අඩෝ මාත් ඉස්සර ඔහොම තමා ඉස්සර හිතුවෙ,
අඩු කුලේ ලුක් එක යවන්න බෑ.
මට දැන් 40 යි.
ඕක මටත් ඉස්සර හෙන ප්‍රශ්නයක් උනා ඔය වගේ ම
දැන් නන් පඩේකට ඕව්ව හිතන්නෙ නෑ..
යකෝ ජීවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි,
කෙලින් කටින් ඉන්න ,
ඔය කෙටි කාලෙ ඔව්ව්ව ගැන හිත හිත වොරි වෙන එක බොරු වැඩක්. මම නන් මේ ජීවත් වෙන මොහොත ගැන ගොඩක් ඇප්‍රිශියේට් කරනව, මොකද මම දැකල තියෙනව ලෙඩ උන, වයසට ගිය මිනිස්සු සෆර් කරන විදිහ, ඊට සාපේක්ශව මම මේ මොහොතෙ පට්ට ලකී මනුස්සයෙක් විදිහට තමා මම මාව සලකන්නෙ,
ඔය අඩු කුලේ ලුක් එක කියන එක ඇත්තටම පිට මිනිස්සු උඹ ගැන මෙහෙම හිතනව කියල උඹේ ඔලුවෙ තියෙන ප්‍රශ්නයක්. ඒත් ඇත්තටම හිතල බැලුවොත් උඹ බැඳල , ගෙයක් දොරක් තියෙන, වාහනයක් තියෙන , ළමයි ඉන්න ගේමක් ගහපු ඩයල් එකක්,
මම දන්න උන් ඉන්නව, එක්කො ඩිවෝස් වෙලා, එක්කො ගෑනි පිට යනව, එක්කො ළමයි නෑ .. එක්කො ණය කන්දක හිර වෙලා..
ඔය වගේ මරාළ නැතුව ජීවත් වෙනව නන් යකෝ සතුටින් ඉඳපන්, බලෙන් නොගැලපෙන තැන් වලට ගැලපෙන්න යන්න මහන්සි වෙන්න එපා.
උඹ දිහා බලනව කියල හිතන සිකුරිටි එකා කොච්චර අසරණ ජීවියෙක් ද බන්, මට නන් එහෙම මිනිස්සු දැක්කම මාර අනුකම්පාවක් එන්නෙ, පෙලක් උන් ජීවිත කාලෙම දොර ඇර ඇරම ඉඳල නාකි වෙලා.
යථාර්ථය දැකපන්, එතකොට උඹට උඹ ගැන ඔය විදිහට හිතෙන්නෙ නෑ.
ලුක් එක නෙමේ , හිතන විදිහ වෙනස් කර ගනින්.
යකෝ මම මේ කියන්නෙ වැද්දෙක් වගේ ඉන්න කියල නෙමේ , පිලිවෙලට කාල ඇඳල ඉඳපන්, බ්‍රෑන්ඩඩ් දෙකක් කාල ඇඳල,
වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත වොරි වෙන්න එපා, ඒකෙන් කාටවත් කරදරයක් නැත්තන්