ලෝකේ පලවෙනි පාරට නාමල් අත් අඩංගුවට ගත්තා කියලා පෙන්නෙන එපා , මොකද රනිලුත් ගත්තා නාමල්ගෙ 2016 ජූලි

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    හ්ම්.. හ්ම්...
    බැසිල් ලොක්කත් හිරේ දැම්මා රනිල් ලොක්කා රෑ 12:00 වෙනකන් නඩු අහලා
    බාප්පයි පුතයි දෙන්නම දැම්මා.

    එහෙමයි කියලා මහින්ද මහත්තයලා පලි ගත්තෙ නෑ
    ලැබුන පලවෙනිපාරම රනිල් ලොක්කට චෑන්ස් එක දුන්නා
    පක්ෂෙම ඉඳපු ඩලස් උන්නැහැ කනෙන් ඇදලා පැත්තකින් තියලා
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    Ekale mechra kendiri gevenam nah

    1788518747249.png
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තා.

    එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතාට අල්ලස් කොමිසම විසින් කැඳවීමක් කර තිබුණ අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
    2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.
    එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.
    මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
    එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

    එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.
    ඒ අනුව අද පෙරවරු 9.15ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



    ------ Post added on Sep 4, 2026 at 5:56 PM