අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම
අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි.
අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද්‍යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි.
අග්‍රශ්‍රාවක ධාතූන් නිධන් කළ චෛත්යයශේෂ කඳු මුදුන් හයකින් පමණ සමන්විත මෙහි එක් කඳු මුදුනක සුවිශේෂ චෛත්‍යයක් පිහිටා තිබෙනවා. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවයකයන් වහන්සේලාගේ ධාතූන් මෙහි නිධන් කොට ඇති බව පැවසෙනවා. එක් අවාසනාවන්ත යුගයක කොටි ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබී විනාශ මුඛයට ඇද වැටුණ මෙම ස්ථානය අද බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට පාත්‍ර වෙනවා.
ගල්විහාර අනුරුවමේ වන විට මෙහි ගල්තලා පුරා නවීන ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙනවා. මගේ පුද්ගලික හැඟීම නම් මේ සිමෙන්ති කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් මෙම ස්ථානයේ පෞරාණික අගයත් ස්වභාවික සෞන්දර්යයත් වැනසී යන බවයි.
මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි. ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත්‍රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි.
සද්ධන්තයාගේ සලකුණුපෞරාණික අගය සේම ස්වභාව සෞන්දර්යයෙනුත් බුද්ධංගල බොහොම ඉහළ තැනක පිහිටනවා. ගල්තලා පුරා විහිදුණ ස්වභාවික ගල්කෙමි වල පිරුණු දිය පිස එන සුළඟ ගිනියම් හිරු රැස්වල දාහය නිවා දමන්නට සමත්. එමෙන්ම සුන්දර දිගාමඩුල්ල කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නටත් මෙතැන කදිමයි.
කුරුලු ඇසින් දිගාමඩුල්ලනොයෙක් වර්ගයේ පක්ෂීන් මෙන්ම රිලවුන් ආදී ක්ෂීරපායීන්ද නිභයව මෙහි සරන්නේ මෙතැන අභය ඇති බව දන්නා නිසාමයි.
දුම් බොන්නා - Indian Rollerමේ ඉහත ඡායාරූපයේ සිටින්නේ දුම්බොන්නා හෙවත් Indian Roller. ගැමියන් හේන් ගිනි තැබූ පසු නැගෙන දුම හරහා කට ඇර ගෙන පියාඹන නිසා ගැමියන් තැබූ නම තමයි දුම් බොන්නා. ඇත්තටම එයා එහෙම කට ඇර ගෙන පියාඹන්නේ දුමට ඇවිස්සි ඉහළ නගින කෘමි සතුන් ගිල දාන්නටයි.
රිලා ආදරේලංකාවේ හුඟක් පුදබිම් වල සුලබ සත්ත්වයෙක් නේ මේ රිලවා (Toque macaque - Macaca Sinica) මුන්දෑ කොයිතරම් සුලබ වුණත් ලංකාවට ආවේණික විශේෂයක් බවත් නොකියාම බෑ.
අඬනහිරියා - Clotoralia mucronataබුද්ධංගල ගමනින් පසුව මම හෙමින් මගේ නවාතැනට ගියා. මං නවාතැන් ගත්තේ අම්පාර වැව අසළම පිහිටි පුංචි නවාතැන් පොළක. එදා පසළොස්වක පෝයදාට පසු දා නිසාම රාත්‍රියේ වැව අසළ මැවුණ සෞන්දර්යය නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ. නමුත් රාත්‍රී කාලයේ වැව අසළ නිතර වන අලි සරන බැවින් එළිමහනේ ගත කිරීම නුසුදුසු බව නවාතැන භාරකරු පැවසූ නිසා මම ඉක්මණින් ඇතුළට ගියා.
රාත්‍රිය මනරම්පසුදා උදෑසනම කැමරාවත් රැගෙන මම දිව ගියේ වැව ළඟටයි.
ජීවන සටනමේ දෙගොල්ලන්ම එක හා සමාන ජීවන සටනක නිරත වෙනවා. ධීවරයන් අසළම මේ සිටින්නේ පැස්තුඩුවන් හෙවත් Spot Billed Pelicans කීපදෙනෙක්.
අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත්‍ය රාජයායි.
සාම චෛත්යයඅම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු.
අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි.
අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද්‍යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි.
අග්‍රශ්‍රාවක ධාතූන් නිධන් කළ චෛත්‍යය
ගල්විහාර අනුරුව
මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි. ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත්‍රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි.
සද්ධන්තයාගේ සලකුණු
කුරුලු ඇසින් දිගාමඩුල්ල
දුම් බොන්නා - Indian Roller
රිලා ආදරේ
අඬනහිරියා - Clotoralia mucronata
රාත්‍රිය මනරම්
ජීවන සටන
අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත්‍ය රාජයායි.
සාම චෛත්‍යය

, TFS