1. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    :D එල එහෙම ඇග හැදීගන එනකොට නම් මාර ගති තමයි. එක ගානකට ආවට පස්සේ ඉතිරි ටික හැදෙන්න ටිකක් කල් යනවනේ. (කල් යන්නෙ නෑ. අපිට ඒක දැනෙනවා මදි) එතකොට තමයි ගොඩක් අය අත අරින්නේ. එහෙම නැතුව දිගටම සෙට් එක දාන්න මල්ලි.
  2. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    හැබැයි මචං මගේ අත්දැකීමේ හැටියට නම් කබඩ් වගේ ඒවට ස්කෲ ඇන දාන්නම වෙනවා. මම හදපු ඔක්කොටම නම් දැම්මා. නැත්තං වැනෙනවා වගේ. හැබැයි එපිෆික්ස් එක දවසක් හයි උනාම නම් මාර ශක්තියක් එනවා. කෝකටත් ෆ්‍රෙම් එක ගහලා දවසක් වේලලා බලන්න හයිය හොදද කියලා. කබඩ් වලට 1/2 බෝඩ් වත් (නූල් 6) ඕනේ මචන් උඹ ගත්තේ ගොඩක් තුනී...
  3. Mr.Tom

    browser ekata කෙල වෙලා

    එක එක වැල ගුබ්බෑයං අස්සේ රිංගලා ඔය කොරගන තියන්නේ :angry: :growl: මුලින්ම සි ක්ලීනර් දාලා මැෂින් එක සුද්ධ කරපං. ඊට පස්සේ කන්ට්‍රෝල් පැනල් එකෙන් ඇඩ් රිමූව් ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා බලපං දන්නෙ නැති දේවල් ඉන්ස්ටෝල් වෙලා තියනවද කියලා‍. බ්‍රව්සර් එකේ ඇඩ්ඔන්ස් වල බලපං දන්නේ නැති දේවල් තියනවද කියලා. එහෙමත්...
  4. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    කියන්න තරම් ලොකු දෙයක් නම් දන්නෙ නෑ. :sorry: හෙයා ඩ්‍රයර් එකෙන් රත් කර කර ස්ටිකර් එක ගහන එක නම් සාර්ථක වෙලා තියනවා. ස්ප්‍රේ ගන් කම්ප්‍රෙශර් තියනව නම් ඉතිං එල තමයි. :) මොකද්ද හදන්න යන්නේ. මතක ඇතුව ස්කෲ ඇන දාද්දි ඇනේ හිස උඩට තියෙන්නේ නැත් වෙන්න ඇතුලට බස්සලා පොටි දාලා ලෙවල් කරන්න පුලුවන් තත්වෙට...
  5. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    එහෙම හිත හිත හිටියොත් හරි යන්නෙ නෑ මල්ලි. පුලුවන් නම් ඔයා පටන් අරගෙන ගෙදර අයවත් එක්සසයිස් වලට යොමු කර ගන්න.
  6. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    :):) එල එල කරලා විස්තර අප්ඩෙට් කරන්න. මම නම් අව්රුදු 3 ක් විතර කරේ නෑ :dull: ඒ අව්රුදු 3 ට ඉන 32 ඉදලා 36 වෙනකල් වැඩි උනා. :dull: මටම දැනෙන තරමට මගේ ඇග දුර්වල උනා. වැඩිය මහන්සි වෙන්න අමාරුයි වගේ උනා. අද Pushup 10 ක් එක දිගට ගහන්න බැරි උනා කියපංකෝ. ආයි නම් කරන්නේ නැතුව ඉන්න හොද නෑ. :no:
  7. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    :) ත්‍රෙඩ් එකේ ගේම් එකක් වගේ ගෙනියමු වැඩේ.
  8. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    දවසේ ඕනිම වෙලාවක කරන්න පුලුවන් මල්ලි. වර්ම් අප් එක්සයිස් වලින් වෙන්නේ ඇගේ මාන්ශපේශීන් උණුසුම් වෙන එක. ටිකක් වෙලා එක තැන දිව්වත් ඒක වෙනවා. ඊට පස්සේ උරහිස්, අත්, කකුල්, ඉන, බෙල්ල එහෙම ටිකක් කරකවලා එක්සසයිස් කරානම් හොදට වර්ම් අප් වෙනවා. බෙල්ල කරකවනවා කියමුකෝ.. ඒක වමට අටයි දකුනට අටයි. අත් උරහිස්...
  9. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    එල මල්ලි. ඇත්තටම ජිම් යන්න පුලුවන් නම් හොදයි. ඒත් මට වගේම වෙලාවල් නැති අය ගොඩක් ඉන්නවා මල්ලි. මම ඉස්සර මාස 6 ක් විතර ජිම් ගියා. ඒත් මම කරන රස්සාවේ හැටියට ජිම් යන්න වෙලාවක් හදාගන්න අමාරුයි. ඒකයි මම නම් ජිම් යන්නේ නැත්තේ. මගේ තත්වෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා ඉතිං :nerd: ඒ වගේ අය නිකංම ඉදලා ලෙඩ්ඩු...
  10. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    එල එල. එහෙනම් දිගටම සෙට් වෙමු :)
  11. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ව්‍යයායාම වලින් මහත හෝ කෙට්ටු බේදයක් නැතුව හැමෝටම ප්‍රතිඵල ලැබෙනවා. තමන්ගේ ඇග හොද තත්වෙන් පවත්වගන යන්න මනුස්සයෙකුට ව්‍යායාම කියන දේ අත්‍යවශ්‍යයි. එහෙම නැත්තං තමයි අපිට බෝ නොවන ලෙඩ රෝඝ හැදෙන්නේ. නහර වල තෙල් තැන්පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ව්‍යායාම නිසා අපේ ආගේ තියන දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා...
  12. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    මම නම් ගත්තේ නිපොලැක්. මුලින්ම පොටි දාලා ඇන තව් වහලා sandpaper එකකින් ඔපමට්ටම් කරන්න ඕනේ. පොටි වෙනුවට බෝඩ් කපනකොට ඉතුරු වෙන කුඩු ටිකක් එපිෆික්ස් වල කවලං කරලා ගත්තම මරු. ඊලගට තමන් බලාපොරොත්තුවෙන පාටේ filler එක ගාලා නැවත 1200 වගේ sandpaper එකකින් කඩතොලු නැති වෙන විදිහට ඔප මට්ටම් කර ගන්න ඕනේ. ඊලගට...
  13. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ඔන්න මගේ අභියෝගයේ අද දවසේ ප්‍රතිඵල දානවා. දවස 1 warm up exercises - මිනිත්තු 12 යි. Pushup - 10 යි exercises නොකර ඉදලා කොච්චර මම දුර්වල වෙලාද කියනව නම් මම මේ Pushup 10 ගැහුවේ පහ පහ කොටස් දෙකකට. පේනවා නේද exercises නොකර ඉදීමේ ප්‍රතිපල.
  14. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    බොට ඉතිං මම කියන්නෙ නෑ. :angry: වරෙං කිව්වේ මෙහෙ :growl: ගහපං ඩිප්ස් 50 ක්
  15. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    ඒ සුදු පාටට ගාන්නේ බයින්ඩර් ගම්. ඊට වඩා එපිෆික්ස් හොදයි. දෙක බර අනුව සමානව හොදට මික්ස් කර ගන්න තියන්නේ. Robin බෝඩ් එක හොදයි (මැලේසියන්). ඒකේ සයිඩ් එකේ ගහලා තියනවා Robin කියලා. ඒකේ පැත්තෙන් බැලුවම පේනවා හොදට කම්ප්‍රෙස් වෙලා තියන්නේ. උඹ ගන්න ඇත්තේ ඒක තමයි.
  16. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ලෙඩක් නෙවෙයි බං. හරි විචිහට අත් දෙක තියා ගනිං. මුලින්ම 10 ක් බැරි නම් 5 ක් නෙවෙයි 3 ක් හරි ට්‍රයි කරපං. ටික ටික වැඩි කරපං. මේ වීඩියෝ එක බලන්න නිවැරදිව පුෂ්අප් ගහන හැටි IODxDxX7oi4
  17. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ඇග නැතිවෙන්නෑ කොල්ලෝ ඇග හැදෙනවා.

    No contents