REP. ටයි මාමා අප වෙත ගෙන ආපු නිර්මාණ වලින් මං ආසම මියුසික් තිබුනෙ මේකෙ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මම මේකෙ වැඩිපුරම ආස ශෙරීෆ් මතු වෙනකොට දාන මියුසික් එකයි තේමා ගීතයයි. මීට අමතරව මම තවත් ආසයි ඔශීන් නාට්යෙයේ තේමා වාදනයටත්.
දැං කාලෙ බටහිර ගීත වල තනුයි 70 හා 80 දශකවල බටහිර ගීත වල තනු අහල බැලුවහම තේරෙනව ඒ කාලෙ තාක්ෂණය මෙතරම් දුයුණු නොවුනත් ඒ කාලෙ මිනිස්සු ක්රියේටිවිටි අතින් ඉහල මට්ටමක හිටියයි කියල.
ඔව් මාත් ඔෂින් එකේ තේමා ගිතයටත් ගොඩක් කැමතී. ඒවත් එක්ක හිත අතීතයට ඇදිලා යනවා. ඒ දවස් වල ඔෂින් බලනකොට අපේ සීයා මාත් එක්ක ඔය කතාව බැලුවා. දැන් සීය අප අතර නෑ.
ඒ නිසා මට ඔෂින් එකේ තේමා ගීතය ඇහෙනකොට සීයත් සාලෙට වෙලා ටීවි බලපු හැටි මතක් වෙනවා.





