අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක්

jayalalitha

Member
May 7, 2012
363
54
0
අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක්

මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.
පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී මෙම දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.
තමන්ට නැඟෙන චෝදනා අධිකරණය හමුවේ කියැවෙද්දී හයක් හතරක් නොතේරෙන කුඩා දරුවා තම පියාගේ ඇකයට වී කිරි බෝතලයක් උරමින් සිටියේය.
විනිසුරු වහාම ක්‍රියාත්මක වන පරිදි කුඩා දරුවාට ඇප දුන්නේය. දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර ගන්නැයි ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේය.
:no::no::no::no:

24(175).jpg
:angry::angry:

Source: http://www.lankadeepa.lk/index.php/articles/223550

choudary-e1339636551149.jpg



noo.gif


PigMoRoast1vi-vi.gif
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ත්‍රෙඩ් එක දැක්කම හිතුනේ ඉන්දියාවේ උන්ගේ ගොන් වැඩක් කියල. බැලින්නම් :- ගෙ වැඩක්.