source
මිනිස්සු දාස්ගාණක් මියෑදිලා, තවත් දාස්ගාණක් අතුරුදන් වෙලා, රටක් පිටින් ම සෝදා ගිහිල්ල තියෙන වෙලාවක, බෞද්ධයන් විදියට අපිට දැනෙන්න ඕන කරුණාව, අනුකම්පාව, දයාර්ද්‍ර බව මිසක්, පිළිමයක් ගහගෙන නොගිය එක ගැන ආඩම්බරයක් නෙමෙයි! එහෙම හිතෙනවා නම් ඒක පුදුමාකාර අසංවේදීකමක් - නරුමකමක් මිස මනුස්සකමක් නම් නෙමෙයි.
මේ බේරුණු එක පිළිමෙට, ගෙවල්වල බුදුපිළිම දාස් ගාණක් ගහගෙන යන්න ඇති. පිළිම තිබියේ වා, සංඝයා වහන්සේලා සියගණනක් ගහගෙන යන්න ඇති. උපාසක උපාසිකාවන් දහස් ගණනක් ගහගෙන යන්න ඇති. එතකොට ඒ ගහගෙන ගියපු ඒවා පෙන්නලා කවුරුහරි ඇහුවොත්, මේකද උඹල ඔය කියන මහලොකු අනුහස කියල, මොකක් ද දෙන උත්තරය?
අද වෙනකොට ලෝකෙ මිනිස්සු ලංකාව දකින්නෙ උණුසුම් හදවත් ඇති, සංවේදී මිනිස්සු ඉන්න රටක් විදියට. අපේ රටට එන පිටරැටියන් පවා රට ගැන කියන දේවල් අතර ඉහළින් ම තියෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ මනුස්සකම. ඒ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ මේ වගේ දේවලින්? කර්මය නිසා නෙමෙයි නම් අඩුවශයෙන් රට ගැන ටිකක් හිතන්න.
බුද්ධ දේශනාවෙ හැටියට ලෝකෙ සියල්ල සිද්ද වෙන්නෙ අනුහස් නිසා නෙමෙයි. උතු (ඍතු) නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම සහ කම්ම නියාම කියල පහක් තියෙනව. නේපාලෙ ආපදාව ඍජුවම උතුනියාමයට අදාළ කාරණයක්. උසට මහතට හදපු පිළිමයක් ගහගෙන නොගියා නම් ඒක බීජ නියාමයට අදාළ කාරණයක්. කම්ම නියාමයත් බලපාන්න ඇති, අපි දන්නෙ නෑ. ඒ කොයික වෙතත් මේක ෂෙයා කර කර ආඩම්බර වෙන වාරයක් ගාණෙ ඔබට නං පිරෙන්නෙ පිනක් නෙමෙයි, පවක්! අනුන්ගෙ දුකේදි ආඩම්බර වෙනවා කියන්නෙ සසර පුරාවට පස්සෙන් එළව එළවා පළදෙන, අපරාපරිය වේදනීය පාපකර්මයක්!
මේ උතුම් පෝය දවසෙ පවු පුරවගන්න එපා. කරුණාව, මෛත්‍රිය වඩන්න