1. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ඈ මගෙ දෙවැනි අම්මා... ඈ මගෙ දෙවැනි අම්මා... රතු සුදු රෝස මල් පිච්ච මල් කඳුළු ඉස්සාය මදි පාඩුවට ලණු දිරූ ඉණි පහන් පැල ළඟ උගන්වා මට පන්සිල් ගන්ට... සිල් ගත්තීය මට නෑසෙන්ට.... අයැදිමින් සිව් දිසා දෙවියන්ට පැතුවාය සක්විති මම වෙන්ට ඇය එක්කාන ආ මොණරුන්ට උන් ආ දිහාවක් නොකියන්ට... ඇය...
  2. Dewrangi

    මට ඉක්මනින් යන්නට හැකී...

    මට ඉක්මනින් යන්නට හැකී... උවම් තාලම් නොදනිමී සනසන රිසින් නුඹ ගැයුවෙමී... ඒ අසා උන්නේ අපුලෙනී මා නොදැන සැමදා ගැයුවෙමී... නුඹ සප්ත ස්වරයම පටලැවී වෙණ තත් කඩා දා ගිය හැටී... මට හඬන්නට සිතු සේ වැටී මේ රැයේ කළුවර නම් මදී... පෙර පැතූ සේ වෙසතුරුම වී මගෙ සිහින වත්කම් දන් දුනී... වංකගිරියේ වල්...
  3. Dewrangi

    ....ඇය....

    ...ඇය... ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක... ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන අතරමං උන දන - පිපාසෙන් ඇවිදින හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන... පිණි...
  4. Dewrangi

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය පරිප්පු කම්හලේ හදිසි අනතුරින් මිය ගිය සේවකයාගේ පෙම්වතිය කී කවිය... මගෙ සරා සඳ සේම..සිනාසී..ඒ වගෙම... දැන් දැන් මතු වෙතැයි...මා හිමි එ රන් කඳ අල්ලාගෙන හිතින් තත්පර කටුව අග... කන්නලව් කලෙම් මම...කෝටියක් දෙවිඳු වැඳ... ඉවසිල්ලක් නැතුව ඇවිද්දත් යකඩ අත...
  5. Dewrangi

    තාත්තගේ අබිනික්මණ...

    තාත්තගේ අබිනික්මණ... යාපනේ චාවකච්චේරියේ සාමයේ ඒ නයින් මාවතේ නුඹ තියපු අඩි සලකුණු දිගේ ඇවිදිනා මම රාහුල නොවේ... එදා සුදු පරවියන් අතර බිම වැටී මිදී කඳුලෙන් උපන් ලේ කැටී බදා උන් පොළව කාටත් නොදී අද නුඹට ඒ පොළව ණය ගැතී... අම්මාටත් කියා අබිනික්මන් හැර ගියත් අත් නොහැර රජ කම් ගැබ්බර උනු කුසට...
  6. Dewrangi

    අම්මාටත් හොරෙන් අරන් ආ සුදු නෙළුම...

    පුවතක්-ගං ඉවුර අසල ගසක පුංචි දැරියකගේ මළ සිරුරක් නිසලව ගලනු බැරි අද නම් පෙර සේම උස්ස උස්සා ගසමි කැළඹුණු පතුලේම ඉස්සි ඉස්සී තපින ඉවුරේ තිස්සේම මානා උන් කොකුනි තෙපි කණ වීද... අම්මාටත් හොරෙන් අරන් ආ සුදු නෙළුම දෙබොක්කාවේ ගසා පෙති විසි කර ගඟට රන් කිරි උරා බිවු දෙතොල් හප කර යසට පැන ගිය වන...
  7. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි... රත්තරං....:love: එහෙම කිව්වොතින් ඒක නුඹට කරන අවමානයක්... මොකද නුඹේ වටිනාකම, නුඹේ ආදරය, රැකවරණය මිල ඉහල පහල යන රත්තරං වලට සමාන කරන්න මට කොහෙත්ම බැහැ... මම නුඹට අප්පච්චි කියන්නම්... මොකද ඒ තමයි මගෙ ලෝකේ පිරිමියෙක්ට තියන අසම සම නාමය... පහුගිය අවුරුද්ද පුරා මගෙන්...
  8. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය... මනෝරම මන්දිරේ අගුපිලක පාදඩ බලු රැලකි කටු ලොවන මහ ගේට්ටුවෙන් එහා සිටි දනට උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය... අවරට යන ඉරේ රැස් වලට මන්දිරෙන් පිට බලා උන් දනට බොඳ ඇසින් දුටු නිලංකාරෙට මන්දිරය පෙනුනේ තේජසට... දන් පින් කරති දස සිල් රකිති මා වැනි බිලිඳුගෙන් දුක් අසති...
  9. Dewrangi

    -සිසිරය-

    -සිසිරයට ගසක් කියූ කවිය- පිපුණු මල් සේරම හැලුව මං අන්තිම කොළෙත් මියැදුනා දැන් කීරි ගැහෙනකොට හිත හීතලට කොහොම උහුලන් ඉන්නද ඉතිං ... දුර ඈත කඳු පල්ලම් මැදින් ඉර හැංගුනා දුවගෙන ගිහිං හිම වැස්ස රිද්දෝපු තරමට ආයෙ නම් එන එකක් නෑ ඉතිං... කිසිම ඉස්පාසුවක් නැති තරම් හැල්මේ දුවනවා හුළඟ නම්...
  10. Dewrangi

    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ... නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ නුබෙ ඇස කවියක්ය මා ඇස ළඟ රැඳුනූ නුබෙ හිත කවියක්ය මා තාලම වැයුනූ නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ... හීන හතම නුඹමය නුබෙ සුවඳමය පාට උලනකොට හීනේ අහවරය පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය බාර උනත් අහස පොළොව හුඟ දුරය... රූප අඹා...
  11. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    මතක බණ ඉවරයි නිර්මලා....... මතක බණ ඉවරයි නිර්මලා... අද රැයත් නුඹ හිතේ මුල්ලෙම පහන් කරපන් ගුලිවෙලා... මුණ ගැසී අපි කතා නොකරපු ඇස් වලින් වරු ගණන් විඳවපු හැම කතාවම අද කියන්නම් අහන් ඉඳපන් නිර්මලා... එදත් මං උන්නෙ මඟ බලා... වලාකුළු මොර තියා හඬමින් කියද්දිත් නපුරක් කියා... මත් බඹර තුඩු...
  12. Dewrangi

    තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

    තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි... හඳ අරගෙන එන්න යන්න ගිය අප්පච්චි පපුවෙ රිදුමක් ඇවිත් මගදිම නැවතිච්චි... හඳ ඔච්චමට අපිට ඈතින් හිනැහෙද්දි අහස පොළවත් එක්ක රවුමේ කැරකිච්චි... කඳුල ඉන්නට බැරුව සරමට පැනගද්දී ලොකු හුස්මක් අරන් නැගිට්ටා අප්පච්චි... නින්දා අපහාස ණය බරින් මිරිකෙද්දි ඔලුවත්...
  13. Dewrangi

    පිපෙන මල් රකිමු අපි මැණිකේ...

    පිපෙන මල් රකිමු අපි මැණිකේ... තුරුණු ගස් වැල් අතිනත වෙලා අලුත් මල් පුබුදන්න සැරසේ හාදුවක් විඳ ගන්න රිසිසේ වසන්තෙට ඉඩ දෙන්න මැණිකේ අමාවක පෝය දා වාගේ අමනාපයෙන් ඉන්නෙපා මැණිකේ... හීන් රන්වන් ළදලු පැද්දිලා හුරතලයෙන් බලා හිනැහේ උන්ගෙ ඉඟි බිඟි පාන රහසේ ඉරිසියා හිතෙනවද මැණිකේ... ඉස්සරම අපි...
  14. Dewrangi

    ගොතමු කවියක් නිමාවක් නැති...

    ගොතමු කවියක් නිමාවක් නැති... අත් පසුර හැර ඇවිද යමු අපි නොපෑගෙන ලෙස සිඟිති මල් පෙති... නොදැක්කා වාගේම ඉමු අපි සුළං රැල්ලක් හාදු දෙන හැටි... රන් හුයෙන් දෑඟිලි බඳින්නැති එක කැදැල්ලක් කොහේ හරි ඇති ... අත් පසුර හැර ඇවිද යමු අපි ගොතමු කවියක් නිමාවක් නැති... කිරි සුවඳ විසිරුණ මල් හීන වල බිදුණු සිල්...
  15. Dewrangi

    මගෙ පුංචි දෝණි..

    මගෙ පුංචි දෝණි.. සුදු සුමුදු මල් දෙපෙති නෙලාගෙන එන්නී ඇවිදිනා රෑ හීන මලින් සරසන්නී අඳුරු උනු මා නෙතේ පහන් දල්වන්නී නුඹ මගෙයි...මා නුඹෙයි...මගෙ පුංචි දෝණි.. සඳවතින් මට උපන් මගේ සඳ සාවියේ සඳ දුරයි මට ඉතින් නුඹේ උණුහුම තියේ සීරුවට නුඹ හොවා වළාකුළු පේළියේ රැගෙන යමි නුඹව මා ඈත ආකාසයේ... සඳ...
  16. Dewrangi

    කසාදය...

    ඉඳීකඩේ පපුව ඇමිණුන ගොම්මනේ වැට පැන්න ප්‍රේමයේ හිරි ඔතප් සේරම සුදු කඩදාසියක හිර උන... තුන්සිය හැටපහ ගෙවෙයි හීන ගැන වගක් නැතුවම... කතා පොත් වල විතරය දෙකට බෙදුවේ තේ එක ඇල් මැරෙන හැම දවසක නුඹ ඉන්නෙ හිස් බැල්මක... ඒ තරම් පැණි රසද රහමෙර මං තිත්ත වෙන තරමටම... කෙටි පණිවුඩ හොරෙන් රස වින්ද දා...
  17. Dewrangi

    යලිත් ඇවිදින් යන්න...

    යලිත් ඇවිදින් යන්න... එළකිරි සහෘදයකුගේ ඉල්ලීමකට අනුව කළ නිර්මාණයකි.
  18. Dewrangi

    මලේ පාර නොපෙනුනාද...

    මලේ පාර නොපෙනුනාද... සද නිවී ගියා රෑ අහසින් කඩා වැටුනි රන් තරුමල ගිනි තියලා මුලු අහසම තනි කරලා තරු රෑනම... අකුණු හෙලූ මහ වැස්සෙත් නොනිවී දිලුනා නම් නුඹ මලේ පාර නොපෙනුනාද සන්සාරේ කරපු පවට... ගැබ්බර වුනු හිස් අහසට කදුලක් නෑ තව හෙලන්න කිරි සුවදේ දැවටීගෙන ආයිත් අහසටම එන්න... දෙනෝ...
  19. Dewrangi

    තලා නොගනිමි සිත...

    තලා නොගනිමි සිත...
  20. Dewrangi

    උන් සැනසෙති මස් බුදිමින්...

    උන් සැනසෙති මස් බුදිමින්... මෙම නිර්මාණයහි කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණක් නැත. මේ අප සමස්ථ මිනිස් සමාජයම මගේ ඇසින් දැක්මක් පමණකි.

    No contents