1. T

    Working TV with UPS,

    මාත් UPS එකෙන් දීලා තියෙන්නේ LED TV එකට. CCTV වලටත් මේ TV එකම පාවිච්චි කරන නිසා, අවශ්‍ය වෙලාවට Input select කරලා TV එක විදියට හෝ CCTV Screen එක විදියට පාවිච්චි කරනවා. එහෙම කිසිම සද්දයක් නම් එන්නේ නෑ.
  2. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    ගෙදරට හෝ වෙනත් උවමනාවකට විදුලිය ගන්න කිසිසේත්ම මේ බැටරිය පාවිච්චි කළේ නෑ. Alto කාර් එකේ පාවිච්චි කළේ, සතියේ දිනවල මිනුවන්ගොඩ සිට කොළඹට වැඩට ගොස් එනවා මේ කාර් එකේ. Lucas 35A බැටරිය ගත්තේ Alto එකට, දැන් මාසයකට විතර කලින් රු. 8500/- වුනේ, Browns Warranty එක්ක. 1 year warranty ------ Post added on...
  3. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    චාජින් චෙක් කළා, කිසිම අවුලක් නෑ.
  4. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    උන්ගේ වෙබ් සයිට් එකක්වත් නෑනේ, email ලිපිනය මොකක්ද? මරදානේ කොහේද ඔපිස් එක තියෙන්නේ.
  5. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    බැටරිය කාර් එකට සවි කරලා නෙමෙයි, නිකං ගෙදර තිබුණේ, දවස් 2කට පස්සේ වොල්ටේජ් 12V. (බැටරිය නරක් වෙලා, කාර් එකේ Alternator, Regulator චෙක් කරලා ඒවායේ මොකුත් වරදක් නෑ කිව්වාට පස්සේ එවෙලේම අලුත් බැටරියක් දැම්මා, ඊට පස්සේයි Amaron බැටරිය Warranty ඉල්ලන්න අරන් ගියේ.
  6. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    Alternator සහ Regulator චෙක් කළා, ඒවායේ කිසිම වරදක් නෑ කිව්වා, ඊට පස්සේ අලුතින් බැටරියක් දැම්මා, Lucas එකක්, Browns එකෙන් කරන්නේ, දැන් සති 3 ක් වෙනවා, දැනට කිසි අවුලක් නෑ, දැන් තියෙන්නේ Amaron බැටරියට Warranty ගන්න බැරි ගැටලුව.
  7. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක්...
  8. T

    ප්‍රින්ටරේට කෙල වුනා

    යාළුවනේ, Daraz එකෙන් ගත්ත Compatible Toner එකක් නිසා මගේ Canon 6030 ප්‍රින්ටරේට ඊයේ කෙල වුනා. රු. 2050/- කට ගත්තේ Premium කියලා බ්‍රෑන්ඩ් එකක්, Toner Cartridge එක දාලා Power On කරද්දීම ස්පාක් වෙනවා දැනුනා, දැන් ප්‍රින්ටරය වැඩ කරන්නේ නෑ, Power On LED එක පත්තු වෙනවා විතරයි. මේ ගැන ප්‍රින්ටර්...
  9. T

    Alien Registration Number

    යාළුවනේ, දැනට වසර කීපයකට පෙර දී සයිප්‍රස් වල වසර 2 ක් රැකියාව කර ලංකාවට පැමිණ දැනට ලංකාවේ සිටින අයෙකුට සයිප්‍රස් වල සිටිය දී එරටින් ලබා දුන් Alien Registration Number එක සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. ඊට අදාළ කාඩ් පත අස්ථානගත වීම නිසා එම අංකය දැනට ඔහු ළග නෑ. පාස්පෝට් එක හා ජාතික හැඳුනුම්පත...
  10. T

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    මං ගෙදර වැඩට Stanley ඩ්‍රිල් මැෂින් එකක් ගත්තා ටික කාලෙකට කලින්. තාම වැඩක් ගත්තේත් නෑ. රු. 8000/- ක් වුනේ. සාමාන්‍ය හාඩ්වෙයා එකකින් ගත්තේ. dimo වොරන්ටි කාඩ් එක නම් බොක්ස් එක ඇතුළේම තිබිලා සම්පූර්ණ කරලා දුන්නා. Stanley එකේත් fake එනවා ද?
  11. T

    ලේන් පැටිය තාම දොයි

    FB එකේ MISHA & THE SRI LANKAN SQUIRRELS ගෘප් එකට ගිහින් උපදෙස් ලබා ගන්න ඉක්මනින්. අසරණ ලේන් පැටියාට උදව්කරනවාට ස්තුතියි.
  12. T

    ඇල්ටෝ එකේ බැටරිය ඕවර් චාර්ජ් වෙනවා

    ඇල්ටෝ 800 කාර් එකේ බැටරිය ඕවර් චාර්ජ් වෙන්නේ ඇයි? ඊයේ හවස ගෙදර ඇවිත් කාර් එක නැවැත්වුවාම බැටරි ඇසිඩ් ගඳක් ආවා, බලද්දී බැටරිය ගොඩක් රත් වෙලා තිබුණා, අද උදේ බලද්දී බැටරියේ වතුර හිඳිලා ගිහින්, නැවත බැටරි වතුර පිරෙව්වා, කාර් එක ස්ටාර්ට් වෙනවා, මේක ලෙඩේ මොකක්ද කියලා බලලා හදා ගන්න හොඳ තැනක් කියන්න...
  13. T

    වාහනයක ලියාපදිංචි අයිතිකරු

    අංක PU-4132 දරන වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන් ද යන්න පුළුවන් නම් සොයා දෙන්න. ළා කොළ පාට TATA Ace එකක්. (ඩිමො බට්ටා වගේ පෙනුමක් තියෙන) මේ වාහනයෙන් අද දින (23) අප ප්‍රදේශයේ (හලා/ මාදම්පේ ආසන්නව) සිටින අසරණ වීදි සුනඛයින් අල්ලාගෙන පටවාගෙන ගොස් තිබෙනවා, අදාළ විෂය භාර PHI මහතුන්ගෙන් විමසා බැලු...
  14. T

    How to kill a dog legally?

    Euthanize කරන්න එපා, පව්, ඌට කතා කරන්න පුළුවන් නම් One more minute, One more minute ............. කියාවි. කිසිදු සතෙක් මරණයට කැමති නෑ, වෙනත් සුදුසු විසඳුමක් ගැන බලන්න.
  15. T

    Abans App Smart Speaker

    Abans App Smart Speaker එකක් ගත්තා. මං මේකෙන් FM රේඩියෝව පහසුවෙන් අහන්න පුළුවන් වෙයි කියලා හිතලායි ගත්තේ. ( Online order කළේ) මේක වැඩ කරන්න Phone එකට Speaker Pro app එක install කරන්න ඕනලු නේද? මගේ තියෙන්නේ Huawei phone එකක්. ඒකේ AppGallery එකේ ඒ app එක නෑ. මේ ගැන දන්නා අය උපදෙස් දෙන්න. ස්තුතියි.
  16. T

    බල්ලට බෙත් දැම්මා

    බල්ලා ගැන සැලකිල්ලෙන් බලන්න. AntiBiotic එහෙම දෙන්න කීවා නම් ඒවා ඒ විදියටම දෙන්න. කෑම බීමත් දෙන්න. බල්ලා දින 14 ක් ජීවත් වුනොත් Rabies ගැන හිතේ තියෙන බිය අත් ඇරලා දාන්න. අසරණ සතා ට උදව් කළාට බොහොම පිං. ඕවා ජීවිතයේ කවදා හෝ ආපසු ලැබෙනවා.
  17. T

    Parvo රෝගය යනු කුමක් ද?:

    පාවෝ රෝගය මුල් අවස්ථාවේ දී පහසුවෙන් හොද කරන්න පුළුවන් ආයුර්වේද බේත් මගින්.
  18. T

    තුවාල උන බල්ලෙක්

    FB එකේ Animal Welfare Group වල පින්තූර එක්ක පෝස්ට් දාලා බලන්න. ඒ එකකින්වත් පලක් වුනේ නැත්නම් මං බේත් කියන්නම්, අත්දැකීමෙන්, පාරේ සතුන් විශාල සංඛ්‍යාවක් සුව කරලා තියෙනවා මං. මගේ දුරකථන අංක PM කළා. ඇමතුමක් ගන්න. අසරණ සතාට උදව් කරනවාට ඔබට පිං.
  19. T

    අපේ කිටියා

    බල්ලෙක් හැපුවේ ඊයේ පෙරේදා නම් රේබීස් හැදෙන්න කල් මදි ගොඩක් වෙලාවටම. මට හිතෙන්නේ බල්ලා හපපු එකේ අමාරුව තමයි ඇත්තේ. වෙට් කෙනෙකුගෙන් බේත් කරන්න ඉක්මනින්ම. හොඳටම සනීප වුනාම Anti-Rabies එන්නත දෙන්න. ඒ ඇරුනාම පූසන්ට TriCat එන්නතත් දෙනවා නම් හුඟක්ම හොඳයි. (එන්නත් දෙකම එක දවසේ දෙන්නේ නෑ) ඒක නම් ගණන්...
  20. T

    බයික් එකේ ඔයිල් ලීක්ද? ගෙදරදිම හදාගමුද?

    මචංල, NGK ප්ලග් වල ඩුප්ලිකේට් එනවා, මං ඒ නිසා බජාජ් එකෙන්මයි ප්ලග් ගන්නේ, දවසක් කොල්ලෙක් NGK ඩුප්ලිකේට් ප්ලග් එකක් බයික් එක හයි ස්පීඩ් යද්දී ස්පාර්ක් පොයින්ට් එක උණු වෙලා ගිහින්, බාස් ගාවට බයික් එක තල්ලු කරගෙන ආවේ මාත් එතැන ඉන්න වේලාවකදීමයි, එදා ඉඳන් මං NGK ප්ලග් ගත්තේ නෑ, NGK ඔරිජිනල් එක ගන්න...

    No contents