කී කිරිඳිය ඇට නූලක අමුණා
නැති බැරි කමටයි ගෙල බැන්ඳේ
බෝ විටියා දං හවුලෙ කඩා කෑ
බාල වියේ දී කල් බැන්ඳේ
මට පිටුපෑමට ඔබට දිරිය දෙන
ඇට වැල කවුරුද ගෙල බැන්ඳේ
ඉසුරු වලට යට ගියාව යට කර
ඇයි දැයි නෑනේ සිත බින්ඳේ.....
ලන්දේ දෙණීයේ කුඹුරේ හේනේ අපේ ආදරේ මෝදු වුනා
යාන්තමට හරි මතකද ඉස්සර කීව කතා රහසේ මුමුණා...