අටලෝදහම ට කම්පා නොවීම

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අටලෝදහම ට කම්පා නොවීම

    මචන් හොද බණ දේශනා ටිකක් හොයලා දෙන්නකෝ. අටලෝදහමට කම්පා නොවීම
    ගැන වගේ තියෙන.. සමහර වෙලාවට මට හිතෙනවා මන් පොඩි දේටත් worry
    වෙනවා වැඩිද කියලා. මන්ඒ සතුටින් ඉන්නේ.
    එත් ඉදල හිටලා පොඩි දුකක් දැනුනොත් too much ඒ ගැන හිතනවා.
    මට ඕනි ඒ වෙලාවට හිත සැහැල්ලු කරගන්න. අටලෝදහමට කම්පා වීම
    අවම කරන්න.

    සියලු දෙනාට පින්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් දන්නා තරමින් කියන්නම් අටලෝ දහමට කම්පා නොවී ඉන්න අපිට බැ ..එත් සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේලා අටලෝ දහමට කම්පා වෙන්නේ නැ ..එක ඉබේ වෙන දෙයක් .අවිද්‍යා තුෂ්නා නැත්තන් කම්පා වෙන්න දෙයක් නැ ..එත් අපිට එ දෙකම තියන නිසා අපි කම්පා වෙනවා..

    ලාබයක් උනාම එකෙන් සතුටු වෙලා විකාර නටනවා ,පාඩුවක් උනාම අම්ම මැරුණා වගේ පැත්ත ගහලා ඉන්නවා ..නින්දා ලැබෙද්දී එල්ලිලා මැරෙන්න හදනවා ..ප්‍රසංසා වලදී හැමෝටම තමන් ලොක්ක කියලා පෙන්වන්න හදනවා ..ඉතින් මේ මගේ කෙලෙස් වලට යට වෙන මනසක් තියාගෙන කම්පා නොවී ඉන්න පුලුවන්ද:rolleyes::rolleyes:මාර්ගපල ලබා ගත් අයනම් කම්පා වීම අවම කරගෙන ගමන් කරාවි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිත හයිය කරගන්න එක එක පාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ටිකක් කල් යනවා. ඒ වගේම ඒක එක්කෙනාගේ ගතිගුණ, හිතන පතන විදිහ අනුවත් වෙනස් වෙනවා.

    හිතට මොකක් හරි දුකක් ආපු වෙලාවට:

    හිත දිහා බලාගෙන ඉන්න... "ආ දැන් මගේ හිතට දුකක් ඇවිල්ලයි තියෙන්නේ" කියලා... ඒ ගැන අවධානයෙන් ඉන්න.. එතකොට ඒ දුක ටිකෙන් ටිකෙන් නැති වෙලා යනවා.

    ඒ වගේම හිතට දුකක් ආවාම ඒ ගැන හිත හිත තවත් දුක් වෙන්න එපා.

    ඔබට තෙරුවන් සරණයි!