අණවින, කොඩිවින, හදි හූනියම්

Purifier

Member
Aug 23, 2016
394
29
0

ගොඩක් අය කියන්නේ ඕව බොරු මනස්ගාත කියලා...ඒත් ඕව එහෙම කියල බැහැර කල යුතු දේවල් නෙමෙයි:no:....
මාත් අත්දැකල තියන නිසා කියන්නේ:yes:....හැබැයි ඒව කියන්න ගියොත් කියන්නේ අපිට පිස්සු කියල:)

ඉතුරු ටිකත් ඉක්මනට දාමු

:yes::yes:
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    නියම විස්තරයක් මචන්. මං කොච්චර මෙහෙම දෙයක් ඔප්පු කරන්න හැදුවත් මේකෙ ඉන්න හරක් මගෙ රෙප් කපනව. ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න හරක්ට කොච්චර ඇත්ත කිව්වත් තේරුම් ගන්න බෑ බන්. ඔය භූත බලපෑම් හූනියම් කියන්නෙ 100% බොරු කියල. තාම නවීන විද්‍යාව එක්ක යන්න ලංකාව ගෝත්‍රික තත්වයෙන් මිදිල නෑ. මේ රට කොහොම දියුණු කරන්නද ඉතිං.

    මහත්තයට විද්‍යාව ගැන PHD කීයක් තියෙනවද කියලා නම් මම දන්නෙ නැ,,

    ඒත් මහත්තයො නවීන විද්‍යාව කියන්නෙ නම් තාම අවුරුදු දෙතුන් සීයක් පරන තාම ගෝතික අවදියේ ඉන්න දෙයක්.

    මීට අවුරුදු 10 කට කලින් හොයාගත්ත දේවල් අද වෙද්දි බොරු වෙලා, අද අපි ඉගෙන ගන්න හිතාගෙන ඉන්න දේවල් තව අවුරුදු 20 ක් යද්දි බොරු වෙනවා,

    ඉතින් අවුරුදු දස දහස් ගානක් පරන ඔය පාරම්පරික දේවල් 8 වසරෙ විද්යාව පොත කියෙව්වා කියලා බොරු කියලා ඔප්පු කරන්න බැ මහත්තයො.

    ලංකාවෙ උන් ඕවා බොරු කියලා විශ්වාස කරන්න පටන් ගට්තට, අපිට වඩා අවුරුදු ගානක් ඉස්සරහයින් ඉන්න රටවල් ඕවගෙ ඇත්ත නැත්ත හොයන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරනවා මහත්තයො. .
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔබ අණවින හදි හූනියම්වලට බයද

    කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිති.
    ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට කළහැකියයි විශ්වාස කරන පිරිස් සිටියද එවැනි දෑ කිසිසේත්ම එවැනි ගුප්ත බලපෑමක හේතුවෙන් සිදුවන්නක් නොවේ. මෙහි දී යම් අයෙකුට පෙරකී ආකාරයේ අහිතකර බලපෑමක් ඇතිවීමට ක්‍රියාකරන්නේ තමා තුළම පවතින ව්‍යාංගය
    (SUGGESTION) නම් සාධකය බව දන්නේ ඉතා සුළු පිරිසකි.
    “උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ”යයි කෙනෙකු කෙරෙහි පවතින වෛරය හේතුවෙන් තවත් කෙනකුට පැවසුවේ යැයි සිතන්න. එය යම් අයෙකුගේ මුහුණටම කියා ගන්නට බැරි වූ විට වෙනත් කෙනකු මාර්ගයෙන් හෝ ඒ දෙය අදාළ පුද්ගලයාට දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව තිබේ. ඉන්පසුව යන්ත්‍ර, සුර, වර්ණවත් නූල්, කුඩා මැටි මුට්ටි, සමහර විට කළු බළලකු, සර්පයෙකු වුවත් අදාළ පුද්ගලයාගේ නෙත ගැටෙන ආකාරයෙන් හෝ යම් ක්‍රියාකාරකමක් මගින්, හූනියමක්, අනවින බන්ධනයක් කළ බවට සාක්ෂි දැනගන්නට සැලැස්විය හැකිය. මේ තුළ කිසිදු ගුප්ත බලයක් නොතිබුණ ද ඒවා හේතුවෙන් තමන්ට හූනියමක් කරන්නට ඇතැයි යන විශ්වාසය මත ඔහුගේ සිත තුළ මෙම ව්‍යාංගය පිබිදීම සිදු වේ. හූනියමක්, අනවින බන්ධනයක් ලෙස ක්‍රියා කරමින් තමන්ටම අයහපත උදාකර දෙන්නේ තමන්ගේම සිතයි. ඒ හැරුනු කොට වෙනයම් ගුප්ත බලවේගයක් නොවේ. පෙරකී ආකාරයට හූනියමක් වින බන්ධනයක් තමන්ට කරන්නට ඇතැයි සාධක සහිතව සිත පිළිගනිද්දී තැති ගැනීම, ජීවිතය පිළිබඳ අවදානම වැනි හැඟීම් උද්දීපනය වීමෙන් මොළයේ ෙජෙව රසායනික ක්‍රියාවලියේ ද වෙනසක් සිදුවේ. මෙහිදී බොහෝ විට ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් පිටවන ඇඩ්‍රිනලින් හෝමෝනය අධිකව නිපදවීම හේතුවෙන් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බාධා පැමිණවිය හැකිය. මෙම තත්ත්වය මානසිකව මෙන්ම කායිකවත් මේ දෙයාකාරයෙන්ම වුවත් සිදුවිය හැකිය. මේ ආකාරයෙන් සිරුර මනස හෝ ඒ දෙකම රෝගී වීම තුළ හූනියම තමන්ට වැදුණු බවට තමන්ගේ සිත තුළට මිථ්‍යා විශ්වාසයක් ගොඩනැංවීම සිදුවේ. එවිට පියවරින් පියවර කායික මානසික බිඳ වැටීම කායිකව හෝ මානසිකව නැතිනම් ඒ දෙයාකාරයෙන්ම දුර්වලත්වයට බලපානු ඇත. එවැනි ආකාරයේ කයින් මනසින් දුර්වල වූවෙකු තුළ භින්නෝන්මාදය වැනි මානසික රෝග සඳහා බලපාන මූලික සාධක පවතී නම් එවැනි රෝග ද ඉස්මතු වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය මනෝ විද්‍යාවේ අතහැර දැමීමේ ආබාධය (Giving up Givenup Syndrome) නමින් හැඳින්වේ.
    පෙරකී ආකාරයෙන් ව්‍යාංගය නමැති සාධකය මිනිස් සිත තුළ පුබුදුවා මරණයට පත් කිරීමේ ක්‍රමවේදයක් අප්‍රිකානු මහද්වීපයේ නොදියුණු ජනසමාජයන්හි පැවැති බවට සාධක තිබේ. වූඩූ මරණය (Voodoo Deth) නමින් හැඳින්වෙන ඒ ආකාරයෙන් ව්‍යාංගය පුබුදුවා මරණය වෙන යොමු කිරීමට ක්‍රියාකිරීමේ දී අත්වන මරණය වැළැක්වීමට වෛද්‍ය විද්‍යාව තුළවත් හැකියාවක් නැති බව පිළිගැනේ. අප්‍රිකාවේ පමණක් නොව බුදුන් දවස පවා ඒ ආකාරයෙන් ව්‍යංගය ඉස්මතු කර මරණය පවා අත්කර දීමට ක්‍රියාකරවුන් සිටි බවට උදාහරණ බුදු බණ තුළම පවතී. ඒ අනුව ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කළ බුදුන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය උපයෝගී කර ගනිමින් සිදුකරන මරණයක් වුවද ප්‍රාණඝාත අකුසල කර්මයක් සේ සලකන බව වදාළේ බුදුන් දවස පවා අනවින හදි හූනියම් පැවැති නිසා විය හැකිය.
    [/SIZE]

    ඇත්ත දන්නේ නැති නිසා හිතේ බය ඇරගන්න ඔහොම හිතුවට ඉතින් කමක් නැහැ. :P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    භාෂාව හැසිරවීම ඉතා විශිෂ්ටයි.. අනාගතයේ හොඳ ගත කතුවරයකු වීමට අවස්තාව ඇත.

    ඔය කතාවේ ඇත්ත නැත්ත ගැන මට විග්‍රහ දීමට අවශ්‍ය නැත.
     
    • Like
    Reactions: Ashman

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    මමත් ඔවා විශ්වාස කරේ අපේ ගෙදරත් ඔහොම සීන් එකක් උන හන්දා මචන්...සමහර උන්ට කියුවට විශ්වාස කරන්නෙ නම් නෑ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මමත් ඔවා විශ්වාස කරේ අපේ ගෙදරත් ඔහොම සීන් එකක් උන හන්දා මචන්...සමහර උන්ට කියුවට විශ්වාස කරන්නෙ නම් නෑ
    උබට උන දේත් කියපන් මචන්...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    :shocked::shocked::shocked:

    baya hithenawa ooi. kohoma unath mata kiyanna thiyenne mechcharai. budu dahamata anuwa darmanukuawa innawa nan owa kisideyak wenne natha. katawath ehema karannath bariya :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම කියන්නෙ නෑ උඹ බොරු කියනවා කියල නමෞත් උඹ අහපු දැකපු දෙවල් නේ මේ තියෙන්නේ ඒවා අමූලික බොරු බවයි මම කියන්නෙ.
    මගෙ පැහැදිලි කිරීම නම් ආච්චි අම්මට හැදුන මාන්සික රොගයක් ඒක නිසා අවට අයටත් බලපෑම් වුනා කොටිනම් මේ කතා අහපු පුන්චි, මල්ලි සහ අන්තිමේ බාප්පත් ඒකෙ බල්පැමට අහුවුනා. ගෙවල් වල ප්‍රශන තියෙනකොට අඩදබර ඇති වීම සාමන්යයි.
    ඉතින අපේ ය්කැදුරො මේ ලෙඩේ බොවෙලා තියෙන බව දැක්කම ඒගොල්ලන්ගෙ ශාස්ත්යට අනුව ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන්වන බව පෙන්නලා කට්ටියගෙ මාන්සික රොගය නැති කලා. මාතර ආච්චි වහ බීම සහ දරුවා නැතිවන බව අනාවැකි කීම පැහදිලි කරන අමාරුයි.ඒව එක්කො අහබු සිදුවීම් හො බුරු බව මම හිතන්නෙ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම කියන්නෙ නෑ උඹ බොරු කියනවා කියල .......
    මම කියන්නෑ උබ වැරදියි කියලා.. ඒත් කැත්තෙන් බැරිනම් උදැල්ලෙන් හරි ඒ ප්‍රස්නේ විසදුන එක ගැන සතුටුයි..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මහත්තයට විද්‍යාව ගැන PHD කීයක් තියෙනවද කියලා නම් මම දන්නෙ නැ,,

    ඒත් මහත්තයො නවීන විද්‍යාව කියන්නෙ නම් තාම අවුරුදු දෙතුන් සීයක් පරන තාම ගෝතික අවදියේ ඉන්න දෙයක්.

    මීට අවුරුදු 10 කට කලින් හොයාගත්ත දේවල් අද වෙද්දි බොරු වෙලා, අද අපි ඉගෙන ගන්න හිතාගෙන ඉන්න දේවල් තව අවුරුදු 20 ක් යද්දි බොරු වෙනවා,

    ඉතින් අවුරුදු දස දහස් ගානක් පරන ඔය පාරම්පරික දේවල් 8 වසරෙ විද්යාව පොත කියෙව්වා කියලා බොරු කියලා ඔප්පු කරන්න බැ මහත්තයො.

    ලංකාවෙ උන් ඕවා බොරු කියලා විශ්වාස කරන්න පටන් ගට්තට, අපිට වඩා අවුරුදු ගානක් ඉස්සරහයින් ඉන්න රටවල් ඕවගෙ ඇත්ත නැත්ත හොයන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරනවා මහත්තයො. .

    Ela,, Niyameta kiyala deela thiyenawa :lol::lol: