ්ඩ ගැල උනා නන් දෙන්නටම ලාබයි, ඔහොම උන්ට නන් හොද පුකේ පාරක් ඇරියම කටයි පුකයි දෙකම වහගන්නවා
     
    • Like
    Reactions: Bumbzy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූට මේකෙන් බේරෙන්න ක්‍රමයක් කියපනෝ. මුන් බැඳලා නෑ. මු නම් කරගන්නේ නෑ ලොවෙත් මේ යන විදයට, මූට ඕනේ මේ වහන්තරාවෙන් බේරෙන්න.

    Evidance tikak ekatu karagena polici palayan( record/photo)
    Policiye contact ekak tibbanam ich ada hoday
    Oki mona hari kara gattot media wala gihin aru chora wenawa

    Wena goda danna wifiyak penne na mata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,954
    113
    සේදවත්ත
    ලේසී පොලිසියට කියන්න සියල්ල . අධීකරණ නියෝගයක් ගන්න හම්බෙන්න කතාකරන්න බැරි වෙන්න 🙃 . එක කඩකරන පාර්ශවය අස්සෙ 🤷 .

    ඔය තෙරපි කවුන්සිලින් ඕවා අනවශ්‍යයි බැදලා නෑනේ ඒ නිසා ඉහල ක්‍රමයෙන් ගැලවෙන , අනික එක නීතිය කෙල්ල උනත් දන්නවා වැඩේ දෙල් වෙනවා කියලා. ඒකී මැරෙනවා නම් මැරෙන්න අරින්න කියහන් උබේ මල්ලි එකීව ජාතක කරලා නෑනේ. ඔය බොරු පානිය දාන්නේ මැරෙන්න ඕනේ එකෙක් නම් මැරිලා දැන්

    නීතිය තියනකොට අනවශ්‍ය වැඩ කරන්න එපා පරංගියා කෝට්ටේ ගියා වගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    අපිට නම් ඔච්චර අමාරු වුනේ නෑ හැබැයි ගැලවෙන්න. 🙄

    උට තියෙන විසඳුම රට යන එක තමා.

    ලේසී පොලිසියට කියන්න සියල්ල . අධීකරණ නියෝගයක් ගන්න හම්බෙන්න කතාකරන්න බැරි වෙන්න 🙃 . එක කඩකරන පාර්ශවය අස්සෙ 🤷 .

    ඔය තෙරපි කවුන්සිලින් ඕවා අනවශ්‍යයි බැදලා නෑනේ ඒ නිසා ඉහල ක්‍රමයෙන් ගැලවෙන , අනික එක නීතිය කෙල්ල උනත් දන්නවා වැඩේ දෙල් වෙනවා කියලා. ඒකී මැරෙනවා නම් මැරෙන්න අරින්න කියහන් උබේ මල්ලි එකීව ජාතක කරලා නෑනේ. ඔය බොරු පානිය දාන්නේ මැරෙන්න ඕනේ එකෙක් නම් මැරිලා දැන්

    නීතිය තියනකොට අනවශ්‍ය වැඩ කරන්න එපා පරංගියා කෝට්ටේ ගියා වගේ
    ඔව් මේක තමා කරන්න ඕන. ඒකි මැරුණත් මුගේ කිසිම සම්බන්ධයක් ඒ මරණෙට නෑ කියල කියන්න කියපන්.
    ------ Post added on Oct 13, 2024 at 1:09 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    @Heshan Daminda මෙන්න කිරියෙ නාසිස්ටික් ගෑණු ගැන එක්ස්පර්ට්. අඩෝ තට්ටයා අයිඩියා එකක් දියන් කොල්ලට
    ඕකි නාසිසිස්ටික් නෙමෙයි. පොලිසියට යන එක තමා කරන්න ඕන. ඕන නම් ලෝයර් කෙනෙක් අල්ලලා පොලිසියට යන්නන වෙනවා.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    පලවෙනි ටික කියවනකොටම මතක් උනේ මූව @Heshan Daminda. බලපන් උබට වගේ කේස් එකක් නේද? හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද බලපන් 🙁

    අහ්හ් කොල්ල ත්‍රෙඩ් එකට බැහැලා
     

    Kowalsqi

    Junior member
  • Jan 20, 2024
    82
    36
    18
    Madagascar
    Uta mehema wadak thamai karanna wenne haha


    12452ace-6956-4151-8a7a-27fbab016f7f_text.gif


    jokes aside, ado uba kiyapu wistharaya kalin hithala thibbewath nathi toxic level ekak. Let me think it through
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    පලවෙනි ටික කියවනකොටම මතක් උනේ මූව @Heshan Daminda. බලපන් උබට වගේ කේස් එකක් නේද? හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද බලපන් 🙁

    මට ඔය තරම් අමාරු වුනේ නෑ හැබැයි. එකෙන්ම අතාරින්න පුළුවන් වුනා. එක්කෝ ගම රට දාලා යන්න ඕන නැත්තන් පොලිසි යන්න ඕන.


    ------ Post added on Oct 13, 2024 at 1:17 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඒ නිසා උන් කියනවාලු කෙල්ලට කිසි කෙස් එකක් නෑ ඔය කොල්ලට තමා මානසික ආබාධයක් තියෙන්නේ කියල.


    othanin ehata kiyawanna giye naha, kollata gelawenna kellage gedarin option eka hadalama dila thiyenawa.
    dan uba kollata kiyapan, මානසික ledek wage act karanna kiyala. kellage gedara ewunta pennapan kolla pissek, a nisa kellawa bandala denna epa kiyala.

    ps. me wage kellek marry karanawata wada pissek wage jiwath wena eka hodai.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    (1) ubata hoda hithin hena gahann one dark theme ekata pennathi dam patin me halla liwwata

    (2) yako uta ayin wenn onnm kellage munata kiynn kypm "me sambanda mn nwththanawa api galapennaha" kiyala
    It's that fqn simple
    thava uge personality eka hadgnn kypm kollek wge hasirenna, ganiyk wennthuw

    (3) ****edit: theme eka maru karan full halla dan kiyawala
    iwara kare

    so, ut mulinma me situation eka gana uge gedr unta pahadili krl denn kypm (habai financially stable demawpiyongen depend wela jeewth wennathi manussyek widihata)

    thava saralava kiwwoth,
    demawpitont pahadili krnw kynne sambande nawththnn permisssion gannw kiyana ek nemei, pahadili karala kiww nawaththuw echchri

    etpsse ara kellage msg okkoma SS aran thiygnn kypm, etpsse kellatath pahadiliwa eka parak kiynn kypm sambanda nawththanawa kiyl mn, etpsse eki suicidal wgenm police complain ekak danna kiypm
     
    Last edited:
    • Love
    Reactions: nipunahasanka

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,670
    15,235
    113
    New Zealand
    නවත්තලා දාපන්.

    හැම එකකම ස්ක්‍රීන් ෂෝට් තියා ගනින්. පොලිසි පලයන්
    වෙන කරන්න දෙයක් නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    ඕකි නාසිසිස්ටික් නෙමෙයි. පොලිසියට යන එක තමා කරන්න ඕන. ඕන නම් ලෝයර් කෙනෙක් අල්ලලා පොලිසියට යන්නන වෙනවා.
    සිරා බං. ඒ අතින් උබේ නාසිස්ටික් එකී දාහෙන් සම්පතක්. යන්තන් ඇට දෙක බේරගෙන ගැලවෙන්න හරි පුලුවන් උනා. මේකිනම් කොල්ලා අහිංසක වැදගත් එකෙක් කියලා තේරිලා උගෙ රීරි මාන්සෙම උරා බීලා ඌව රෑකඩයක් වගේ නටවන්න හදන ට්‍රැක් පැනපු යක්ෂණියක් වගේ 🤮 ගෑනිගෙ ගෙදර උනුත් ඒකටම හරියන නූගත් අඩුකුලේ කාලකන්ණි වගේ. මේකට නම් සිරාවට ඔක්කොම සාක්ෂි එක්ක ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නෙ මැරෙනවා කියලා තර්ජනය කරනවා කියලා. කොල්ලගෙ ගෙදර අයවත් පුලුවන් තරම් දැනුවත් කරලා මාසයක් දෙකක් යනකංවත් ඒ ගෙදර හොදට කට සද්ද ගේම ඉල්ලන්න පුලුවන් නෑයො දෙතුන් දෙනෙක් හරි, කොල්ලගෙ යාලුවෙක් දෙන්නෙක් හරි නවත්තගනින්. අරුන් ගෙදරට ඇවිල්ලා යකා නැටුවොත් පොලිසිය එනකං අරුන්ව කන්ට්‍රෝල් කරගන්න.

    ඔෆිස් එකේ බොසා ෆිට් නම් බොසාට ඔක්කොම සීන් එක මුල ඉදන් අගට ප්‍රයිවට් එකේ කියලා ඇන්ට්‍රි කොපි ඉදන් පෙන්නලා පැහැදිලි කරලා, බොසා මාර්ගෙන් මල්ලි නැති වෙලාවක ඔෆිස් එකේ අනිත් උන්ටත් මුලු කතාවම නැතුව හැබැයි ලාවට වගේ දැනුවත් කරලා, security එකට ඉන්ෆෝම් කරලා තිබ්බනං ඇතුලට ගන්න එපා මේකිවවත් ඒකි එක්ක එන්න හදන කාවවත් කියලා ඒ පැත්තෙනුත් ශේප් ගොඩක් දුරට වැඩේ. බොසා සාමාන්‍ය සන්වේදීතාවයක් තියන හොද මනුස්සයෙක් නම් ලොවෙත් බොක්කෙන්ම හෙල්ප් එකක් දෙයි මේකෙන් ගොඩ එන්න.

    අනිත් කේස් එක තමා මේකිට පිස්සුව ඔවර් ගිහිං මැරුනා කියලා පලිගන්න බෑ කියලා තේරුනොත් මලයා ඒකිව රේප් කරා, ඇබියුස් කරා කියලා ලමා හා කාන්තා එකේ පැමිණිලි දායි. එහෙම උනොත් නඩුව අහනකං රිමාන්ඩ් & නඩුව කල් දැම්මොත් දවස් 14ක් ඇතුලෙ මලයා. රේප් කේස් එකකට ඇතුලට යන නිසා මලයාට ඇතුලෙ උන් ගෙනුත් කරදර වෙයි. අන්න එහෙම උනොත් කරන්න පුලුවන් දෙයක් දන්න එකෙක් කියපන්. ආය ඒකිම nude video ලීක් කරන් මූ ලීක් කරා කියලා සෝශල් මීඩියාවල මුගෙ නම කන්නත් බැරි නෑ මේ කියන තරම්ම මොංගල් බැල්ලියෙක් නම් 😢