උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,316
    6,096
    113
    මමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ. :love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    සිකුරාදා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන එකයි, සෙනසුරාදා ෆුකට එලිය වැටෙනකල් නිදාගන්න එකයි. අම්මෝ පුදුම සැපක්. සෙනසුරාදා දවසම සෙල්ලම්. ඒ අතරේ සෙනසුරාදට පට්ට කතා ගියා සිංහලට හඬකවපු මනුතාපය, යවෙස් ලූ මිනිසා වගේ හවසට ටින් ටින්, මයා බන්ධන.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,316
    6,096
    113
    පැස්ටල් කූරු භූමිතෙල් ලාම්පුවේ චිමිනියේ උළන එක. ලස්සන මෝස්‌තර හදන්න පුළුවන්. පැස්ටල් කූර රත් වෙලා උණු වෙලා ලස්සනට ඇඳෙනව.
    මමත් කරන්ට් එක නැතුව ලාම්පු එලියෙන් ඉදල තියනව. ඒත් ඒ කාලෙ ගෑන ලොකු මතකයක් නෑ දැන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    කිසිම දෙයක් මතක නැ, මතක් කරන්න තරම් හොද අතීතෙකුත් නැ
    නරක දේවල් නිතර මතක් කරන්න එපා. පොඩි දේවල් වුනත් කමක් නෑ හොඳ දේවල් මතක් කරන්න.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,899
    1,021
    113
    New York, USA
    podi kale mama hitiye gamaka. udeta nagitala kussiyata yanakota kiri ammai, ammai uyanawa. e kale gas lip na dara lipe uyanne. udeta kiri aththa dowagena awith unu karala dena elakir eka bona gaman lipe rasnen gihin tapina eka. dan kiri ammala aththala kawrut na, game maha gedara na, api rata ratawal wala. e kale mathaka marima sundarai.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    ඒ වගේම ඉස්කෝලෙ නිවාඩු දෙන දවස. දවසෙන් බාගයයි උගන්නන්නෙත්.
    එදා උගන්වන්නෙත් නෑ, අවුරුද්ද අවසානේ අලුත් පොත් ලැබෙනවා, පොඩි උන් රණ්ඩු කරනවා හොඳ පොතක් ගන්න. වාර විභාගේ රිසල්ට්ස් බලනවා. ලකුණු එකතු කරනවා. මන් ඉතින් හැමදාමත් පන්තියේ අග ඉඳල පළවෙනියා වගේ තමයි.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,871
    1,006
    113
    Ekanam School kale love eka, senasurada udeta thiyena ithihasa panthiya cut karala yaluwekge gedara gigin dagaya cartoon eka baluwa. Mama o/l kale giye night english clz ekakata, okata dena class fee nogewa kollo ekka rice kanawa. E kale kapu rice wala taste eka malata dan kisima thanaka na. Family eka paththen gaththoth loku deyak na, mama o/l iwarawenakal thaththagen hodata guti kawa. godakma kawe konde nisa paththata peeranna ona aniwa. Samahara welawata maha pare mama banum ahanawa minissu issaraha. Bomba bayata wada matanam thibune thaththata thiyena baya. Godak kiriye inna 80's 90's eunge podi kale jeewithe aniwa lassana athi. Thawa deyak, hoda pc thibune nathi nisa cafe walata gihin game gahuwa, cafe eke akka patta sexy, mathak wenakotath payya naginawa thama
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,275
    6,726
    113
    අඩෝ අපේ ගෙට පල්ලහා වෙලක් තිබබා .. දැන් එක පුරන් වෙලා..ඉස්සර මාර ලස්සනයි.. හුලන් කාලෙට ගොයම් අස්සේන් සිරීස් ගාල ගොයම් නමාගෙන හුලන් යන්නේ,, ඒ කලේ අපි සරුංගල් අරිනවා.. නියරවල් වලවැටි වැටී දුවන්නේ.. ආයෙ ඒ කුබුරු වලට වතුර එන ඇල හරස් කරල ඩෑම් එකක් ගහල නානවා... ඒ මතකනම් පිස්සුවක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,412
    77,501
    113
    මමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ. :love:
    ඉස්සර සොසේජස්, බේකන් වගේ කෑම හම්බෙන්නෙ අවුරුද්දකට සැරයක් වගේ. එක්කො තාත්තට වැඩිපුර කීයක් හරි සෙට් වෙන්න ඕනා, නැත්තන් කවුරුහරි නෑයෙක් ගෙනත් දෙන්න ඕන. මාර ආසයි එවා කන්න ඉස්සර

    ඉස්සර අම්ම අපිට කඩෙන් කන්න දෙන්නෙ නෑ. ඉතින් අම්ම ගමනක් ගියාම උදේ පාන්දර තාත්ත අම්මව බස්සලා මාලුපාන්, බිත්තර පාන් උස්සන් එනවා. ඒක කන්න බලන් ඉන්නෙ අපි

    චන්ද්‍රිකාගෙ කාලේ ලයිට් කැපුවාම කට්ටියම එකම කාමරේකට ගිහින් පරන කතා අහනවා.

    සීයගෙ හොල්මන් කතා අහන එක. සීයා මට මතක කාලේ ඉඳන් ඇඳේ හිටියෙ. ඇස් පේන්නෙ නෑ, චායවක් විතරයි පේන්නෙ. අපි ඉතින් සීයගෙන් පරන කතා අහනවා.

    රට ඉඳන් කවුරුහරි නෑයෙක් එන එක. අනිවා චොක්ලට් සෙල්ලම්බඩු ශුවර් ඉතින්.

    ඉස්සර අපේ ගෙදර එක දිගට ටීවි එකක් තිබිලා නෑ. කාලෙට කොහෙන්හරි හම්බුන එකක් තමා තියෙන්නෙ. ඉතින් ටීවි එකක් තියෙන කාලේ පරන කාර්ටූන්, කතා බලන්න එහෙම පට්ට කැමැති.