කව්ද මේ සාරුවා සුනිල් ? 2012 වසරේදී ඔහු පිළිබඳ මෙරට ආන්දෝලනයක් ඇති වන්නේ කන්‍යාවියන් 100 දෙනෙකු දුෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වුයේ යැයි කියන කතාව ලැව් ගින්නක් මෙන් පැතිරයාම හේතුවෙනි.
සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් පිළිබඳ යළි කතාබහක් ඇතිවුයේ 2012 වසරේදී 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවී වසර 15ක බරපතල සිර දඬුවම් සහ දඩ නියමව සිටි ඔහු එම චෝදනා සඳහා වූ දඬුවමින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් 11 වැනිදා නියෝග කිරීමත් සමඟය .
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සුනිල්, හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂගේ සමීප ආධාරකරුවෙකු යැයි කීම හේතුවෙන් මෙම සිද්ධිය දේශපාලන මුහුණුවරක් ගත් චෝදනාවක් ද වූ අතර යහපාලන රජය බලයට පත්වීමට පෙර විපක්ෂ දේශපාලන වේදිකාවේ රැව් දුන් මාතෘකාවක්ද වුයේය.
සාරුව ලියනගේ සුනිල් දේශපාලනයට පිවිසෙන්නේ, ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසිනි.
2012 වසරේදී බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුවා ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර, 2020 ජනවාරි 17 වන දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබුණි.
සැකකාර සභාපතිවරයා 2012 වසරේ ජුනි 02 වැනිදා තමාව ලැඟුම්හලකට රැගෙන ගොස් දූෂණය කළ බවට දැරිය පවසා තිබුණි.
14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ සාරුවා සුනිල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (ඔක්තෝබර් 11 වැනිදා) නියෝගය කළේය.
දැරිය විසින් ජාතික ළමා රක්ෂක අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂිය අනුව පැමිණිල්ල විසින් අදාල චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බව තහවුරු කරමින් මහාධිකරණය සාරුව ලියනගේ සුනිල්ට දඬුවම් නියම කරනු ලැබුවේය.
Code:
https://www.bbc.com/sinhala/sri-lanka-63226247