1. biyondw

    pizza hut coupon help

    pizza hut coupon ekak thibedo ?
  2. biyondw

    69

  3. biyondw

    සතියකටවත් රට වහන්න – මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

    කොවිඩ් වෛසරය දැඩි ලෙස පැතිරී යන මේ අවස්ථාවේ දී ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශේෂඥ සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ පිළිපැද සතියකට හෝ රට වසා දමන ලෙස මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. එම නිවේදනය පහතින්, source
  4. biyondw

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ඉහළට

    අගොස්තු මස 23 වැනිදා සිට පාන් රාත්තලක මිල රු.5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා. පාන් පිටි වලින් නිෂ්පාදනය කෙරෙන සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු.10 කින් හා කේක්1kg ක මිල රු.100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙන්නේ. source
  5. biyondw

    අද කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

    දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 302කදී අද (11) කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා. එම ස්ථාන පහතින්, ඉමේජස් 10යි දාන්න පුළුවන්... :cry: source
  6. biyondw

    ලාෆ්ස් සිලින්ඩරය ලිට්‍රෝ සිලින්ඩරයට මාරු කරන්න අවසර

    ලාෆ්ස් හිස් ගෑස් සිලින්ඩරයකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මාරු කිරිමට හැකි බවත් ඒ සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමට තමා උපදෙස් ලබාදුන් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (අගෝස්තු 9) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳපොළ තුළ ගෑස්...
  7. biyondw

    පූජිත් – හේමසිරි පෙර ඇප මත මුදා හරී

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවලට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පෙර ඇප මත මුදා හැර තිබෙනවා. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා අද ලබා දුන්නා. නීතිපතිවරයා...
  8. biyondw

    රන්ජන්ටත් කොවිඩ්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට Covid-19 ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා. source
  9. biyondw

    මහින්දානන්දට කොරෝනා

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි. තම අමාත්‍යාංශයේ...
  10. biyondw

    වසර 6කට පසු භුවනේෂ්වර්ගෙන් ‘NO BALL’ එකක්

    ඉන්දීය පිලේ වේග පන්දු යවන භුවනේෂ්වර් කුමාර්ගෙන් පන්දුවාර 513 කුත් පන්දු 3 කට පසු ‘නෝ බෝලයක්’ සටහන් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (20) පැවැති දෙවැනි එක්දින තරඟයේ පස්වැනි පන්දුවාරයේ දී භූවනේෂ්වර්ගේ අතින් මෙම නිපන්දුව සටහන් වී තිබුණා. එය භූවනේෂ්වර්ගේ තරග...
  11. biyondw

    දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට

    නාවලපිටියේ ප්‍රදේශයේ දහතුන් හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම පිරිසෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පෙරේදා (13) අත්අඩංගුවට ගත් බවත් දැරිය අපයෝජයනය කිරීම සඳහා ආධාර...
  12. biyondw

    විමලදාස පෙරේරා දිවි සිනමාවෙන් සමු ගනී

    ප්‍රවීණ ගීත රචක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ විමලදාස පෙරේරා මහතා අද (14) සිය දිවි සිනමාවෙන් සමුගෙන ගොස් තිබෙනවා. සොඳුරු ගී මැවූ මදුරප්පෙරුම ආරච්චිගේ විමලදාස පෙරේරා නොහොත්, කලා ලොවේ ප්‍රචලිත විමලදාස පෙරේරා මහතා උපන්නේ 1936 අගෝස්තු 23 වෙනිදායි. ඒ මහතා වෘත්තීයෙන් චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, දෙබස්...
  13. biyondw

    ලන්ච් ෂීට් තහනම අගෝස්තු 01 සිට

    මෙරට සියලුම වෙළෙඳසැල්වල අගෝස්තු මස පළමුවන දා සිට අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බවත්, එම ලන්ච් ෂීට් භාවිතය අනිවාර්යය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව...
  14. biyondw

    ”කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල්” – ජගත් කුමාර

    මේ වන විට මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම හේ්තුවෙන් මේ වන විට විපක්ෂය බියට පත්ව ඇති බවයි. බැසිල් රාජපක්ෂ මහතා...
  15. biyondw

    හලාවත නගරාධිපති අත්අඩංගුවට

    හලාවත, සේදවත්ත ප්‍රදේශයේ දී සිදුවු පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ ඊයේ (11) රාත්‍රී 8.45 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි. අධි බලැති යතුරු පැදි දෙකක් ධාවනය කිරීමේ සිද්ධියක්...
  16. biyondw

    ඉන්දියාවේ “සිකා” ලංකාවටත් එයිද ?

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මේ වන විට පැතිර යන “සිකා” වෛරසය මෙරට තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන අතර එය ඩෙංගු උණ රෝගයට සමාන වන අතර ඩෙංගු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ...
  17. biyondw

    ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යය මණ්ඩල සාමාජිකයෙකුටත් කොවිඩ්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට ද මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ කණ්ඩායමේ දත්ත විශ්ලේෂකයෙකු (Data Analyst) වන ජී. ටී. නිරෝෂන් මහතාට බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ඔහු PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන්...
  18. biyondw

    මහින්ද – රනිල් හමුව

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ආකාරයේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා. මෙම ඡායාරූප වල ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා ද සිටින අයුරු...
  19. biyondw

    බැසිල්ට දුන් කීපයක් නැවත මහින්දට

    මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය යටතට පවරන ලද ආයතන කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය...
  20. biyondw

    ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග ඔක්තොබර්

    මෙවර පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොබර් 03දා පැවැත්වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගය ඔත්තොබර් මස 04 වැනිදා සිට 31වැනිදා දක්වා...

    No contents