ඉස්සර අපි මාළිගාවත්ත ඉන්න කාලේ මම වැඩ කරේ ටවුන් එකේ කඩේක. දෙමළ මනුස්සයෙක්ගේ කඩේ. අපි කොල්ලො තුන් දෙනෙක් හිටියා වැඩට බොසාගේ අක්කගේ පුතා සෙල්වම් කියලා එකෙකුයි මමයි, අපි ෆිට් එකට නජ්ජා කියපු එකෙකුයි. බොස්ගේ නම රාජ ක්‍රිශ්ණන් වගේ නමක්. ඉතිං බොසා ආගම දහමට හෙනම ලැදියි. හැමදාම හවසට අලුත්ම ගිතෙල් පහන්...