අඩේ කුකුලෝ සිංහල බෙහෙත් කරන්න හදන්න එපා දැන්ම.
මමත් එක දිගට පැය 8-9ක් විතර PC එකේ වැඩ සහ දකුණු අත පාවිච්චි වෙනවා වැඩි ටයිපින් වලදී.
මාස 6-7 කට කලින් මටත් ඔහොම අතේ කැක්කුම හිරි වැටෙන ගතිය තිබුණා.සමහර දවස් වලට මුළු අතම කැක්කුමයි කිසිම වැඩක් කරගන්න බැරි විදිහට.
දැනට මාස 2-3ක වගේ ඉදන් දකුණු උරහිස යටවෙන විදිහට නිදාගෙන ඉදලා හැරෙන්න යද්දී අත උරහිස ගාවින් ලෝක්වෙන්න ගත්තා.එක පාරට හරියන්නේ නෑ ටික ටික අත කරකවලා තමා ශේප් කරගත්තේ.ඒ මදිවට උදේට නැගිටිද්දී අතේ ඇඟිලි ටික නවන්න බෑ.ඇඟිලි ටික කෙලින්වෙලා තියෙනවා.පට්ට අමාරුයි නවන්න.මවුස්(ඒ මියා නෙවෙයි යකෝ

) එක අල්ලගෙන ඉන්නකොට සුලැගිල්ල එහෙම හිරිවටෙනවා වගේත් තියෙනවා.
මේ හා සමාන දේවල් උඹටත් වෙන්න ඇති.
මම නම් පෙන්නුවේ ඔතොපෙඩික්ට් ඩොකෙක්ට.ඩොකා කිව්වා PC එකේ එක දිගට ඉන්න නිසාත් බෙල්ල නවාගෙන ඉන්න නිසාත් මගේ බෙල්ලේ ස්නායු තෙරපෙනවලු.බෙල්ලේ x-ray එකකුත් ගත්තා.බෙල්ලත් රිදෙනවා ටිකක්.දැන් මාසයක් විතර වෙනවා බෙහෙත් අරන්.අතයි ඇඟිලි ලෝක්වෙන එකයි දැන් නැහැ බෙහෙත් වලට.ක්රීම් එකක් දුන්නා.අතේ කැක්කුම එන වෙලාවට බෙල්ලේ තමා ඒක ගාන්න ඕනේ
හොඳ පුටුවක් පාවිච්චි කරපන්.බෙල්ල නවාගෙන PC එක දිහා බලන එක නතර කරපන්.PC එක විතරක් නෙවෙයි පොතක් පත්තරයක් තියා ෆෝන් එක දිහාවත් එහෙම බලන්න එපා කිව්වා.ඇඳ විට්ටමට හේත්තුවෙලා පොත් බලන්නත් එපා කිව්වා.වහාම ඩොකෙක්ට පෙන්නපන්.