අති පූජ‍්ය අජාන් බ්‍රහ්මවංසෝ මහා තෙ
ඔන්න ඉතින් ඉස්සෙල්ලාම කට්ටිය මට සමාවෙන්න ඕන... වැරද්දක් වුනානම්.. මේක මගේ පලවැනි පෝස්ට් එක.. හොඳේ?
අනේ ඉතින් ඔයාලා මගේ පලවෙනි පෝස්ට් එකට කැමතිනම් කොමෙන්ට්ස් දාලා යන්න!
ඔයාලා ඔක්කෝටම තෙරුවණ් සරණයි!
ඔන්න ඉතින් ඉස්සෙල්ලාම කට්ටිය මට සමාවෙන්න ඕන... වැරද්දක් වුනානම්.. මේක මගේ පලවැනි පෝස්ට් එක.. හොඳේ?

- මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට යාබද "බෝඞියාන ආරාමයේ."
- උන්වහන්සේ ෙථරවාදි භික්‍ෂුවක්.
- උන්වහන්සේගේ පැවිදි වීමට පෙර නම "පීටර් බෙට්ස්."
- උපත ලැබුවේ එන්ගලන්තයේ 1951 අගෝස්තු 7 වෙනිදා.
- ෙතරුන් වහන්සේ සාමාන්‍ය පවුලක උපත ලැබූවද, 1960දි කේඹ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් භහුතික විද්‍යාව පිලිබඳ විශේෂ ගෞරව උපාධියක් ලබා ගත්තා.
- උපාධිය ලබාගත් පසු උන්වහන්සේ ගිහිගෙය අතහැර තායිලන්තයට ගොස් "අජාන් චා" මහා තෙරුණ් මගින් උපසම්පදාව ලබා ගත්තා. මෙසේ වසර 9ක් ඔහු වනගතව භාවනායෝගීව වැඩ සිටියා.
- මෙසේ අනේක විද කම්කටොලු විඳ උන්වහන්සේ මාර්ගඵල අවබෝධය ලබාගෙන ඇතැයි ලෝකය පුරා සිටින බොදු බැතිමතුන් රාශියක් විශ්වාස කලද, උන්වහන්සේ බුදු රදුන්ගේ ධර්මය අනුව යමින් එය එසේම යැයි පුන පුනා කියා නොසිටී.
*මෙය ලද ලන්කාවේ සිටින සමහර තමුන් "මාර්ගඵල අවබෝධය ලබාගෙන ඇතැයි" කියාගන්නා වන්ඡනික හිමිනම් වලට හොද පාඩමකි!
- 1983 වසරේදී උන්වහන්සේට ප්‍ර්ත් නුවරට වැඩම කර, බටහිර ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සන්ගමයේ අනුශාසක තනතුර භාර ගන්නැයි කල ආරාධනාව නිසා, තෙරුන් එහි වැඩම කලෝය.
- අක්කර 97ක් ලොකු ඉඩමක් ඉතා ග්‍රාමීය ප්‍රදේශයක් වන ස්‍ර්පන්ටයින් වලින් මිලටගත් බටහිර ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සන්ගමය, අජාන් බ්‍රහ්මවංසෝ මහා තෙරුණ්, "අජාන් ජගාරෝ" නම් තවත් භික්‍ෂුවක් සමගින් නවතම බෝඞියාන ආරාමය ආරඹ්හ කිරීමට සියලු කටයුතු සූදානම් කලා.
- එවකට සිටි බටහිර ඔස්ට්‍රේලියාවේ රජය කිසිදු ආධාරයක් නොකල බැවින්, භික්‍ෂූන් වහන්සේලා විසින් තනිවම ගොඩනැගිලි ඉදි කලා.
බ්‍රහ්මවංසෝ මහා තෙරුණ්, තනිවම සියලුම බිත්ති බැඳ, ජල නල පද්ධතියද තමන් විසින්ම නිම කලා.. පහත ඔබ දකින්නේ උන්වහන්සේ තම දැතින් නිම කල ඒ ගොඩනගිලියි.
- 1994 දී වුනේ නොසිතූවිරූ දෙයක්... ඒ මෙතුවක් කල් බ්‍රහ්මවංසෝ මහා තෙරුණ් වහන්සේට ගුරුහරුකම් දුන් "අජාන් ජගාරෝ" භික්‍ෂුව සිවුර අතහැරීමයි.
ඉන්පසු මුලු බටහිර ඔස්ට්‍රේලියාවේම බෞද්ධ සන්ගමයේම සහ බෝඞියාන ආරාමයේම නායක තුමන් වීමට අපගේ බ්‍රහ්මවංසෝ මහා තෙරුණ් වහන්සේට ආරාධනා කෙරුනා.
එතරම් අත්දැකීම් නැතිවුවද, සතුටින් අබියෝගය භාර ගත් තෙරුණ් වහන්සේ, අදටත් ඉතා මහගු සේවාවක් ලෝක බෞද්ධ අනුගාමිකයන්ට සිදු කරනවා. - අද ලෝකයේ සිටින ශ්‍රේෂ්ටතම තෙරුණ් වහන්සේ නමක් හැටියට අජාන් බ්‍රහ්මවංසෝ මහා තෙරුණ් වහන්සේ අපට හැඳින්විය හැකියි.
- කොතරම් ජනප්‍රිය වූවද, කොතරම් සැලකිලි ලැබුවද, උන්නාන්සේ තවමත් ගත කරන්නේ ඉතා සරල, කිසිම සැපක් නොමැති පැවදි දිවියකි.

- ඔන්න ඉතින් ඔයාලටත් මේ සාදූගේ ධර්ම දේශනා අහගන්න ඕනේනම්.. පහත දැක්වෙන ලින්ක් එක ක්ලික් කරන්න. http://www.dhammaloka.org.au/
අනේ ඉතින් ඔයාලා මගේ පලවෙනි පෝස්ට් එකට කැමතිනම් කොමෙන්ට්ස් දාලා යන්න!
ඔයාලා ඔක්කෝටම තෙරුවණ් සරණයි!

Last edited:

