ලී පදම් කරන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    කොටයක් පෙති ගහ ගත්තා. ලී පෙති දිරන්නෙ නැති වෙන්න පදම් කරගන්න දාන්න ඕන මොනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,028
    113
    දිරන් නැති වෙන්න නම් ඉතින් ක්‍රම දෙකයි තියෙන්නේ.

    ඉස්සර විදුලි බල මණ්ඩලේ ලී ලයිට් කනු දාද්දි පදම් කරන්න ලී කොට තඩි තෙල් ළිඳකට දාලා පදම් කරනවා. ළිඳේ තියෙන්නේ කළුතෙල්. පිච්චුන එන්ජින් ඔයිල් ඩීසල් මිශ්‍රණයක්. ළිඳේ දාල මාසෙකින්ද කොහෙද ගොඩ ගන්නේ. ආයි ඉතින් අවුරුදු ගානකින් දිරන්නේ. ඔය වහලවල් වලට ගහන රීප්ප වගේ වැඩ වලට හොදයි.

    නැත්තං දැන් අලුත් වැකුම් චේම්බර්ස් තියෙනවා. ලී වලට වුඩ් ප්‍රෙසටිව් වර්ගයක් ගාලා ලොකු මැශිමක් ඇතුලට දාලා වහනවා. මැශින් එක ඇතුලේ තියෙන වාතය ඔක්කොම වැකුම් කරනවා. ඊට පස්සේ මැශින් එක ඇතුලට ආයි කෙමිකල් එකක් පම්ප් කරනවා. ඕක මාරුවෙන් මාරුවට කර කර සති දෙකක් විතර තියෙනවා. ඒ ක්‍රමේ හොදයි ඔය ජනෙල්, දොරවල් හදන ඒවාට.
     
    • Like
    Reactions: AnuradhaRa