අගනගරය වසා පුතාගේ ආසාවට ඉඩදෙන තාත්තාගේ ර&#3495

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අගනගරය වසා පුතාගේ ආසාවට ඉඩදෙන තාත්තාගේ ර&#3495

    අගනගරය වසා පුතාගේ ආසාවට ඉඩදෙන තාත්තාගේ රට............
    MR_Namal_CI.jpg

    ශ්‍රී ලංකාව කියන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජන-රජයක්ද නැතිනම් රජකුගේ රාජධානියක්ද?


    මේ ප‍්‍රශ්නය පැනනගින්නේ, හැම අවුරුද්දක්ම අවසානයේ කොළඹ අගනගරය අකර්මන්‍ය කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වැඩිමහල් පුත‍්‍රයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් ලක්‍ෂ්මන් රාජපක්‍ෂ නටන කොළඹ නයිට් රේස් සැණකෙළිය දිහා බලන විටය.

    ජනාධිපතිතුමා කතාවට නම් කියන්නේ තමා ලංකාවේ භාරකාරයා මිසක අයිතිකාරයා නොවන බවය. එහෙත් ක‍්‍රියාවෙන් නම් පෙනෙන්නේ එතුමා රටේ අයිතිකාරයාම වන බවත්, ලංකාව රාජපක්‍ෂ පවුලේ නින්දගමක් බවත්, තම පුත‍්‍රයන්ට රටේ අගනගරය පවා බද්දට ගෙන සිත් සේ සැණකෙළි කෙළින්නට ජනාධිපති පියා විසින්ම ඉඩකඩ සපයාදී ඇති බවත්ය. පසුගිය 14, 15 දෙදින තුළ තුන්වැනි වරටත් කොළඹ පැවැති නයිට් රේස් එකෙන් ඒ බව නැවතත් තහවුරු වෙයි. ලංකාවේ පහළ වූ විධායක ජනාධිපතිවරු මේ වන විට පස්දෙනෙකි. මීට පෙර සිටි තුන් දෙනකුටමද පුත්තු සිටියෝය. එහෙත් ඒ කිසිම ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක හෝ තම පුත‍්‍රයන්ට රටේ අගනගරයේ පාරවල් වසාගෙන ජනජීවිතය අංශභාග කොට, රිසි සේ කෙළින්නට ඉඩ දුන්නේ නැත. එක්කෝ ඔවුන්ට එවැනි දෙයක් නොකර ඉන්නට විලිලජ්ජාවක් තිබුණේය. නැතිනම් හැදිච්චකමක් තිබුණේය.

    කොළඹ කියන්නේ ලංකාවේ අගනගරයය. ඒ අගනගරයේ වැදගත්ම පදාසය අංශභාග කොට දින දෙකක් තිස්සේ
    තම පුත‍්‍රයාගේ නයිට් රේස් ආසාව වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වෙන්කැරෙන්නේ තමන්ගේ හෝ පවුලේ හෝ සල්ලි වියදම් කරමින් නම් නොවේ.
    බදු ගෙවන ජනතාවගේ මුදල් හා රටේ සම්පත් යහමින් ඒ සඳහා යොදවමින් ය. ඒ වගේම, රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අයකරගත යුතු බදු ලෝබ නැතිව කපාහරිමින්ය.
    කොළඹ නයිට් රේස් පවත්වන්නේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසිනි. එය ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේ පෞද්ගලික සංවිධානයකි.
    කලම්බු නයිට් රේස්හි නිල මාධ්‍ය මෙහෙයුම බෙදාගෙන තිබෙන්නේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනයයි. ඒ යටතේ ක‍්‍රියාත්මක වන සිංහ එෆ්එම් ගුවන්විදුලිය හා සීඑස්එන් රූපවාහිනී නාලිකාවද ජනාධිපති පියාගේ රජයෙන් තම පුත‍්‍රයන්ට ලැබුණු තෑග්ගකි.
    සීඑස්එන් සඳහා ආණ්ඩුවෙන් විකාශන බලපත‍්‍රය නිකුත්කරන ලද්දේ 2011 මාර්තු 3වැනිදාය. එම මාර්තු 7වැනිදාම එහි විකාශය පටන්ගන්නා ලදි. ඒ රජයේ ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය එතෙක් පවත්වාගෙන ආ ප‍්‍රයිම් ටීවී නාලිකාවේ අයිතිය හිමිකරගැනිීමනි. වර්තමානයේ සීඑස්එන්හි ප‍්‍රධානියා හැටියට කටයුතු කරන්නේ නාවික හමුදාවේ නිලධාරියකු වන ජනාධිපති දෙටු පුත් යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ අනාගතයේ විවාහවන්නට නියමිත තරුණියයි. ඇය සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකාගේ මිණිබිරියකි.

    පුතා වෙනුවෙන් නීති වෙනස්කිරීම

    පුත‍්‍රයාගේ කොළඹ නයිට් රේස් සඳහා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පහසුකම් සැලසෙන පළමුවැනි ක‍්‍රමය වන්නේ ඒ සඳහා අවශ්‍ය
    අධිවේගී රේසිං මෝටර් රථ ලංකාවට ගෙන්වීමට අවශ්‍ය නීතිමය නිදහස අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනාධිපති පියා විසින්ම ලබාදීමෙනි.
    එය කරන්නේ රේසිං කාර් ලංකාවට ගෙන ඒමට නම් ලබාගතයුතුයැ’යි ඊට පෙර නීතියෙන් නියම කර තිබුණු බලපත‍්‍රය ‘දැන් අනවශ්‍යයැ’යි ඉවත්කිරීමෙනි. එලෙස බලපත‍්‍රයක් අවශ්‍යයැ’යි කියන අතිවිශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රසිද්ධ කර තිබුණේ 2013 ජුනි මස 5 දින අංක 1813/14 හැටියටය. කොළඹ නයිට් රේස්වලට ඔන්න මෙන්න තිබියදී 2013 නොවැම්බර් 21වැනි දින අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත්කරමින් රේසිං කාර් ලංකාවට ගෙන්වීමට බලපත‍්‍රයක් අනවශ්‍යයැ’යි නියම කොට ජනාධිපතිවරයා, තමා විසින්ම තම පුත‍්‍රයාට ඒ අවශ්‍යතාව ඉටුකරදෙයි. ඒ අනුව, බලපත‍්‍රයකින් තොරව රේසිං කාර් රිසි සේ ලංකාවට ගෙන්වන්නට කාල්ටන් ක‍්‍රීඩා සමාජයටත් කොළඹ නයිට් රේස් පදින්නට බලාපොරොත්තුවන රටේ ප‍්‍රභූ සමාජයේ අන් අයටත් අවසරය ලැබිණි.

    ජනාධිපතිතුමා තමන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් රටේ නීති වෙනස්කරන්නට වුවත් නොපැකිළෙන බවට මේ එක් උදාහරණයක් පමණකි. තව උදාහරණ තිබේ. මීට පෙර සිය වැඩිමහල් සහෝදර කතානායක
    චමල් රාජපක්‍ෂගේ පුත‍්‍රයාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර දරමින්ම ඌව පළාත් ප‍්‍රධාන ඇමැති ධුරය ද දැරීමට හැකිවන පරිදි විහාර හා දේවාලගම් ආඥාපනත වෙනස් කර දුන්නේද ජනාධිපති සුළු පියා විසිනි.
    විහාර හා දේවාලගම් පනතේ 14 වැනි වගන්තියට අනුව පළාත්පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එම පනත යටතේ ගැනෙන දේවාලවල බස්නායක නිලමේ තනතුර දැරිය නොහැකිය. ජනාධිපතිවරයා කළේ, 2009, අංක 1614/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් කතරගම දේවාලය විහාර හා දේවාලගම් ආඥාපනතේ 14 වැනි වගන්තියේ විධිවිධානවලින් ඉවත්කිරීමයිෟ (වැඩි විස්තර සඳහා කියවන්න, පුත‍්‍ර සමාගම, ලසන්ත රුහුණගේ, රාවය ප‍්‍රකාශන, 2010.)

    පාර වැහුවාම මොකෝ....................?

    ඊළඟට ධාවන පථය සැකසීම අවශ්‍යය. නයිට් රේස් සඳහා ධාවන පථය සැකසෙන්නේ කොළඹ අගනගරයේ හදවත වැනි ප‍්‍රදේශ අවුරාලමිනි. පැරණි පාර්ලිමේන්තුව (දැන් ජනාධිපති ලේකම් කාර්යාලය) ඉදිරිපිටින් පටන්ගන්නේයැ’යි සිතුවොත්, එම ධාවන පථය ජනාධිපති මාවත දිගේ රජගෙදර පැත්තට ගොස්, අතරමැදින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට හා ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති ලංකා බැංකු මාවතේ ගොස්, වමට හැරී යෝක් වීදිය හරහා යමින් නැවතත් දකුණට හැරී කොටුව පැත්තට සීටී ඕ හන්දිය දක්වා දිවගොස් එතැනින් දකුණට හැරී පහළ චැතැම් වීදිය, රීගල් වටරවුම පැත්තට ලෝටස් පාර දිගේ (ගලධාරි හෝටලය පිහිටා ඇති පාර) පැරණි පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිටින් වමට හැරී ගෝල්ෆේස් මැද පාර දිගේ ගොස් ටාජ් සමුද්‍රා හෝටලයට මෙපිටින් නැවත හැරී පැමිණ පැරණි පාර්ලිමේන්තුව ළඟින්ම අවසන්වෙයි. මේ පාරවල් වෙන්කර තිබුණේ කාර් රේස් ධාවන පථය සඳහාය. මේ පාරවල ප‍්‍රභූ ඇත්තන්ට කාර්රේස් පැදීමට බාධාවක් නොවනු පිණිස එම පාරවලට ඇතුළුවන සෑම මංසන්ධියක්ම හා පාරක්මද වසා කිසිදු වාහනයකට හෝ පුද්ගලයකුට ඒ ප‍්‍රදේශයට පිවිසීම තහනම් කර තිබිණ. ඒවා නම්, ගෝල් ෆේස් වටරවුමේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, රීගල් වටරවුමේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, චෛත්‍ය පාරේ සිට කොටුව පැත්තට මහා මාර්ගය, ඛාන් ඔරලෝසු කණුවේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, ඕල්කට් මාවතේ සීනෝර් හන්දියේ සිට කොටුව පැත්තට මහාමාර්ගය යනාදියයි. කොළඹ අගනගරයේ සිතියමක් අතට ගෙන මේ ප‍්‍රදේශ සලකුණු කළහොත් එහි වපසරිය කෙතෙක්දැ’යි වටහාගත හැකි වනු ඇත. තරගය පැවැති දින දෙකෙහිදී සවස තුනෙන් පසු මේ මාර්ග හරහා යන සියලූ පෞද්ගලික වාහන මෙන්ම මගී බස්රථද වෙන මාර්ගවලින් හරවා යවන ලදි.
    විවිධ හේතු මත කොළඹ නගරයට ඇදී එන අති විශාල සාමාන්‍ය පන්තියේ ජනතාවට මේ පාරවල් වැසීම නිසා සිදුවූ අවහිරය ගණන් තැබිය හැක්කේ කෙසේද? (එහෙත්, සරසවි සිසුන් සිය ඉල්ලීම් සඳහා පාගමනක් යන නිසා සිය ගමන පරක්කු විණැ’යි මූලික අයිතිවාසිකම් නඩු දමන, මාධ්‍යවලට ‘වොයිස් කට්’ දෙන මිනිසුන් සිටින මේ රටේ ජනාධිපති පුත‍්‍රයාගේ පෞද්ගලික ආසාව නිසා සිදුවන මහා අවහිරයට විරෝධය පාන්නට මහජනතාවගෙන් කිසිවකු නොමැතිවීම ආශ්චර්යයකි.)

    රණවිරුවන්ගෙන් වැලිකොට්ට

    ආරක්‍ෂාව තහවුරු කරනු සඳහා මේ ධාවන පථයේ මුළු දිගටම වැලිකොට්ට එක පිට එක අතුරා කි්ලෝමීටර් ගණන් දිග ප‍්‍රාකාරයක් තනන ලදි. එලෙස වැලිකොට්ට ඇතිරීම සඳහා යොදාගන්නා ලද්දේ ශ‍්‍රී ලංකා හමුදාවේ සෙබළුන්ය. මීට පෙර රණවිරුවන් ලෙස හැඳින්වුණු ඔවුන් පසුගිය දිනවල නාමල් රාජපක්‍ෂ මහතාගේ කාර් රේස් ආසාව වෙනුවෙන් මහ දවාලේ ගිනි අව්වේ, මඟ දිගේ වැලිකොට්ට අතුරමින් සිටිනු දැකගන්නට ලැබිණි.
    රටේ ආරක්‍ෂක ඇමැතිවරයාද, සන්නද්ධ හමුදාවල අණදෙන්නාද, සේනාධිනායකයාද වන ජනාධිපතිතුමා තමාගේ පුත‍්‍රයාගේ සුපිරි ආසාව ගැන ආඩම්බරයට පත්වී තමා යටතේ සිටින හමුදාවල සෙබළුන් වැලිකොට්ට ඇතිරීම සඳහා යොදවන්නට අවසර දෙන්නට ඇති බවට සැකයක් නැත.
    අනෙක් අතට, එම අමාත්‍යාංශය භාර ලේකම්වරයාද නාමල් රාජපක්‍ෂ මහතාගේ සුළුපියා වන කල කාර්යය තවත් පහසුය.

    විවේක කාල දෙකක්ම

    කාර් රේස් පැවැති දෙසැම්බර් 14 සෙනසුරාදා සහ 15 සෙනසුරාදා සවස 3න් පසු ඉහත දැක්වූ අතිවිශාල ප‍්‍රදේශය මුළුමනින්ම වසා දමන ලද්දේ පොලිසිය විසිනි. පොලිසිය ද ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිතුමා යටතේ නිසා ඒ සඳහා අණ නිකුත්කිරීමද පහසුය. තරග පැවැත්වුණු දින දෙක පුරාම අතිවිශාල පොලිස් බලඇණියක් ඒ ප‍්‍රදේශයෙහි සේවයේ යොදවා තිබිණ. සාමය රැුකීමකට නොවේ. කොළඹ නයිට් රේස් සැණකෙළියට ආරක්‍ෂාව දීම සඳහාය.
    මේ සා විශාල පොලිස් බලඇණියක දීමනා, කෑමබීම, ප‍්‍රවාහන ආදී වියදම් මහජන බදු මුදලින් අපේ පොකට්ටුවෙන් ගෙවන තත්ත්වයක් යටතේ රාජපක්‍ෂ ආණ්ඩුවට ඒ ගැන ලොකු බරක් නැතිවීම ගැන අප සතුටට පත්විය යුතුය.
    14 දින මූලික තෝරාගැනීම් තරග වට පැවැත්වුණු අතර 15වැනිදා අවසාන තරග වට පැවැත්විණි. දින දෙකේ සවස තුනට පෙර මේ ප‍්‍රදේශවල ජීවත්වන ජනයාද, කාර්යාලවල වැඩකරන ජනයාද, අවශ්‍යතාවන්ට කොළඹ අගනගරයට එන ජනයාද, ස්ථිර වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන ජනයාද, එදා එදා පාරේ වෙළහෙළඳාමක් කරගෙන දවසට කීයක් හරි උපයාගන්නා ජනයාද, ඒ අවට ඇති තරු හෝටල්වල නවාතැන්ගෙන සිටින, උත්සවවලට සහභාගිවන ජනයාද
    සියලූ වැඩ අත්හැර තහනම් ප‍්‍රදේශයෙන් වහා ඉවත්විය යුතු විය. එසේ යන්නට බැරිවුණු මේ හුදී ජනයාට ප‍්‍රදේශයෙන් ඉවත්වීමේ හෝ තම නිවෙස් ඇතුළට වැදීමේ පහසුව පිණිස පොලිසිය පැය භාගය බැගින් දෙවරක් මාර්ගය විවෘතව තැබීමේ ‘විවේක කාල’ දෙකක් ලබාදීමට කාරුණික විය.
    එනම් සවස 7 සිට 7.30 දක්වාත්, රාත‍්‍රී 9.15 සිට 9.45 දක්වාත් ය.

    විදුලි බිලත් අපිට

    තරග පැවැත්වුණු දින දෙක පුරාම මේ සියලූ ප‍්‍රදේශ දෙව්ලොව සිරි ගන්නා පරිදි විදුලි ආලෝකයෙන් ඒකාලෝක කොට තිබිණි.
    ඒ සඳහා ජාතික විදුලිබල පද්ධතියෙන් කොපමණ විදුලිය ශක්ති ප‍්‍රමාණයක් වැයවූවාදැ’යි දැනගැනීම අවශ්‍ය නොවන්නේ ඒ සියලූ විදුලි බිල් සඳහා යන වියදම කෙතරම් වුවත් ජනාධිපතිතුමාගේ පුත‍්‍රයාගේ ආසාව වෙනුවෙන් තමන්ගේ සාක්කුවෙන් මගින් ගෙවාදැමීමට දැනටමත් එක් අයකු රුපියල් ලක්‍ෂ තුනකට වැඩියෙන් ණය බරක් දරා හුරුපුරුදු රටේ කෝටි දෙකක්වූ මහජනතාව කැමැත්තෙන්ම පේවී සිටින නිසාය.

    මහ ඇමතිත් පැනලා දෙනවා නම්

    ඊළඟට ජනාධිපති පුත‍්‍රයාගේ මේ විනෝදයට පැනලා දුන්නේ බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංගය. ඔහු
    මේ නයිට් රේස් කෙළිය මුළුමනින්ම කොළඹ නගර සභාවේ විනෝද බද්දෙන් නිදහස් කරන්නට නියෝග කළේ පිය රජු හා පුත් කුමර සෙනෙහසට ගරුකිරීමක්ද, තම අන්තේවාසිකකම පෙන්වීමේ පියවරක්ද වශයෙනි. කොළඹ නගරය තුළ ටිකට් පත් අලෙවි කරමින් පවත්වන සෑම සැණකෙළියකින්ම, සංදර්ශනයකින්ම, කී‍්‍රඩා තරගයකින්ම 10%ක මුදලක් විනෝද බද්ද වශයෙන් කොළඹ මහ නගර සභාව අයකරගත යුතුය. බදු වශයෙන් ලැබෙන ඒ මුදල යොදවන්නේ නගරයේ වසන්නන්ට පහසුකම් සැලසීම සඳහාය. තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය නරඹන්නන් ලක්‍ෂයක පමණ පිරිසක් පැමිණේවියැ’යි බලාපොරොත්තු වන බව සංවිධායකයෝ පැවසූහ’යි පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. කෙසේ වෙතත් ඒ පිරිස සඳහා රුපියල් 5,000 ටිකට් 300ක්ද, රුපියල් 2,000 ටිකට් 14,000ක්ද, රුපියල් 500 ටිකට් 600ක්ද, රුපියල් 100 ටිකට් 50,000ක්ද සූදානම් කර ඇති බව කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ්හි ලේකම් ජාලිය ජයසේකර පසුගිය රාවයට පවසා තිබිණි. මේ ටිකට්පත් සියල්ලම විකිණිනියැ’යි සැලකුවහොත්
    ලැබිය යුතු ආදායම රුපියල් තුන්කෝටි හතළිස් අටලක්‍ෂයකි. ඉන් සියයට 10ක විනෝද බද්ද රුපියල් තිස්හතර ලක්‍ෂයකි.

    මහඇමති ප‍්‍රසන්න රණතුංගට ඕනෑම සංදර්ශනයකින්, සැණකෙළියකින්, තරගයකින් මේ විනෝද බද්ද අයනොකරගත යුතුයැ’යි මහඇමති හැටියට නියෝග කළ හැකිය. එහෙත් එය අත්තනෝමතික බලයක් නොවේ. ඒ සඳහා සාධාරණ හේතුවක් දැක්වීම අවශ්‍යය. කිසියම් තරගයක් හෝ සංදර්ශනයක් පවත්වන්නේ එයින් ලැබෙන මුදල් කිසියම් සුබසාධන කටයුත්තක යෙදවීමට නම් ඒ සඳහා වන විනෝද බද්ද කපාහැරීමට හෝ සුදුසු නියමයක් කිරීමට මහඇමතිට නීත්‍යනුකූල හා සාධාරණ වශයෙන් ඉඩ තිබේ. එහෙත් කාල්ටන් කොළඹ නයිට් රේස්වලින් (රටේ මහජනයා බලවත් පීඩනයකට පත්කිරීමම මිස)සිදුවන මහජන සුබසාධනය කුමක්ද? අනෙක් අතට නයිට් රේස් නිසා කොළඹ සිදුවූ අංශභාග තත්ත්වයද සලකන විට ප‍්‍රසන්න රණතුංග මහඇමැතිගේ පැනලා දීම මුළුමනින්ම නීතිවිරෝධී, සදාචාර විරෝධී පමණක් නොව මහජන සුබසාධන විරෝධී ය. එපමණක් නොව, එමගින් කොළඹ නගර සභාවට ලැබිය යුතු මුදලක් ලැබීම හිතාමතාම වළක්වාලීමෙන් නීතියෙන්ම වරදක් වන කොළඹ නගර සභාවට අයුතු අලාභයක් ද මහඇමතිවරයා සිදුකර ඇත්තේය.
    පසුගිය වසරේ පැවති කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළියද බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග විසින් විනෝද බද්දෙන් නිදහස් කළ අතර කොළඹ පොලිස් ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිතව ඊට පෙර පැවති කාල්ටන් රගර් සැණකෙළියද මහඇමති විසින් මෙලෙසම විනෝද බද්දෙන් නිදහස් කර තිබේ.
    මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ පුත‍්‍රයාගේ කාර් රේස් ආසාව වෙනුවෙන් රටේ දින දෙකකම සවස් වරුවත්, කොළඹ අගනගරයේ අතිවිශාල ප‍්‍රදේශයකුත්, මහජනතාවගේ බදු මුදලූත් රිසි සේ කාබාසිනියා කරන්නට මහඟු අවස්ථාවක් උදාකිරීම ගැන මේ රටේ හුදී ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුවට නිවන් සුව පැතිය යුතුය.

    දේශපාලන බලහත්කාරය මත කළ දෙයක් - මුජිබර් රහුමාන් (බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී)
    කොළඹ නගර සභාවේ එක ආදායම් මාර්ගයක් තමයි විනෝදාංශ බද්ද. එයින් අයකරගන්න මුදල් යොදවන්නේ කොළඹ නගරයේ දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවන්ට හා ප‍්‍රජාවගේ ප‍්‍රජා කටයුතුවලටයි. නගරය තුළ විනෝදාත්මක කටයුතුවලට අලෙවි කරන ටිකට් එක පිටිපස්සේ නගර සභාවේ සීල් එක තියෙන්න ඕනෑ. සීල් එක නැතිව විනෝද කටයුතුවලට කොළඹ නගරය තුළ ටිකට් අලෙවි කිරීම තහනම්. මේ රේස් ටිකට්වල නගර සභා සීල් එක නැහැ. එතකොට කෝටි ගානක මුදල් හම්බකරන්න කරපු මේ රේස් එකට කොළඹ නගර සභාවේ අනුමැතියකින් තොරවයි ටිකට් විකුණලා තියෙන්නේ. ඒ නිසා නයිට් රේස් කියන්නේ දේශපාලන බලය උඩ බලහත්කාරකමින් කළ දෙයක්. රේස් තිබුණු දවස් දෙකේම කොළඹ නගරයේ ජීවත්වන කාටවත් කොටුවට එන්න බැහැ. ඒ පැතිවල හිටපු ව්‍යාපාරිකයන් සවස එකහමාර දෙක වෙනකොට තමන්ගේ වෙළඳ කටයුතු අවසන් කරලා කඩවල් වහලා පිටමං වෙන්න ඕනෑ. තරුපහේ හෝටල ඉස්සරහා වැලිකොට්ට ගොඩවල් ගහලා ඒවායේ කටයුතුවලටත් බාධා කළා. හමුදාව තමයි වැලිකොට්ට ගැහුවේ.
    පෞද්ගලික ක‍්‍රීඩා සමාජයකින් කරන රේස් එකකට හමුදාවේ කට්ටිය වැලිකොට්ට ගොඩගහන්නේ මොකටද? කලම්බු නයිට් රේස් කියන්නේ ප‍්‍රජාසත්කාරයක්ද?

    අරුණ ජයවර්ධන
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    apita ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ekak oni naha.owa ape vivasthawata damme batahira adirajja wadinge kumanthranayakin.apita oni issara hitiya wage rajek. oya democracy socialism human rights kiyanne, batahira adirajjawadaya ape rate pathurawanna hadapu sankalpa.
    owata awurudu 500 k wath ithihasayak naha.owa ikmanata kada watenawa. night race hoda udaharanayak thamai oya batahira sankalpa helayan idiriye bida watena kiyana ekata.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Hamoma katha karanawa witharai bun. ekek owata wiruddawa action ekak ganne na. onna balapan labana chandedith ape un uda dagena gihin kathire gahai munta. :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    apita ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ekak oni naha.owa ape vivasthawata damme batahira adirajja wadinge kumanthranayakin.apita oni issara hitiya wage rajek. oya democracy socialism human rights kiyanne, batahira adirajjawadaya ape rate pathurawanna hadapu sankalpa.
    owata awurudu 500 k wath ithihasayak naha.owa ikmanata kada watenawa. night race hoda udaharanayak thamai oya batahira sankalpa helayan idiriye bida watena kiyana ekata.
    එතකොට මචං නයිට් රේස් කියන්නේ ඉස්සර දුටුගැමුණු රජතුමා පැද්ද එකක වෙන්න ඇති නේ :P:P:P:P.
    ලැම්බොර්ගිනි සහ අනෙකුත් රේසිං කාර්ස් හදන්නේ පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ඇතුල් වෙන්න ඇති නේ ?:P:P:P:P:P:P:P .නයිට් race කියන සංකල්පය මචං එන්නේම බටහිරින් .කාර් ගේන්නෙත් බටහිරින් .ඒකට ඕන කරන අනෙකුත් තක්ෂණික සහයන් එන්නේ ඔක්කොම බටහිරින්
    …කම්ක් නැහැ යුද්දේ දින්නානේ .
    :yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එතකොට මචං නයිට් රේස් කියන්නේ ඉස්සර දුටුගැමුණු රජතුමා පැද්ද එකක වෙන්න ඇති නේ :P:P:P:P.
    ලැම්බොර්ගිනි සහ අනෙකුත් රේසිං කාර්ස් හදන්නේ පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ඇතුල් වෙන්න ඇති නේ ?:P:P:P:P:P:P:P .නයිට් race කියන සංකල්පය මචං එන්නේම බටහිරින් .කාර් ගේන්නෙත් බටහිරින් .ඒකට ඕන කරන අනෙකුත් තක්ෂණික සහයන් එන්නේ ඔක්කොම බටහිරින්
    …කම්ක් නැහැ යුද්දේ දින්නානේ .
    :yes::yes::yes::yes:

    dutugamnu rajathumata kalinui privet jet walin indiawe badu ussapu hela rajawaru apita hitiye .ithin night race mona kajjakda.

    තක්ෂණික සහයන් එන්නේ ඔක්කොම බටහිරින්, egananam katha karanna epa.
    oya dewal ape puskolapothwalin mankolla kaala thamai un nawatha
    apita owa denne.
    Ravana+4%5B1%5D.jpg

    හෙළුවන්ව විහිලුවට නොගනිව් අපේ දේ අගය කරව්
    පහරයෝ!