එළකිරි එකට ජොයින් වෙලා අදට අවුරුදු 20යි! (2006 Oct 19 - 2026 Oct 19)

PASAN147

Well-known member
  • Oct 19, 2006
    805
    1,472
    93
    Heiyanthuduwa - Kelaniya
    2006 දී එලකිරි join උනා කියන්නේ ලංකාවේ IT වල විකාශය හොදට දකින්න ඇති .
    dialup connection වල ඉදන් 5g වලට වෙනකන්,
    Windows 98 වගේ ඉදන් Windows 11 වෙනකන් ,
    තඩි ගඩොල් කැට phone වල ඉදන් iPhone 18 වෙනකන්,
    pentium 3 / AMD Athelon වල ඉදන් Intel Core Ultra 200S Plus series /AMD Ryzen වෙනකන්,
    Farcry 1 ඉදන් Farcry 5 වෙනකන්,

    විශේෂෙන්ම පානදුරේ නංගී ඉදන් දැන් latest ම එක්කෙනා වෙනකන්

    වටිනා චරිතයක් ඉතින්


    good luck bro ..
    ඔව්.. මම 2002 දි තමයි මුලින්ම IT ඉගෙන ගන්න පටන් ගත්තෙ... (O/L ඉවර වෙලා A/L පටන් ගන්නකන් නිවාඩුවට)

    ගෙදර SLT dialup connection එකෙන් තමයි Internet මුලින්ම භාවිතා කලේ (මුලින්ම බලපු Website එක තාම මතකයි. (kaputa.com) 2002.06.06 , Dialup Internet ඒක Fast නැති නිසා, සමහර වෙලාවට කිරිබත්ගොඩ ඉදලා 154 බස් එකේ පැයක් විතර ගත කරලා ඇවිත්, Majestic City එකේ 3 වැනි තටුවේ Cyber Cafe එකේ පැයට රු.80 ටත් Internet භාවිතා කලා. අදටත් MC ගියොත් 3 වැනි තටුවේ Cyber Cafe තිබ්බ තැන බැලනවාමයි. දැන් ඒවා නෑ..
    * දැන් SLT Fiber , 5G භාවිතා කරන්නෙ..

    Pen Drive නෑ Floppy Disk / CD භාවිතා කලේ..

    මුලින්ම ගෙදරට ගෙනාවේ Intel Pentium 1 - 166 MHZ, 32 MB RAM, 1.2 GB Hard Disk, 2 MB VGA, PCI Slot Sound Card, ISA Slot Modem, 14" CRT Monitor තිබ්බ MS Windows 95 , MS Office 97 Desktop Computer එකක්.
    ඊට පස්සේ ටිකෙන් ටික New Computer අරගෙන Windows 98, 2000, ME, XP, VISTA, 7, 8 , 8.1, 10, 11 දක්වා ආපු ගමනක් තියෙන්නෙ..

    Nokia 3310, Nokia 6630 (Symbian) , Lenovo, Samsung Champ, J5, A50, A55,...,(Android) Iphone (IOS) Mobile Phone භාවිතා කලේ..


    ඉතාම සුන්දර කාලයක්.... පැය ගානක් කියන්න විස්තර ඇති ඉතින්..

    Thanks Bro..
     
    Last edited:
    • Love
    Reactions: lcrstudio and san**