අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, අඹු දරුවන්, යාළුවන්, මිත්රයින්, අසල්වැසියන්, සේවක, ස්වාමි පක්ෂය වාගේම සතුරන්, ණයකාරයින්, වෛරක්කාරයිනුත් ඔබම එකතු කරගත් එක්තරා කොටසකි, ඔබ ඒ අයට සම්බන්ධ විය. ඒ අය ඔබට සම්බන්ධ විය. ”සං” නොතිබුණේ නම්, සංඛාර නොකළේ නම් මෙවන් සම්බන්ධයක් ඇති නොවේ.
එසේම ඔබ අද පාවිච්චි...