°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:

    උඹ කියන කතාව හරි බං

    ටයි මාමා සහ පේ‍්‍රමකිර්ති සම්බන්ධ අපුරු සිදුවිමක් කියන්නම් මං, උඹට අමතක වුනාද දොස්තර හොඳ හිත, මේ දොස්තර හොඳ හිත කාටුන් කතාවල එන තණකොළ පෙත්තා වාදක කණ්ඩායමේ ගීත ටික ලියන්න පුද්ගලයෙක් ටයි මාමා හෙව්වා. මේ ගීත ලියන්න පේ‍්‍රමකිර්ති හොඳයි කියලා අතුල රන්සිරිලාල් ටයි මහත්තයාව යාබද ගුවන් විදුලියට එක්කගෙන ගියා. ඊට පස්සේ පේ‍්‍රමකිර්තිව හමුවෙලා මේ වගේ ගීත ටිකක් ලියන්න කියලා යන්න ගියා. කොහොම හරි අවස්ථා 2 -3 පේ‍්‍රමකිර්ති වෙත ගියාට සින්දු ටික ලියලා නෑ. දැන් කොහොම හරි ගීත ටික පටිගත කරලා ඒවා හඬ කවන්න සුදානම් කරපු දිනයත් ලංවෙලා. ඒත් සින්දු ටික ලියලා නෑ. ටයි මහත්තයා කියන්නේ ලෙසියෙන් තරහා යන පුද්ගලයෙක් නෙමේ, තරහා ගියොත් සොරිම තමා. සින්දු ටික නැති නිසා හොඳටම තරහින් ගුවන් විදුලියට ගිය ටයි මාමා පේ‍්‍රමකිර්තිට බැරි නම් බැහැ කියනවා කියලා තදින් කියනවා.

    ඊට පස්සේ පේ‍්‍රමකිර්ති ටයි මාමාට සින්දු ටික ලියලා දෙනවා. පේ‍්‍රමකිර්ති කියන්නේ කොතරම් නිර්මාණ ශිල්පියෙක්ද කියනවා නම් ඔහුට තදින් බැණ වැදුනු බැහැ නම් බැහැ කියනවා කියන වචන අරගෙන දොස්තර හොඳහිත තණ කොළ පෙත්තා ගෲප් එකට බැහැයි කියලා බැහැයි කියලා බෑ නමින් අපුරූ ගීතයක් ලියනවා. පේ‍්‍රමකිර්තිගේ පද රචනා ගැන ගොඩක් සතුටු වන ටයි මාමා ඔහුගේ පිස්සු පුසා එකෙත් ගීත ලියන්න දෙන්නේ පේ‍්‍රමකිර්තිට

    මේකථෘව නම් මම අහලා තිබුනෙ නෑ. ඒ දේවල් හරිම රසවත්නේද. මෙන්න මෙහෙම කථෘවක් මාත් අහලා තියනවා. ඔන්න පිස්සු පූසා එකේ තේමා ගීතය හැදුවට පස්සේ ඒකේ තියනවනේ පිස්සා මූ පිස්සා මූ පිස්සු පූස මූ කියලා. මේ නිසා ටයි මාමාට ඉහලින් කිව්වලු මේ මූ කියන එක හොද නෑ ඒක අයින් කරන්න කියලා. ඊටපස්සේ ටයිමාමා කිව්වලු එහෙනම් වීජේ මූ කියලා ඇමතිලා ඉන්නේ, ඒ නමත් හොද නැති වෙන්න එපැයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඔය සිංදුව දිගටම පිස්සා මූ පිස්සා මූ පිස්සු පූස මූ කියලම වාදනය කරාලු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප්......


    ඔය කවුරු හරි සුපින්වතෙක් ඩේවිඩ් කැරඩයින් මහත්මයා ක්වායි චෑන් කේයින් විදියට රගපාන පැරණි “කන්ග්-ෆූ“ සීරීස් එක එහෙම බා ගන්න දිගුවක් දෙන්ඩ කෝ පින් සහ දෙලොව වැඩ පිණිස..................:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප්......


    ඔය කවුරු හරි සුපින්වතෙක් ඩේවිඩ් කැරඩයින් මහත්මයා ක්වායි චෑන් කේයින් විදියට රගපාන පැරණි “කන්ග්-ෆූ“ සීරීස් එක එහෙම බා ගන්න දිගුවක් දෙන්ඩ කෝ පින් සහ දෙලොව වැඩ පිණිස..................:D
    මේ ලිංක් වල තියන්නේ ඒකද බලන්න සහෝ
    http://thepiratebay.se/torrent/5667971/Kung_Fu__The_Legend_Continues_Seasons_1-4

    http://kickass.to/kung-fu-the-legend-continues-t1835717.html
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    ලිව්වා වැඩි නෑ මචං. ඉතාමත් වටින අදහස් පෙළක් පළ කලාට ස්තූතී. අද ජීවත් වෙන සුන්දර මිනිසුන් බිහි වෙලා තියන්නේ ඔන්න ඔය ටයිමාමා, ප්‍රේම කිර්තිමාමා වගේ උසස් හැකියාවන් තිබුන අයගේ හොද නිර්මාණ එක්ක. රොබින්හුඩ් වගේ නිර්මාණයක්, ඔශින් වගේ නිර්මාණ විතරක් නෙවෙයි පිස්සු පූසා වගේ කාටූන් වුනත් අපේ රස වින්දනයට එකතුකරේ අමුතුම හැගීමක්. මම හිතන්නෑ ඒ හැගීම බෙන්10 හෝ කොරියන් කථා බලන ලමයෙකුට එනව කියලා.

    Aththamai machan la, mama hithanney api thamai anthimata ey vaasanaava uruma karagath parapura kiyala.
    dan inna lama parapura karumayak gevanney.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාවෙන්න සහෝදරයා....
    මේ තියෙන්නේ කන්ග්-ෆූ දි ලෙජින්ඩ් කන්ටිනිවුස් කියන දෙවනි කතා මාලාව. මේක සිරසේ ගියා ඒ කාලේ. ඒක නෙවායි හොයන්නේ........

    රූපවාහිනියෙන් හෙළ උපසිරැසි දාල හදපු පැරණි කතා මාලාවයි මම හොයන්නේ..............
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමාවෙන්න සහෝදරයා....
    මේ තියෙන්නේ කන්ග්-ෆූ දි ලෙජින්ඩ් කන්ටිනිවුස් කියන දෙවනි කතා මාලාව. මේක සිරසේ ගියා ඒ කාලේ. ඒක නෙවායි හොයන්නේ........

    රූපවාහිනියෙන් හෙළ උපසිරැසි දාල හදපු පැරණි කතා මාලාවයි මම හොයන්නේ..............

    එහෙනම් මේ පහල ලිංක් එකේ තියන්නේ ඒකෙ කොටසක්ද සහෝදරයා....?
    http://www.veoh.com/watch/v18288862zjBKgtkE?h1=Kung+Fu+S01+E00+The+Way+Of+The+Tiger%2C+The+Sign+Of+The+Dragon+(Series+Pilot)+
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    REP. ටයි මාමා අප වෙත ගෙන ආපු නිර්මාණ වලින් මං ආසම මියුසික් තිබුනෙ මේකෙ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මම මේකෙ වැඩිපුරම ආස ශෙරීෆ් මතු වෙනකොට දාන මියුසික් එකයි තේමා ගීතයයි. මීට අමතරව මම තවත් ආසයි ඔශීන් නාට්‍යෙයේ තේමා වාදනයටත්.
    දැං කාලෙ බටහිර ගීත වල තනුයි 70 හා 80 දශකවල බටහිර ගීත වල තනු අහල බැලුවහම තේරෙනව ඒ කාලෙ තාක්ෂණය මෙතරම් දුයුණු නොවුනත් ඒ කාලෙ මිනිස්සු ක්‍රියේටිවිටි අතින් ඉහල මට්ටමක හිටියයි කියල.