අපේ තාත්තා ලෙඩ වෙලා හිටිය පහුගිය ආණ්ඩුවේ තෙල් හිඟය තිබ්බ කාලේ. අපේ වාහන හොල්ලන්න විදියක් නැහැ. තෙල් පෝලිමේ ළගින්න වෙලා නැහැ. ඉතින් අපිත් පාරේ බස් එකයි ත්‍රීවීල් එකයි තමයි. එක දවසක් උදේ තාත්තාගේ ෆීඩින් ටියුබ් එක ගැලවිලා (නින්දෙන් එක ඇදගෙන) එක දාගන්න හොස්පිටල් එක්ක යන්න විදියක් තිබ්බේ නැහැ. පාරට ගියාම කොල්ලෙක් ත්‍රීවීල් එක තියාගෙන ඉන්නවා. මේ වෙලාව උදේ 7 විතර, හොඳටම හයර් වදින වෙලාව. අර කොල්ල කිව්වා කලින් බුක් කරපු හයර් එකක් තියෙනවා අය්යේ. ඒ අය එනකම් ඉන්නේ කියල. එත් මම හිස් අතින් පයින්ම ඊළඟ පාක් එකට යන්න හැදුවම කොල්ලා කිව්වා අය්යා එක්කගෙන යන්නම්, එත් ආපහු එන්න වෙන එකක් හොයාගන්න කියල. එහෙම කියල අපේ ගෙදරට ගිහින් තාත්තා හොස්පිටල් දාලා ගියා. ඌ ගත්තේ රුපියල් 200යි. හොඳටම සාධාරණ ගාණක්. ඒ කාලේ හයර් එකට 1000ක් දුන්නත් යන්න එකෙක් නැහැ. මන් ඌට ටිප් එකකුත් දීල ස්තුති කළා. ඔහොම හොඳ උන් ඉන්නවා බන්. අසමජ්ජාති සත්තුත් ඉන්නවා. එක ඉතින් සමාජේ හැටි.
@sinhawanshaya