රෑන්ක් එක 2000ට කිට්ටුයි. Openday එකක් තියනවට අකමැතියි. මං ඇහුවොත් garbage bins කීයක් මිනිස්සු යන එන තැන් වල තිබ්බද කියල, උත්තර නැති වෙයි.
මෙතන තියෙන්නෙ පේර වල උන් ඕකට uni එකකට වඩා දේවාලයක් වගේ තියන් ඉන්නෙ. ෂෝර්ට් අඳින්න බෑ, තණකොළ පාගන්න බෑ, පේර වල ඉගනගත්තෙ නැත්තම් lecturer කෙනෙක් විදිහට Harvard PhD කරත් එන්න ලොවෙත් බෑ.
අපෙත් පවුලම පේර. ඒක හින්ද අධ්‍යාපන ඇරියස් නිසා කියන කතාවක් නෙවේ මේක. මොකද මං මට ඕන campus එකට ගියා

. වෙන රටවල් වල සිස්ටම් දැකපු නිසා කියන්නෙ, ඔය බනින උන් වැඩිපුරම බනින්නේ උන්ගෙ sub culture එකට hurt වුන එකට. Prof මධුජිත් වගේ අයට තේරෙනව ළඟදීම ෆ්‍රී education වලට රනිල බබා හම්බකරවනව කියල. ඒකට ලෑස්ති වෙන්න තමා ඔය හදන්නෙ. EPF එකට අත තිබ්බ උන්ට free education වලට අරින එක කජ්ජක් නෙවෙයි.
හැබැයි මට වෙන ඇරියස් එකක් තිබ්බ

. ඒක නිසා මේක දැක්ක ගමන් පුදුම කාලකන්නි සතුටකින් හිටියෙ. තරහ නෑනෙ 🫠.
2013 වගේ ඔෆිස් එකේ සෙට් ඒකත් එක්ක නුවරඑළි ගිහින් එන ගමන් පේර uni එක හරියෙදි අලි බඩගින්නක් ආව. 70% වගේ අපි හිටියෙ gov uni වල උන්. පේර mpr උන් දෙන්නෙකුත් හිටිය දෙවැනි බස් එකේ. අපි ඉතින් ඕන් පාර අයිනෙන් නවත්තල තණකොළ බිස්සෙ කෑම කන්න ගත්ත pvt uni වල ඉඳන් ආපු උන්ට බලපන් මේවගේ ලස්සන කියල හින්ට් ගහන ගමන්. බත් ඇටයක් හැලෙන්න දුන්නෙ නෑ ඔක්කොම clean කරල අනිත් බස් එක එනකන් උන්න. අපි දැක්ක කැම්පස් aiyala කීපදෙනෙක් කැරකෙනව. But අපි ගනන් ගත්තෙ නෑ. ඔන්න ලොකු aiya කෙනෙක් ළඟට ආව. ජේෂ්ඨ උත්තමයෙක්. මෙහෙමයි කතාව ගියේ.
"මොකද මෙතන කරන්නෙ? ඔය අය කවුද?" අපිත් ඉතිම් gov කැම්පස් ෆිට් එකට කිව්ව මල්ලි අපි ට්‍රිපක් ගිහින් එන ගමන් කන්න නැවැත්තුව බඩගිනි වෙලා කියල. අඩෝ මූ ෆියර් වුනා පින්වතුනි මල්ලි කියපු එකට. තමුසෙල දන්නෙ නැද්ද මෙතන කෑම කන්න බෑ කියල.. අනික එහා පැත්තෙ girls හොස්ටෙල් එක. අපි කැමති නැහැ ඒක නිසා කොට කලිසන් ඇඳන් කොල්ලො ඉන්නවට(පේරා කෙල්ලො නරක් වෙයි කියල බයේ

) බ්ලා බ්ලා. එතකොටත් එකෙක් දෙන්නෙක් කනව තාම. අපි ඉතින් කිව්ව ok අපේ අය වැඩි වෙලා ඉන්නෙ නැහැ, මේ අය කාල ඉවර උන ගමන් අපි යනව කියල. ඒව අදාල නැහැ ඔතාගෙන හරි යන්න.. නැත්තම් ගල් ගහනව කියපි බස් එකට. බොරුවට නෙවේ කිව්වෙ කියල මට තේරුනා මොකද එතකොටත් කන්ද උඩට වෙන්න කට්ටිය ටික ටික එකතු වෙනව මං දැක්ක. අනික පේරා වල වෙන දේවල් දන්න නිසා 300 ෆිල්ම් එකේ වගේ රෝස බස් එකකින් දෙතුන්දාහකට ගහන්න සෙට් වෙන්න අමාරුවක් තිබ්බෙත් නෑ

. මොකෝ වලියක් ගියානම් අපෙයි බස් එකෙයි කෑලි අහුලන්න වෙන්නෙ tweezer වලින්. අපි ඉතින් ගියා උන් ශිෂ්ට විදිහට ගල් ගහන්න කලින්. ගිහින් මාස ගානක් ඔෆිස් එකේ pvt uni උන්ගෙන් නොන්ඩි උනා. CTO කිව්ව දඩයමේ යන නූගත් එකෙක්වත් කන සතෙක්ට වෙඩි තියන්නෙ නැහැ, මෙච්චර උගත් උන් බඩගින්නට කන මිනිස්සුන්ට ගල් ගහන්න සෙට් වුනා කියල. පේරා වලින් ආපු CV විසික් උනේ තරහට. මම එතනින් ඇවිල්ලත් අවුරුදු ගානකට පස්සෙ ඔය ඔෆිස් එකේ උන් එක්ක ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා එකෙක් ඕක මතක් කරල තාම උන්ගෙ ටීම් එකට පේරා උන් ගන්නෙ නැහැ කිව්ව. ඔෆිස් එකෙන්නම් දැන් recruit කරනව ඇති.
දිග කතාවක් කිව්වෙ ඔතන තියෙන්නෙ ආකල්ප වල අවුලක්. Opendays පිළිගත් uni වල අනිවාර්ය අංගයක්. මිනිස්සු කුණු දානවනම් ඒවට bins තියන්න. Register වෙන්න විදිහක් හදන්න මුඩුක්කු පීපල්ස් හලන්න. Parking වලට plan එකක් හදන්න. ඊළඟ පාර ඔය මිස්ටේක් හදාගන්න.
එහෙම නැතුව අඬා වැලපිලා අර ශිරන්ති නෝන තිරුපති ගිහින් එයා කතෝලික කියල දැනගත්ත ගමන් හපොයි කිලි වැදුනෝ කියල දේවාලෙ වහල කහ දියර ඉස්ස වගේ වැඩ කරන්න ගියොත් ඔය කැම්පස් එකට පැවැත්මක් නැහැ.
P. S. බත් කනකොට ගල් ගහනව කියපු එකට දැන්නම් එදා වගේ මල නැහැ. හැබැයි තාමත් පේරා එකෙක් කට්ටිය මැද්දේ ඕනවට වඩා පොය්ය දානකොට මං තාමත් ඔය කතාව තවත් රසවත් කරල කියල සාටර් කරල දානව

. සොරි වෙන්න ඕන පේරා පීපල්ස් හිත රිදුනනම්