කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,359
    2,931
    113
    මාතර
    ඕවා කතා කරන්න ගියාම වචන හරඹ වලින් ඉවර වෙන්නේ. ලෞකික ලෝකෝත්තර කතා පටලව ගන්නවා. තේරුමක් නැහැ. සරලව උඹ අපි දන්න භාෂාවෙන් කිව්වොත් ආයිත් ඉපදෙන්නේ නැහැ. සමහර කරුණු අනුව මම තේරුම් ගත්ත දේ තමයි මේ. ඉතින් අනිත් උන්ට මේක කියල දෙන්න උණක් එන්නේ නැහැ. උන් මොනවා හිතුවත් මට වැඩකුත් නැහැ මොකද කවුරුත් මැරෙනවා, එතනින් ඉවරයි. ඉන්න ටික කාලේ එන්ජෝයි කරන්න ඕන අනුන්ට කරදරයක් නොවී.
    බුද්ධාගමේ නිවන විතරයි මමනම් පිළිගන්නේ. කර්ම විපාක, සංසාර, පුනර්භව, අපාය, දිව්‍යලෝක වගේ එකක්වත් පිළිගන්නේ නැහැ. ඒවා එළියෙන් ආපු සංකල්ප.

    P.S.
    ඔය අනිත් සංකල්ප වලට බුදු දහමේ වෙන වෙන අර්ථකතන දෙන එක වෙනම කතාවක්. මම කිව්වේ බහුතරයක් විශ්වාස කරන අර්ථය. උදාහරණයකට කර්ම ඵල කිව්වම අපි හිතන්නේ සතෙක්ගේ බෙල්ල කැපුවොත් අපිටත් ඒ වගේම රිටන් එකක් ලැබෙනවා කියලනේ. ඒත් මම හිතන්නේ බුදු දහමේ කර්ම විපාකය කියන්නේ යමෙක් කරන දෙයක් හින්ද ඇතිවන ප්‍රතිඵලයක් වගේ දෙයක්. සාමන්නඵල සුත්‍රයේ තියෙනවා වගේ. ඕක ඉතින් මම හිතන දේ. අනිත් උන් මෙහෙම හිතන්න ඕන කියල එකක් නැහැ. ඒක නිසා convince කරන්න යන්නෙත් නැහැ. මම හිතන දේ කියනවා විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Sanju malli

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,282
    7,142
    113
    ඕවා කතා කරන්න ගියාම වචන හරඹ වලින් ඉවර වෙන්නේ. ලෞකික ලෝකෝත්තර කතා පටලව ගන්නවා. තේරුමක් නැහැ. සරලව උඹ අපි දන්න භාෂාවෙන් කිව්වොත් ආයිත් ඉපදෙන්නේ නැහැ. සමහර කරුණු අනුව මම තේරුම් ගත්ත දේ තමයි මේ. ඉතින් අනිත් උන්ට මේක කියල දෙන්න උණක් එන්නේ නැහැ. උන් මොනවා හිතුවත් මට වැඩකුත් නැහැ මොකද කවුරුත් මැරෙනවා, එතනින් ඉවරයි. ඉන්න ටික කාලේ එන්ජෝයි කරන්න ඕන අනුන්ට කරදරයක් නොවී.
    බුද්ධාගමේ නිවන විතරයි මමනම් පිළිගන්නේ. කර්ම විපාක, සංසාර, පුනර්භව, අපාය, දිව්‍යලෝක වගේ එකක්වත් පිළිගන්නේ නැහැ. ඒවා එළියෙන් ආපු සංකල්ප.
    you can’t be half pregnant mate!
     
    • Haha
    Reactions: dayt0na and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,359
    2,931
    113
    මාතර
    ඔය අනිත් සංකල්ප වලට බුදු දහමේ වෙන වෙන අර්ථකතන දෙන එක වෙනම කතාවක්. මම කිව්වේ බහුතරයක් විශ්වාස කරන අර්ථය. උදාහරණයකට කර්ම ඵල කිව්වම අපි හිතන්නේ සතෙක්ගේ බෙල්ල කැපුවොත් අපිටත් ඒ වගේම රිටන් එකක් ලැබෙනවා කියලනේ. ඒත් මම හිතන්නේ බුදු දහමේ කර්ම විපාකය කියන්නේ යමෙක් කරන දෙයක් හින්ද ඇතිවන ප්‍රතිඵලයක් වගේ දෙයක්. සාමන්නඵල සුත්‍රයේ තියෙනවා වගේ. ඕක ඉතින් මම හිතන දේ. අනිත් උන් මෙහෙම හිතන්න ඕන කියල එකක් නැහැ. ඒක නිසා convince කරන්න යන්නෙත් නැහැ. මම හිතන දේ කියනවා විතරයි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඔක්කොම ඉවරයි කියල හිතන එකත් too naive බන්. හිතපන් මේ විශ්වයෙ තියෙන හැම දේම අම්බානෙක වෙන්න බැරි දේවල්නෙ. පාවෙන ගිනි බෝලයක් වටේ කැරකෙන පාවෙන පස් බෝල උඩ ජීවින් ඉන්නව වගේ ඒවා කොච්චර abnormal ද. කොටින්ම මෙහෙම විශ්වයක් කියල එකක් පවතින එකම අමුතුයි. (ඒත් ඒවා දැකල දැකල අපිට ඒවා අමුතු බව තේරෙන් නෑ).

    එහෙම තත්වයක් තියෙද්දි ජීවින් කියන උන් මැරුනම ඔක්කොම ඉවර වෙලා දිරල යනව විතරයි කියල හිතන එකෙත් අවුලක් තියෙනව. මම කියන්නෙ දිව්‍ය ලෝකෙ යනව කියල නෙමෙයි. ඒත් ඇත්තටම අපි දන් නෑ මොකද වෙන්නෙ කියල. නිකන්ම ඉවර වෙනව කියන එකටත් logically තියෙන්නෙ අනිත් ඒවා වගේම පොඩි possibility එකක්.

    ehema hethenne ithin eka mata hethena hati.. naive wenna puluwan
    ekata thamay wadima probability eka tiyenne kiala hethenawa

    mama agnostic ithin, ow anithwa wennath puluwan nowennath puluwan.. mama danne na danaganna widiyakuth na
     
    • Like
    Reactions: olu bakka

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    ඔක්කොම ඉවරයි කියල හිතන එකත් too naive බන්. හිතපන් මේ විශ්වයෙ තියෙන හැම දේම අම්බානෙක වෙන්න බැරි දේවල්නෙ. පාවෙන ගිනි බෝලයක් වටේ කැරකෙන පාවෙන පස් බෝල උඩ ජීවින් ඉන්නව වගේ ඒවා කොච්චර abnormal ද. කොටින්ම මෙහෙම විශ්වයක් කියල එකක් පවතින එකම අමුතුයි. (ඒත් ඒවා දැකල දැකල අපිට ඒවා අමුතු බව තේරෙන් නෑ).

    එහෙම තත්වයක් තියෙද්දි ජීවින් කියන උන් මැරුනම ඔක්කොම ඉවර වෙලා දිරල යනව විතරයි කියල හිතන එකෙත් අවුලක් තියෙනව. මම කියන්නෙ දිව්‍ය ලෝකෙ යනව කියල නෙමෙයි. ඒත් ඇත්තටම අපි දන් නෑ මොකද වෙන්නෙ කියල. නිකන්ම ඉවර වෙනව කියන එකටත් logically තියෙන්නෙ අනිත් ඒවා වගේම පොඩි possibility එකක්.
    එහෙම නෑ. උඹ ඕවා ඇබ්නෝමල් කියන්නෙ මොක එක්ක සංසන්දනය කරලද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    එහෙම නෑ. උඹ ඕවා ඇබ්නෝමල් කියන්නෙ මොක එක්ක සංසන්දනය කරලද?
    It's just weird මචන්. මෙහෙම universe එක කියල දෙයක් පවතින එකම weird කියල උබට තේරෙන්නෙ නැද්ද. මේ දැනටම තියෙන දේවල් දිහා බලද්දි මේක ඇතුලෙ ඇත්තටම ඕන දෙයක් වෙන්න possible. කිසිම දෙයක් පිස්සුද එහෙම වෙන්නෙ නෑ කියල බැහැර කරන්න බෑ.
     
    • Like
    Reactions: Blair Solari

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,526
    1,806
    113
    ලංකාවෙ අඩා...!
    Oka thama aulak nathuwa jeewath wena manussayekta thiyenna lokuma prashnaya..Marunata passe mokada wenne kiyana eken thama "Religions" wenas wenne ..Science kawadawath okata Hari uththarayak Denne na...
    Maranaya gana Kathawath karanna godak relgion kamathi na...passa gahanaveka thama karanne..Budu dahamavthama wadipurama Katha karanne maranaya gana .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    මරණින් මතු ජීවිතයක් ගැන අනුරාධ තදින්ම විස්වාස කරනව
     
    • Love
    Reactions: Yeezus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    It's just weird මචන්. මෙහෙම universe එක කියල දෙයක් පවතින එකම weird කියල උබට තේරෙන්නෙ නැද්ද. මේ දැනටම තියෙන දේවල් දිහා බලද්දි මේක ඇතුලෙ ඇත්තටම ඕන දෙයක් වෙන්න possible. කිසිම දෙයක් පිස්සුද එහෙම වෙන්නෙ නෑ කියල බැහැර කරන්න බෑ.
    දෙයක් abnormal කියල කියන්න නම් ඒක සංසන්දනය කරල බලන්න පුළුවන් normal දෙයක් තියෙන්න එපැයි. උඹ කියන කතාව හරි, ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ අපේ හිත් වල තියෙන හිතලු ඔක්කොම ඇත්ත කියලත්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    කොහෙද?

    31 තලයෙන් එකක.

    ඇයි අපිට ඒ කෙනාව (දවසට මිනිස්සු බර ගානක් මැරෙනවානේ) ආයි හම්බෙන්නෙ නැත්තෙ?

    සසරේ අපිට අම්මා, තාත්තා, නෑදැයෝ නොවුන කව්රුවත් මේ ලෝකේ නැහැ කියනවා. හම්බෙනවා ඕන තරම්, අදුරගන්න බැරි ප්‍රශ්නෙයි තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    මරණින් මතු ජීවිතයක් ගැන අනුරාධ තදින්ම විස්වාස කරනව
    ජේසු ආයිත් කවුරු වෙලා ඉපදෙන්න ඇත්ද ?

    සසරේ අපිට අම්මා, තාත්තා, නෑදැයෝ නොවුන කව්රුවත් මේ ලෝකේ නැහැ කියනවා. හම්බෙනවා ඕන තරම්, අදුරගන්න බැරි ප්‍රශ්නෙයි තියෙන්නේ.
    එතකොට බෝධිසත්වයෝ උබට අම්මා වෙලා ඉපදිලා තියනවද ?

    ඔය වගේ කතාවක් කියන ගමන් කියලා තියනව බෝධිසත්වයෝ නම් කවදාකවත් ගැහැණු බවයක ඉපදිලා නෑ කියලා කාන්තාව / ගැහැනුකම කියන එක ට තිබ්බ අඩු සැලකිල්ලට එකගව ආගම කියලා තියනව .
    ------ Post added on May 24, 2026 at 5:43 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    ජේසු ආයිත් කවුරු වෙලා ඉපදෙන්න ඇත්ද ?
    කතෝලික ආගම ඇත්ත වෙනවනං මම ඒකට ගොඩක් කැමතියි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    එතකොට බෝධිසත්වයෝ උබට අම්මා වෙලා ඉපදිලා තියනවද ?

    වෙලා තියෙන්න පුලුවන්.
    අනන්ත ගානක අවස්ථා ඇතුලේ, අපි අනුරු 10 වචනයක් හිතන්, රැන්ඩම් අකුරු 10 ක වචනයක් ලිව්වොත්, අපි හිතපු වචනේ ලැබෙන අවස්ථාවක් එන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    517
    367
    63
    40
    Colombo
    මේ දේශනාවේ ප්‍රධාන අදහස තේරුම් ගන්න නම්, මුලින්ම බුදුදහමේ “මම” කියන දෙය ගැන ඇති දර්ශනය තේරුම් ගන්න ඕනෙ.

    බොහෝ දෙනා හිතන්නේ:

    “මම” කියලා ස්ථිර ආත්මයක් තියෙනවා.
    ඒ ආත්මය මරණින් පස්සේවත් පවතිනවා හෝ
    මරණින් පස්සේ ඒක සම්පූර්ණයෙන් විනාශ වෙනවා.

    බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දෙකම වැරදි අන්ත දෙක කියලා.

    1. “සත්වයා” කියන්නේ කවුද?

    බුදුදහම අනුව “මම”, “ඔයා”, “සත්වයා” කියන්නේ ස්ථිර ආත්මයක් නොවේ.

    එය තාවකාලිකව එකතු වෙලා තියෙන දේවල් 5ක එකතුවක්:

    රූප – ශරීරය
    වේදනා – දැනෙන සැප/දුක්
    සඤ්ඤා – හඳුනාගැනීම්
    සංස්කාර – සිතුවිලි, චේතනා
    විඤ්ඤාණ – දැනීම / සිත

    මේ 5 එකට කියන්නේ පංචස්කන්ධය.

    උදාහරණයක්:

    “රථය” කියන්නේ රෝද, ඉන්ජිම, දොරවල්, බොඩිය එකතු වුණාම දාන නමක්.

    ඒ වගේම “මම” කියන්නෙත් ස්ථිර දෙයක් නෙවෙයි — කොටස් එකතුවකට දාන නමක්.

    2. එහෙනම් “මරණින් පසු ඇත” කියන්නේ ඇයි වැරදි?

    “මරණින් පසු ඇත” කියනවා නම්:

    “කෙනෙක්” ස්ථිරව පවතිනවා කියන අදහස එනවා.

    ඒක ශාස්වත දෘෂ්ටිය (eternalism).

    නමුත් බුදුදහම කියන්නේ:

    ස්ථිර ආත්මයක් නැහැ.
    හැමදේම හේතු ප්‍රත්‍ය මත ඇතිවෙනවා.
    හේතු නැතිවෙද්දි ඒවා නැතිවෙනවා.

    ඒ නිසා “ඒම කෙනාම සදාකාලිකව යනවා” කියන එක නිවැරදි නැහැ.

    3. “මරණින් පසු නැත” කියන්නේ ඇයි වැරදි?

    එහෙම කියනවා නම්:

    කලින් සැබෑවටම තිබුණු කෙනෙක් මරණයෙන් පස්සේ විනාශ වුණා කියන අදහස එනවා.

    ඒක උච්ඡේද දෘෂ්ටිය (nihilism).

    නමුත් බුදුදහම අනුව:

    මුලින්ම ස්ථිර “ආත්මයක්” තිබුණේ නැහැ.
    ඒ නිසා “විනාශ වුණා” කියන්නත් ස්ථිර දෙයක් නැහැ.
    4. බුදුහිමියන් කියන්නේ මොකක්ද?

    බුදුහිමියන් පෙන්වන්නේ:

    “හේතු තියෙනකල් දේවල් හටගනී.
    හේතු නැතිවෙද්දි නිරුද්ධ වෙයි.”

    මේක තමයි පටිච්චසමුප්පාදය.

    උදාහරණයක්:

    ගින්නක් පත්තු වෙන්න:

    තෙල්
    වාතය
    වට්ටිය

    ඕනෙ.

    ඒ හේතු නැතිවෙද්දි ගින්න “කොහේ හරි ගියා” කියන්නත් බැහැ,
    “විනාශ වුණා” කියන්නත් සම්පූර්ණයෙන් හරි නැහැ.

    එය හේතු නැතිවීම නිසා නිවුණා.

    රහතන් වහන්සේගේ අවසානයත් ඒ වගේ.

    5. රහතන් වහන්සේ ගැන “ඇත / නැත” කියන්න බැරි ඇයි?

    රහතන් වහන්සේ:

    තණ්හාව නැති කරලා
    උපාදානය නැති කරලා
    කර්ම බීජ නැති කරලා

    තිබෙන නිසා නැවත උපතක් ඇතිවෙන්න හේතු නැහැ.

    ඒ නිසා:

    “උපදියි” කියන්නත් බැහැ
    “විනාශ වුණා” කියන්නත් බැහැ

    මොකද,
    විනාශ වෙන්න ස්ථිර ආත්මයක් තිබුණේ නැහැ.

    6. සාගර උදාහරණය

    බුදුහිමියන් කියන්නේ:

    රහතන් වහන්සේ මහා සාගරය වගේ.

    ඔබට සාගරයේ:

    “මේ තරම් ගැඹුරුයි”
    “මේක මෙතනින් ඉවරයි”

    කියලා සරලව මැනිය නොහැකි වගේ,

    රහතන් වහන්සේගේ පරිනිර්වාණ තත්ත්වයත්
    “ඇත”, “නැත” වගේ සාමාන්‍ය වචනවලින් විස්තර කරන්න බැහැ.

    සරලම සාරාංශය

    බුදුදහම කියන්නේ:

    ❌ “ස්ථිර ආත්මයක් සදාකාලිකව පවතිනවා” කියන එකත් වැරදි
    ❌ “මරණයෙන් පස්සේ සියල්ල සම්පූර්ණයෙන් විනාශ වෙනවා” කියන එකත් වැරදි

    ✅ ඇත්තේ:

    හේතු මත හටගැනීම
    හේතු නැතිවීමෙන් නිරුද්ධ වීම

    මෙය තමයි මධ්‍යම ප්‍රතිපදාව.
    මේවා මෙච්චර සංකීර්ණ කරලා කියන්නේ ඇයි බන්.

    හරි සරලව කියන්න පුළුවන්නේ, මැරුණට පස්සේ මෙන්න මේක වෙනවා කියලා.

    සිම්පල් නේද? එච්චර සිම්පල් විදියට කියන්නේ නැතුව වටේ යන්නේ ඇයි?

    මේකත් අර ලෝකයේ ආරම්භය ගැන අහනකොට කියපු අපබ්‍රන්ශයම තමයි කියල උඹලට හිතෙන්නේ නැද්ද?

    මට හිතෙන විදියට නම් වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.

    1. මේ ඉපදීමෙන් / මරණෙන් පස්සේ මේ හැම දේම ඉවරයි.
    2. මේ මරණෙන් පස්සේ ආත්මය වෙන ජීවියෙක්ට සෙට් වෙනවා.

    ඔය දෙකෙන් එකක් නොකිය වටේ යනවා කියන්නෙම හරියට දෙයක් දන්නේ නෑ කියන එක.

    පසුවට: මමත් කළු, සිංහල, බුද්ධාගමේ එකෙක් තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    වෙලා තියෙන්න පුලුවන්.
    අනන්ත ගානක අවස්ථා ඇතුලේ, අපි අනුරු 10 වචනයක් හිතන්, රැන්ඩම් අකුරු 10 ක වචනයක් ලිව්වොත්, අපි හිතපු වචනේ ලැබෙන අවස්ථාවක් එන්න පුලුවන්.
    බෝධිසත්වයන්ට ගැහැණු භව තියෙන්න පුලුවන් ද ?

    කතෝලික ආගම ඇත්ත වෙනවනං මම ඒකට ගොඩක් කැමතියි
    අහපු එකට උත්තරේ නෙවෙයි නේ ඔය
    ------ Post added on May 24, 2026 at 5:51 PM
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    517
    367
    63
    40
    Colombo
    31 තලයෙන් එකක.

    සසරේ අපිට අම්මා, තාත්තා, නෑදැයෝ නොවුන කව්රුවත් මේ ලෝකේ නැහැ කියනවා. හම්බෙනවා ඕන තරම්, අදුරගන්න බැරි ප්‍රශ්නෙයි තියෙන්නේ.
    ඕව තනිකරම සාහිත්‍ය කතා වෙන්න බැරිද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    There is no permanent "consciousness" according to buddhism

    permanent එකක් නැහැ. සිහිය කියලා එකක් වෙන ඇගකට මාරු වෙන්නැහැ, මේ ශරීරරය ඇසුරු කරන් සිහිය කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තව දුරටත් ඒ ශරීරය ඇසුරු කරගෙන පවත්වගන්න බැරි නිසා වෙන ශරීරයක් ඇසුරු කරන් සිත් පරම්පරාව ආරම්භ වෙනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,500
    1
    6,301
    113
    බෝධිසත්වයන්ට ගැහැණු භව තියෙන්න පුලුවන් ද ?

    අහපු එකට උත්තරේ නෙවෙයි නේ ඔය
    ------ Post added on May 24, 2026 at 5:51 PM
    පුළුවන්
    නියත විවරණ ලබන්න කලින්
    බුදු බව පැතීමට කලින් ආත් ම භාවයන් වල

    සාහිත්‍යයේ මම අහලා තියෙනවා නියත විවරණ ලැබූ පසු බෝධිසත්වයකු ගැහැණු ආත්ම භාවයක් ලබන්නේ නෑ ගියා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    බෝධිසත්වයන්ට ගැහැණු භව තියෙන්න පුලුවන් ද ?

    පාරමිතා සම්පූර්ණ කරන කාලේ තියෙන්න පුලුවන්ද, නැද්ද දන්නැහැ. කලින් තියෙන්න ඇති ඕන තරම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    පුළුවන්
    නියත විවරණ ලබන්න කලින්
    බුදු බව පැතීමට කලින් ආත් ම භාවයන් වල

    සාහිත්‍යයේ මම අහලා තියෙනවා නියත විවරණ ලැබූ පසු බෝධිසත්වයකු ගැහැණු ආත්ම භාවයක් ලබන්නේ නෑ ගියා
    එහෙම ලබපු ගැහැණු ආත්මයක් ගැන මොනවද තියන කතා ?