අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ආපනශාලාවල ප්ලේන්ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ප්ලේන්ටී සහ කිරිතේ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ද, කිරි තේ එකක සහ කිරිතේ මිල රුපියල් 10කින් ද ඉහළ යනු ඇත.