අපි හිනාවෙන්න ඕන අපිටමයි බන්. එකමුතුකමක් නැති ජාතියක්. එකෙක් උඩට නගිද්දි පලිස් එන්ට්‍රි දාන ජාතියක්. පාලනයක් නැති ඊර්සියාවෙන් පිපිරෙන ජාතියක්. කටේම දෙයියො උන්නට බොක්කෙ දඩමස් තැම්බෙන ජාතියක් වෙනුවට, ඒ මිනිස්සු දෙවියො, විශ්වය, ස්වභාවධර්මයට නමස්කාරය නං නමස්කාරය කරන ජාතියක්. එකමුතුකම කොහෙන් හරි පැළ කරගන්න ජාතියක්.
බුදු බණේ එක තැනක රජෙක් ඇවිල්ල අහනවලු බුදුන් වහන්සෙගෙන් හරි වෙනත් ස්වාමීන්වහන්සේ නමකින් හරි කොහොමද අපේ ප්‍රදේෂය වැඩි කරගන්නෙ. අරුන්ව යටත් කරගන්න ඕනෙ සටන් කළාට උන්ව වට්ටන්න බෑ කියල. අවසාන උපදෙස වෙන්නෙ - සටන නෙමෙයි, සමගිය පුහුණු කරවගන්න කියල. එතකොට ලැබෙන සතුට, සටන් කරල ලබන්න බෑ කියල. ඉතින් සමගියෙන් ඉන්න ජාතියක් ලෝකෙ වැඩි දියුණු වෙන එක බුදු බණේම කියල තියෙනව. හරි කතාව අදටත් ඇස් ඉස්සරහම!