ලංකාවෙ සංඝයා සිවුරට මුවාවෙලා කරන පරවැඩ අප්‍රමාණ යි. ඒ පරවැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ලංකාව බහුතරය බෞද්ධ රටක් නිසා.
සිංහලබෞද්ධ සමාජය "සංඝයා" කියන විෂයයෙහි දී නිවට යි. "වඳින්නෙ පුද්ගලයට නෙවේ සිවුරට" වගෙ කියමන්වල සිට "භික්ෂුවක් මොන වැරැද්ද කළත් ප්‍රශ්න කරන්න අපට අයිතියක් නෑ"ය වැනි තක්කඩි කතා දක්වා පෙනෙන්නෙ සමාජයෙ ඒ නිවටකම.
මහ සමාජෙ පැත්තකට දාලා පොඩ්ඩක් තමන්ගෙ කුඩා සමාජෙ දිහා බලන්න. පාන්දර නැගිටගෙන, රසට බත් උයාගෙන, ගෑ ණු ගැන කුණුකතා කියන කොටුවෙ පොඩ්ඩගෙ ඉඳන් රටේ ඉන්න තරමක් නාරිද්වේස උන්නාන්සෙලට කව්වන්න දානෙ වඩම්මවගෙන යන න පුංසක කාන්තාවො ඔබේ පවුල්වල නැද්ද?
දරුවොන්ට ලිංගික අතවර කළා ය කියල උසාවියෙන් වැරදිකාරයො වෙලා රට පැනලා ඉන්න උන්නාන්සෙලා ළඟට දරු මුණුබුරොත් ඉස්සර කරගෙන ගිහින් වන්දවන අම්මණ්ඩිලා අප්පච්චිලා ඔබ දන්නවා නේද?
මෙච්චර මේ භික්ෂූන් කළ ළමා අපයෝජන හෙළිවෙද්දි තවමත් ළමා මහණකරණයට හුරේ දාන උගත්, බුද්ධිමත් මිත්‍රයො ඔබට නැත්ද?
බොහොම ප්‍රසිද්ධ අඹගහහේනේ බුද්ධරක්ඛිත නම් භික්ෂුවක් ලිව් පෝස්ට් එකක් පෙරේදා දැක්කා; බුදුන්වහන්සේ ඉස්සර තාපස ආත්මෙක ඉඳිද්දි සෘද්ධියෙන් යන ගමන් රජ්ජුරුවන්ගෙ බිසව දැකලා ඈ හා රමණය කළ ජාතක කතාවක්.
කතාව ලියලා බුද්ධරක්ඛිත අපෙන් අහනවා, "අප මහා බෝසතානෝත් පැවිද්දෙක්ව සිටිය දී රතිකෙළියේ යෙදුනා නම් පල්ලෙගම හේමරතන නාහිමි ගැන කවර කතාවක් ද?" කියලා.
බෝසතුන් එකල ඉතා බලවත් වැඩිහිටියෙක් එක්ක කැමැත්තෙන් සෙක්ස් කළ එක මේ තක්කඩි මහණා සමාන කරන්නෙ ඉතා බලවත් භික්ෂුවක් අවු. 11ක දුප්පත් දැරියකගෙ මවට මුදල් ගෙවා දැරිය මිළට ගෙන දූෂණය කළ එකට! ඔන්න ඔබ දොහොත් මුදුන් දීලා වඳින ඔබේ සංඝරත්නෙ!
ඊටත් භයානක දේ, ඒ පෝස්ට් එකට ලයික් දාපු, හාට් දාපු 2000ගාණක් හිටි එක! "භික්ෂුවත් පෘතග්ජන යි"ලු. එහෙනම් මොන මඟුලට ද ඕයි සිවුරු ඇඳන් ලෝකෝත්තර ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෙ?
ඔය සිංහලබෞද්ධ න පුංස කකම නිසා සංඝයා දැන් එළිපිට ජඩකම්, අපරාධ, අතවර කරනවා ඔබට පේනවා ද? අතවර පැත්තකට දාමු; තායිලන්තෙ ඉඳන් ගංජා අදින්න ගිහින් හෙණ රොත්තක් මෑතකදි මාට්ටු වුණා මතක ද?
ඔය සිද්ධි එළියට එන්නෙත් දැන් තමයි. පහුගිය අවුරුදුවල ලංකාවෙ වැටිලා තිබුණු මජර, තක්කඩි දේශපාලනේට බලයට එන්න පාර කපන්න භික්ෂූන් කොච්චර නම් සක්‍රිය දායකත්වයක් දුන්න ද, තවමත් දෙනව ද කියලා මතක ද? ඒ ඇයි කියලා දැන් තේරෙනව ද?
බෞද්ධ ඔබ තවම භික්ෂුවට ගරු කරන්නෙ බුද්ධකාලීන භාරතේ හෝ අනුරාධපුර යුගයෙ ශ්‍රී ලංකාවෙ හිටි සංඝරත්නයක් හිතේ තියාගෙන විය යුතු යි. ඒ භික්ෂු පරම්පරාවෙන් සෑහෙන පිරිසක් තවමත් ඉතිරිවෙලා ඉන්නවා ය කියන මුලාවෙන් දැන් මිදෙන්න; නමුත් ඉතිරිවෙලා ඉන්නවා නම්, උන්වහන්සේගේ නිහඬබවත්, බෞද්ධ ඔබේ නිවටබවත් සියල්ලටම වඩා භයානකබව මතක තියාගන්න.