අංගම්පොර ඉගෙන ගමුද...?
පැරණි සිංහලයන්ගේ විනෝද ක්‍රීඩාවන්ගෙන් අංගේ හෙවත් අංගම්පොර ප්රමුඛවේ.
අංගය යනු ශරීරයයි, පොර යනු සටනයි. අංගම්පොර යනු ආයුධ සහිතව හෝ රහිතව කරන සටනයි. මෙය උඩරට රාජධානි සමයේ වඩා ප්‍රචලිතවිය.
මහනුවර යුගයේ විහාර හා දේවාලවල ඇති චිත්‍ර, කැටයම් මෙයට සාක්ෂි වේ.
අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් “අඩි” “කැපිළි” සහ “පුඩි” වශයෙනි.
“අඩි” යනු අත හෝ පය උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමවේ.
“කැපිළි” යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීම.
“පුඩි” යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම හෝ අඩපන කිරීම.
අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
►හිසෙන් පොල් පැලීම
►පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම
►ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම
►පොලු අට කැඩීම
►කුළු හරක් මෙල්ල කිරීම
►විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම
►පොල් ගසට පයින් ගසා පොල් කැඩීම
►පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම
►මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම
►ඇස්, අතපය බැදගෙන සටන් කිරිම
අංගම් පුහුණු කළ ස්ථානය අංගම් මැඩිල්ලයි. එය චතුරස්‍ර හෝ වෘතාකාර විය.
අංගම්වල ප්‍රධාන විෂයන් දෙකකි.
► නැටුම්, ගැයුම්, පීනුම් හෙවත් ඉලංගම්
► හරඹ හෙවත් අංගම් මෙහි පොර, ඌරා ළිදේ කෙටීම, පළිහ, මුගුරු, හෙල්ලය උගන්වන ලදී.
ගුරුවරුන් පාර්ශව දෙකක් තිබිනි,
► මරුවල්ලිය- නායකයා මරුවල්ලිය මුහන්දිරම්. හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රන්මලේ ප්‍රදේශ මෙයට අයත්ය.
► සුදලිය- නායකයා සුදලිය මුහන්දිරම්. මාතලේ, හාරිස්පත්තුව, සිදුරුවාන, උඩුනුවර, යටිනුවර ප්‍රදේශ මෙයට අයත්ය.
මරුවල්ලිය, සුදලිය මල්ලවයෝ රජුගේ විනෝදයතකා අංගම් පැවැත්වීය. රජු අගනා තෑගි හා ගම්වර පිරිනමන ලදී.
ළිං පොර හෙවත් ඌරා ළිඳේ අංගම් විශේෂ වේ, මෙය ගල් වලකි. ශිෂ්‍යයෙකු සගයන්ට වඩා දක්ෂ වූ විට ගුරුවරයා ඔහුව පරික්ෂා කිරීමට ඒහා සමාන ගෝලයකු සමඟ ඌරා ළිඳේ දමයි.
ඌරා ළිඳ 30 රියනක් දිග, 7 රියනක් ගැඹුරවේ. සටන සිංහල පැයක් පවතී එනම් විනාඩි 24ක් වේ.
මුලින් ගොඩ එන්නා ජය ලබයි.
පහරදීමේ ක්‍රම රාශියකි.
►නිළ අල්ලා පහරදීම.
►එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
►නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
►නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
►ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
►සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
►සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
►මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
දිගු වරලස ඇල්ලීම තහනම්ය.
පහර හෙවත් ගුටි ක්‍රම රාශියකි.
►දිග් ගුටිය-අත දිග හැර දුර සිට ගසන පහර
►හරස් ගුටිය-ප්‍රතිවාදී පහර වළක්වා ගසන පහර
►ඉස් ගුටිය-හිසට උඩින්, කම්මුලට හෝ බෙල්ලට
►කැපුම-මිටි මොලවා මුහුණට ගසන පහර
►වොල්ලේ-පයින් ගසන ගමන් වැලමිටින් බඩට ඇනීම
සටන් වර්ග මෙන්ම අදින ඇඳුම්ද විවිධ විය.
ආයුධ වර්ග
►වේලායුධය
►කෙටි කඩුව
►තනි කලා කිරිඤ්ඤය
►තනි කිනිස්ස
►තනිපටිය
බඳ පොර වලට උඩරට මල්ලවයෝ සරුවාලය, උදිය යන ඇඳුම් භාවිතා විය.
ආයුධ භාවිතයේදී උර පළඳනා, හිස් වෙළුම් භාවිතා විය.
අංගම් සටන් ශිල්පයේ අති දක්ෂ රණශූරයන් කිහිප දෙනෙක්ම ගැන අපේ ඉතිහාසයේ ලියැවී තිබෙනවා. “විදීය බණ්ඩාර, 7 වැනි විජයබාහු, රයිගම් බණ්ඩාර, ටිකිරි බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, ලෙව්කේ දිසාව” ඒ අතරින් කිහිප දෙනෙකි.
ඔබට අංගම් ඉගෙන ගැනීමට ආසාවක් ඇත්නම්,
අමතන්න,
නො 06, කනත්ත පාර, මිරිහාන, නුගේගොඩ..
11 5051770, 5051793
[email protected]

satan kalaawa sambandayen lankaawe bahutharayak boru karanne 