එහෙම ඇති .....
බස් එකේ ,ගෑනු පිරිමි අස්සේ
ඔයත් හිටගෙන ඇති
මම වගේ ..
ළඟ උන්ණු ළමයගෙ
බෑග් එක ගත්තට මම
ඔයා, හරි බරට පොතු ඉරුණු
බෑග් එක එල්ලගෙන ඇති
ඊයෙ රෑ මම ඉම්බ අත් යට ට
දාඩිය ඇවිත්
නිල් පාට හැට්ට අත් තෙමිල ඇති
උසින් අල්ලන් ඉන්න
අත නිසා මෑත් උන..
සාරියේ කවුලුවෙන්
සළෙල ඇස් නැබ දිහා කුස දිහා බලන්...