අකුරැස්සේ තව දැරියකට අතවර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අකුරැස්සේ තව දැරියකට අතවර

    අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.

    Code:
    [/URL]lankadeepa

    මොනාද බන් මේ යක්කුන්ට වෙලා තියෙන්නේ? මහා කාලකන්නියෝ.

    :angry::angry::angry::angry:
     
    Last edited by a moderator:

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ආණ්ඩුවේ ගොට්ටෝන්ගෙන් දරුවෝ ප්‍රවේසම් කරගනිල්ල
    මහා එක පොඩි එවුන් උද දඩ යන කොට අපිටනම් ඕක තේරුණා
    මහා එකා උඩ දාල පෙන්නනවා ගොට්ටෝන්ට දීපන් වැඩේ කියල
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ආණ්ඩුවේ ගොට්ටෝන්ගෙන් දරුවෝ ප්‍රවේසම් කරගනිල්ල
    මහා එක පොඩි එවුන් උද දඩ යන කොට අපිටනම් ඕක තේරුණා
    මහා එකා උඩ දාල පෙන්නනවා ගොට්ටෝන්ට දීපන් වැඩේ කියල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කව්ද මේ සාරුවා සුනිල් ? 2012 වසරේදී ඔහු පිළිබඳ මෙරට ආන්දෝලනයක් ඇති වන්නේ කන්‍යාවියන් 100 දෙනෙකු දුෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වුයේ යැයි කියන කතාව ලැව් ගින්නක් මෙන් පැතිරයාම හේතුවෙනි.

    සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් පිළිබඳ යළි කතාබහක් ඇතිවුයේ 2012 වසරේදී 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවී වසර 15ක බරපතල සිර දඬුවම් සහ දඩ නියමව සිටි ඔහු එම චෝදනා සඳහා වූ දඬුවමින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් 11 වැනිදා නියෝග කිරීමත් සමඟය .

    අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සුනිල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප ආධාරකරුවෙකු යැයි කීම හේතුවෙන් මෙම සිද්ධිය දේශපාලන මුහුණුවරක් ගත් චෝදනාවක් ද වූ අතර යහපාලන රජය බලයට පත්වීමට පෙර විපක්ෂ දේශපාලන වේදිකාවේ රැව් දුන් මාතෘකාවක්ද වුයේය.

    සාරුව ලියනගේ සුනිල් දේශපාලනයට පිවිසෙන්නේ, ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසිනි.

    2012 වසරේදී බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුවා ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර, 2020 ජනවාරි 17 වන දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබුණි.

    සැකකාර සභාපතිවරයා 2012 වසරේ ජුනි 02 වැනිදා තමාව ලැඟුම්හලකට රැගෙන ගොස් දූෂණය කළ බවට දැරිය පවසා තිබුණි.

    14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ සාරුවා සුනිල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (ඔක්තෝබර් 11 වැනිදා) නියෝගය කළේය.

    දැරිය විසින් ජාතික ළමා රක්ෂක අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂිය අනුව පැමිණිල්ල විසින් අදාල චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බව තහවුරු කරමින් මහාධිකරණය සාරුව ලියනගේ සුනිල්ට දඬුවම් නියම කරනු ලැබුවේය.


    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-63226247
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..

    February 10, 2023 at 3:00 pm | lanka C news
    මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..

    මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි.

    මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්‍රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

    පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    – ගයාන් කුමාර වීරසිංහ