1. tear

    සරා සඳ .....

    සරා සඳ ..... වළා අඳුරු පට ඉරා සිනාසෙන .. සරා සපිරි සඳ සදා නුඹය මට ...
  2. tear

    මිලින තරුවක් ...

    මිලින තරුවක් ... තරු මල් ඇහැරෙන අඳුරු රැයේ තරු අහසක සිරි වින්දා ... තරු එළිය දිගේ දුර ඈත ගිහින් තනි තරුවක හිත රැඳුනා .... දුල තරු අතරේ නුඹ " මිලින වූ තරුවකි " ලොව මට ගතු කීවත් .... වැඩි එළිය නැතත් " ඒ තරුව අගෙයි " මගෙ හිත මට කොඳුරනවා ....
  3. tear

    නුඹ තරම් ...

    නුඹ තරම් ... කඳුළු පිනිදිය ඉසින සිහින් සිරිපොද නුඹය .. මසිත තුරු පත් සිඳින සැහැසි මාරුතය නුඹ දිවි කතර දාහයෙන් දවන සැඩ හිරු නුඹය මසිත සුවපත් කරන අමා ඔසුවත් නුඹය ...
  4. tear

    ඔබමයි...

    ඔබමයි... නිම්හිම් නැති කඳුලැල් සිත්තම් කළ සිතුවම් ගෙත්තම් කළ පදවැල් ඔබ වෙනුවෙන්මයි හැමකල්
  5. tear

    වෙසක් සැ(මැරීම)

    වෙසක් සැ(මැරීම) වෙසක් සැ(මැරීම) වෙසක් සිරි බලන රිසි ... දනන් වීදි සරති රොඳ බඳිමින් ..... නෙක තොරණ් බලමින් ..... දහමක් නොදකිමින් ..... දුල විදුලි එළි පමණක් ම දකිමින් ...... සැබෑම යාචකයන්ට තහනම් ..... දන්සල් වඳිමින් ..... ඊට පස්සේ .............. වෙසක් ඉවරයි ලු ...
  6. tear

    වෙසක් සිරි !!!!

    වෙසක් සිරි !!!! දැල්වෙන මැටි පහන් වැටියකින් අරුමෝසම් නැති සුදෝ සුදු අටපට්ටමකින් වෑහෙන පින්බර සිසිලස .... දැනේවිද කිසි දින දහසක් විදුලි බුබුලින් බැබලෙන මහා පහන් කූඩු රාජයන් ලඟ ....
  7. tear

    මිරිඟුවක් වී ...

    මිරිඟුවක් වී ... ආදරේ සොඳුරු හැඟුමන් පුබුදුවා මසිත පිරිමැඳ ජීවිතේම ගීතවත් කළා …. වේදනා සුසුම් සුළඟින් පාරවා මසිත ලසොවින් ඒ ආදරේම මිරිඟුවක් වුනා …. සිත පුරා දකින සිහිනෙන් සිහිනයට ඇවිත් සෙනෙහෙන් ජීවිතේම හීනයක් වෙලා …. කඳුළු ලියකමින් හැඩවෙන කොපුල ලෙන්ගතුයි කඳුලට අඳුරු සිතක තනිය මැකු නිසා …
  8. tear

    සංසාරගත සෙනෙහසක් ...

    සංසාරගත සෙනෙහසක් ... සංසාරගත සෙනෙහසක් ... ආදරය ජීවිතය වී ජීවිතය ආදරය වී පැතූ යුගයක් නිමා වී එක්තැන් වුනා හුදෙකලා වී හිස් කමින් හිස්තැන් මැකූ ජීවිතේ හිස් වී නැතී විශ්වය සමයි පිදූ ආදරේ විඳි වේදනා නම් නිම් නැතී සසර සරනා මතු භවේ හමු වෙන්නෙපා මට නුඹ යළි පිදූ ආදරේ මා ඔබ නමින් හැම භවයෙදිම ඔබටයි හිමි
  9. tear

    අභිමානය සහ ගෞරවය

    අභිමානය සහ ගෞරවය අභිමානය සහ ගෞරවය සිතක අබිමන් බිඳිනු බෑ ලොව නිල බලෙන් මැඩලා .... කිසිදාක බුහුමන් විඳිනු බෑ ලොව බලෙන් නම් උදුරා ....
  10. tear

    තිළිණය

    තිළිණය ආදරේ සිඟමන් සොයා සිතින් සිත පියඹා නොයා එක සිතින්.. එක ලෙසින්.. අපි ආදරෙන් බැඳුනා අසනි වරුසාවක් වෙලා ඇද හැලුනු දා සිත් මල පෙලා උරණ වී මා හැර නොයා ඔබ මා ළඟම උන්නා ජීවිතේ මේයැ'යි කියා දුක සතුට ළඟ සසැලී නොබා අපි අපිම වී සම සේ දරා දිගු දුරක් පිය මැන්නා මා සිත...
  11. tear

    සෙනෙහසක මහිම ....

    සෙනෙහසක මහිම .... අසෙනිය කුසුමක්ව ඔබට පුද දුන් ම'සිත විඳි සිත පිරි මැදි සෙනෙහස ... සෞම්‍ය සඳ එළියක්මය නිකැලැල් ... කිසිදාක හිමි නොවන මුත් අහිමි නොවන බව පසක් කළ ... ජීවිතයට අහිමි ආත්මගත සෙනෙහසක මහිමයක් ...
  12. tear

    ජීවිතය

    ජීවිතය " ජීවිතය යනු ස්වභාව ධර්මය විසින් කර්ම රැස් කරවා , දුක නැමැති ධර්මතාවය අෂ්ටලෝක ධර්මයට අනුව පවත්වා ගෙන යාමට නිර්මාණය කරන ලද වැඩකට නැති සත්ව පුද්ගල භාවයෙන් හිස් වූ නාම රූපයක් බව මොහොතකට හෝ වැටහේවි. ඇත්තටම ඊට වැඩි මුකුත් මෙහි නැත. " * 2006.05.16 දින උපුටා ගැනීමකි. (" සංසාර ගමනේ තණ්හා ආශා...
  13. tear

    මඟ බලන හිතක් ...

    මඟ බලන හිතක් ... කැපි කැපී සුවඳ දෙන සඳුන් ගසක් වාගේ ... රිදි රිදී ඔබට පෙම් බඳී සිතම මාගේ ... මැවි මැවී මතක පෙරදා ගැන නෙතු දෑලේ ... මඟ බලා හිඳිමි යළි එන තුරු ප්‍රිය සුහදේ ...
  14. tear

    විසි හතර පැය

    විසි හතර පැය හිරු ඇහැරෙන හිමිදිරියේ සිතුවිල්ලක් වී ඇවිදින් .... දහසක් වැඩ අතර තුරේ හිත පුරාම සැරිසරමින් ... රෑ අඳුරේ කඳුළු දිගේ කොපුල පුරා දඟ කරමින් ... තුන්යම රෑ හීන අරන් හීන දිගේ ඔබ ඇවිදින් ...
  15. tear

    සමාව

    සමාව අනවරත සමාවක නිමාව වේදනාවද ..?
  16. tear

    වැව් ඉවුර

    වැව් ඉවුර සොඳුරු දසුනක් මැව්ව රුසිරු වැව් තාවුල්ල නිවා හිත ලතැවිල්ල ලඟා කල සැනසිල්ල මොහොතකටවත් මට .... වැටී සැඩ හිරු කැල්ම රිදී පැහැ රැලි මැව්ව මන බඳින වැව්තලය නෙතට සිසිලකි ගෙනෙන මොහොතකටවත් මට රැලි නඟා හැඩ මවන රුසිරු වැව්තලය සේ සිනාසෙමි මං ලොවට පෙනෙන සේ .. ගැඹුරු නිසසල අඳුරු වැව් පතුල සේ...
  17. tear

    ක්ෂිතිජ ඉම

    ක්ෂිතිජ ඉම දෑස රවටන ක්ෂිතිජ මායිමෙන් මෙපිට ඔබ ද මා ද හමුවෙන තැනක් නම් නැත මෙ'දියත
  18. tear

    අකාලික ප්‍රේමයක් ...

    අකාලික ප්‍රේමයක් ... අකාලික ප්‍රේමයක් ... නෙත කඳුලැලි රන්ඳා හද සුසුමින් රිදවා දුක ගෙන ආවත් කැන්දා මං ඔබටම පෙම් බැන්දා .. මල් සුවඳක් වී සිහිලැල් සඳ එළියක් සේ නිකැලැල් ඔබ දුන් සෙනෙහස මනරම් තනි රකීවි මට තුන්කල් ...
  19. tear

    දුබල සිත..

    දුබල සිත.. නිමල සිත බැඳුන තැන රැඳුන දුක අපමණය ...... දිදුල පෙම සුරකින්න දැරුව තැත නොදෙවැනිය .... පළුඳු සිත පිරියමින් එකතු කළ තැන් බෝය... හිතන්නට හිතක්වත් අනේ දැන් නැති සේය ...
  20. tear

    ජීවිතය..

    ජීවිතය.. විඩාබර නෙතු අගින් කඳුල ඔබ බැස යන්න.... ආයෙමත් මට බැරිය ඔහු නමින් වැලපෙන්න.... හැඩි කෙරුව සිත් අහස සීරුවට අමදින්න.... ජීවයක් මට දෙන්න ආයෙමත් හිනැහෙන්න.....

    No contents