කොටයක් පෙති ගහ ගත්තා. ලී පෙති දිරන්නෙ නැති වෙන්න පදම් කරගන්න දාන්න ඕන මොනවද?
wood preservatives - buy from a hardware
එයා අහන්නේ පදම් කරන (seasoning) විදිය බන්. Preservation කරන විදිය නෙමෙයි.Diesel + Kapuru
Apply 2 Coats
Or
Waste Engine Oil
ඕක Sufficient නෑ බං.wood preservatives - buy from a hardware
අඩෝ ගූ කැතයි නෙ බං කළු ම කළු පාට උනා මDiesel + Kapuru
Apply 2 Coats
Or
Waste Engine Oil
දාන කෙමිකල්ස් මොනවද? කළු තෙල් දැම්ම ම කැතයි නෙ වුඩ් කලර් එක එක විදියට දාන්න මුකුත් නැද්දදිරන් නැති වෙන්න නම් ඉතින් ක්‍රම දෙකයි තියෙන්නේ.
ඉස්සර විදුලි බල මණ්ඩලේ ලී ලයිට් කනු දාද්දි පදම් කරන්න ලී කොට තඩි තෙල් ළිඳකට දාලා පදම් කරනවා. ළිඳේ තියෙන්නේ කළුතෙල්. පිච්චුන එන්ජින් ඔයිල් ඩීසල් මිශ්‍රණයක්. ළිඳේ දාල මාසෙකින්ද කොහෙද ගොඩ ගන්නේ. ආයි ඉතින් අවුරුදු ගානකින් දිරන්නේ. ඔය වහලවල් වලට ගහන රීප්ප වගේ වැඩ වලට හොදයි.
නැත්තං දැන් අලුත් වැකුම් චේම්බර්ස් තියෙනවා. ලී වලට වුඩ් ප්‍රෙසටිව් වර්ගයක් ගාලා ලොකු මැශිමක් ඇතුලට දාලා වහනවා. මැශින් එක ඇතුලේ තියෙන වාතය ඔක්කොම වැකුම් කරනවා. ඊට පස්සේ මැශින් එක ඇතුලට ආයි කෙමිකල් එකක් පම්ප් කරනවා. ඕක මාරුවෙන් මාරුවට කර කර සති දෙකක් විතර තියෙනවා. ඒ ක්‍රමේ හොදයි ඔය ජනෙල්, දොරවල් හදන ඒවාට.
පිස්සුද බංලඟ පාත පුරං කුඹුරක් එහෙම තියනවනම්, මඩ යට කරලා තියන්න සතියක් විතර...
හොඳට පදම් වෙනවා, දිරන්නෙ නෑ කාලෙකට, සත්තු කට තියන්නෙත් නැහැ
වල් ඇපල්මොකක්ද ලී වර්ගය ?
ලී පෙති මොකටද බන්...පිස්සුද බං
------ Post added on Aug 13, 2026 at 3:55 PM
භාජනයක දාල wood preservative වල ගිල්ලල දවස් කීපයක් තියන්න.වල් ඇපල්
පිස්සු නෙවෙයි ඉස්සර එහෙම තමයි ලි පදම් කරන්නේ. දන්නේ නැත නම් කාගෙන් හරි වැඩිහිටි කෙනෙක්ගෙන් අහන්න.පිස්සුද බං![]()
කෙමිකල් වල නම් නම් දන් නෑ. ඔය වැඩේ කරන තැනක් හොයා ගෙන උන්ගෙන් තමා අහන්න වෙන්නේ. ඉස්සර තැනක් තිබ්බා පෑලියගොඩ කිට්ටුව. දැන්නම් ඒක නෑ. පොඩ්ඩක් හොයලා බලපන්. උබේ වැඩේ මොකද්ද?දාන කෙමිකල්ස් මොනවද? කළු තෙල් දැම්ම ම කැතයි නෙ වුඩ් කලර් එක එක විදියට දාන්න මුකුත් නැද්ද
------ Post added on Aug 13, 2026 at 12:50 PM
ඔය වැඩේ "හොර" වගේ ලී වර්ග වලට පුළුවන්. අනිත් ලී වර්ග වලට බෑ. මැහෝගනී එහෙම විනාස වෙනවා.ලි පදම් කරන්න බන් ගොඩක් වෙලාවට කරන්නේ ලිය වතුරේ ඔබල සතියක් විතර තියනව වතුර පල් වෙනකම්ම.. ඒකට පොල් ලෙලි, පොල් අතු ගිනිසීරියා කොළ එහෙමත් දාන්ඕන..
මොනවද ලි වර්ගය පදම් කරන්න ඕන?
පිස්සු නෙවෙයි ඉස්සර එහෙම තමයි ලි පදම් කරන්නේ. දන්නේ නැත නම් කාගෙන් හරි වැඩිහිටි කෙනෙක්ගෙන් අහන්න.
මඩේ හෝ වතුරේ පල් කරලා ගත්තු ලී වේලනව හෙවනේ. කෙලින්ම අවුව්වට තිබ්බම සමහර ලි ඇබරෙනව.එකයි හෙවනේ වේලන්නේ.. වෙලුනාම ලි සුපිරියට ම හයියයි. සමහර හයිය ලි තදබව අඩු වෙනව. ගස් ජැටියෙන් ජාතියට පාඩම් කරන විදිය වෙනස්. ඉක්මනට දිරන ලි වගේ නම් වෙලුනාම කළුතෙල් ගානව. ඉස්සර කොහොඹ තෙල් අළු එක්ක කලවම් කරලා ගානවා හොද ලි වල නම්.. කොහොඹ තෙල් අළු එක්ක ගාපු ලි නම් අවුරුදු සියගණන් තියනව.
මෙහෙම තමයි හරියට කල් තියාගන්න ලි පදම් කරන්නේ.
------ Post added on Aug 13, 2026 at 6:24 PM