3 කොටස
මම එය ඇසුවා පමණි. කිසිදු ප්රතිචාරයක් හෝ රැවීමක් ගෙරවිමක් තබා සිනහවක්ද නැතිව ඈ මාවෙතින් නික්ම ගියේය. ඇය යන්නේ පංති කාමරයටය. මට ඈ පසුපස යන්නට බැරිය. ගියද ඵලක් නැතිබව මා දනිමි. මා සුපුරුදු පරිදි උදෑසන ශිශ්යනායකයින් හට විදුහල්පති තුමා පවරා ඇති වැඩවලට යොමු විය. එහෙත් හිත යකාගේ කම්මල මෙනි...