නොවැම්බර් 13දා විශාල අභ්‍යාවකාශ වස්තුවක් ගාල්ල මුහුදට පතිතවෙයි
නොවැම්බර් 13 වන දින ගාල්ලට කිලෝ මීටර් 65ක් දුරින් වූ මුහුදුට අභ්‍යාවකාශ වස්තුවක් පතිත වන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
මෙම වස්තුව අඩි 7ක් පමණ විශාල වන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම වස්තුව මුලදී හඳුනාගැනීමට නොහැකි වී ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.
පසුව තාරකා විද්‍යාඥයින්ට එය හදුනාගැනීමට හැකිවී තිබෙනවා.
මෙම වස්තුව අවුරුදු 40ට පෙර අභ්‍යාවකාශයට යවන ලද ඇපලෝ අභ්‍යාවකාශ යානයේ කොටසක් හෝ පසුව යවන ලද ලූණා නම් වු අභ්‍යවකාශයේ කොටසන් වනු ඇති බවද විමර්ශකයින් පවසයි.
(චිචී බේබිගේ සැටලයිට් එකද විය හැකි බව කරුනාවෙන් සලකන්න.)
මෙම අභ්‍යාවකාශ වස්තුව 1190F ලෙස නම් කර ඇති අතර 2012 වර්ශයේදී මෙම වස්තුව පිළිබඳව ප්‍රථමයෙන් පෘථිවියට පතිත වන බවට අනාවරණය කරගෙන තිබෙනවා.