Monawada ban me kiyanne.sathwa pudagala bawayak tiyena kenek innawada puluwanda.
හරි මම සරලව මේ විදියට කියන්නම්.
ඔන්න ඉන්නවා මනුස්සයෙක් ධර්මපාල කියලා
ධර්මපාල පෘථග්ජනයි - ධර්මපාල ට අනුව "මම" කියලා කෙනෙක් ඉන්නවා සහ ධර්මපාල ඒ "මම" ව maintain කරනවා සහ සාමාන්‍ය අනෙකුත් පෘතග්ජනයෙන් වගේ ඇලෙනවා ගැටෙනවා ලෝකය තුල.
මේ අතර ධර්මපාල ට මුණගැසෙනවා බුද්ධ ධර්මය
ඔහු ට එය ගැන "ශ්‍රද්ධාවක් භක්තියක්" ඇති වෙලා ටික කාලයක් ධර්ම දේශනා අහනවා සහ ධර්මයේ හැසිරෙනවා ලෞකික මට්ටමෙන් ( පින් දහම් කිරීම දාන දීම සිල් රැකීම වැනි )
දවසක ඔහුගේ සවන් වැටෙනවා "විදර්ශනා භාවනාව"
ඔහු එය ගැන පැහැදීමෙන් සහ " I'll give this a shot" කියන මූලික ශ්‍රද්ධාවෙන්
දවසක
බුදු ගුණ වඩලා
චතුරා රක්ඛා භාවනා වඩලා
විදර්ශනාව වඩන්න ගන්නවා
ධාතු මනසිකාරය වඩනව
ධර්මපාල ට තාම
මමෙක් ඉන්නවා - භාවනා කරන්නෙක් ඉන්නවා
මේ විදියට ටික දවසක් විදර්ශනා කරන කල්හි
එක් උදෑසනක
අහෝ
ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය
"ඔහුට" පෙන්න ගන්නවා ඔහු වටේ ඇති නාම රූප වල රුප්පන ස්වභාවය - ඉන් ඔහු ට ප්‍රත්‍යක්ෂ වෙනවා "නිරෝධ" ධර්මතාවය
ඉපිද නිරුද්ධ වෙන මෙම ධර්මතාව න් ගේ පැවතිය නොහැකි බව ... නිරෝධ ස්වභාවය.
ඔහු මේ අවස්ථාවේ සෝවාන් වෙනවා ...
සෝවාන් වෙන්න කෙනෙක් ඉන්නවා ද දැන්
ඔව් තාම ඉන්නවා - සමහර යෝගාවචරයන් කියනවා මම ට පැවතෙන් න බෑ කියලා ප්‍රත්‍යක්ෂ උනා ට මම කියන හැඟීම - අස්මි මානය රහත් වෙනකල් තියනවා කියලා.
මොකද
සෝවාන් වෙද්දී සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය ගැලවෙනවනම් - ඉතුරු සංයෝජන ධර්ම හත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සන්තානයේ
කෙනෙක් නෑ කියලා - මම ත් වය සම්පූර්ණයෙන් කුඩු උනා නම් කාමරාග පටිඝ දැනෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කා තුලද ?
ඒනිසා අස්මිමානය තියනවා රහත් වෙනකල්
Thread '☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸'
https://elakiri.com/threads/☸-සෝවාන්-ද-නැද්ද-ප්‍රත්‍යක්ෂ-කරගමු-☸.2249341/
හරි ධර්මපාල ට මේ ගමන එන්න මූලිකවම හේතු උනෙ ශාස්වත දෘෂ්ටිය - සත්ව පුද්ගල භාවයක් තිබෙනවා යැයි ගැනීම. එම ස්වභාවය නිසාම " මම මෙම භාවනාව වඩන්න ඕනේ - මම ධර්මය අහන්න ඕනි" කියන අදහස - premise එක.
ධර්මපාල ගත්ත නම් මුලින්ම
මම කියලා කෙනෙක් නෑ - ලෝකය පවතින්නේ නෑ කියලා මේ ගමන එන්න පුළුවන් ද ඔහු ට?
ඒකයි මම මුලිනුත් කිව්වේ
මෝහයේ සිටින සත්වයා මෝහය තුළින්මයි මෝහය දුරු කරන්න ඕනේ
මඩේ සිටින සත්වයා මඩ තුළින්මයි ගොඩට එන්න ඕනේ
ආත්ම දෘෂ්ටිය තිබෙන පුද්ගලයා ආත්ම දෘෂ්ටිය තුළින්මයි ආත්ම දෘෂ්ටිය නැති කරන්න ඕනේ.
හැබැයි ඕඝ තරණ සූත්‍රයේ කියනවා වගේ
" ආනන්ද මම සැඩ පහරට ගසාගෙන ගියෙත් නෑ - එක තැන ඉඳියෙත් නෑ " කියනවා වගේ නිවන කියන්නේ ආයාසයක් නොවේ නිරායාසයක්.
උදාහරණයක් විදිහට විදර්ශනාව කියන්නේ නිවන දකින්න කරන දෙයක් නෙවෙයි ... සත්කය දෘෂ්ටිය දුරු කිරීම ට ආයාසය දැරීම.
අපි හැමෝම තුළම - ලෝකය තුල ම නිවන තියනවා
ඒක ධර්මතාවයක්
ඒ නිවන ඇහිරිලා තියෙන පළිබෝධ එකින් එක නැති කිරීම තමයි අපි කරන්න ඕනේ ආයාසයෙන්. එතකොට නිවන ඉස්මතු වේවි නිරායාසයෙන්
