අද අදම නිවනට මග

අද අදම නිවනට මග

ඔබ සැම වෙත පහල වූ කරුණාබර හදවතින් මේ පණිවිඩය ඔබ ත් සමග බෙදා ගන්නෙමු.:)
ඒ අමා මහ නිවන සාක්ශාත් කල අපේ කාලයේ මුනිවරයෙක් පිලිබඳ ඔබට හදුන්වා දෙමි.
;)
නක්කාවත්තෙ අසරණ සරණ බුද්ධ පරායන හිමි
ඔබ ට දැන් ඒ අමා මහ නිවන ඇසීමට මග විවර වී ඇත .:love:

ක්ශනය ක් ඇසුරින් පහදා දෙන මේ ගැඹුරු දහම චතුරාර්‍ය සත්‍ය ඔබත් දැක ගන්න .:D:D
පිනක් තිබුනොත් ඔබට ඒ සත්‍ය වැටහේවි.:love:
http://abhisambodhi.lk/
මෙන්න දේශනා කිහිපයක්






සියලු ලෝ සතුන්ට ජාති-ජරා-ව්‍යාධි-මරණ යන දුකින් මිදීම පිණිස බුදු හිමියන් දහම් දෙසූහ. ඒ සඳහා මෙතෙක් පැමිණි අනුසෝතගාමී ගමන වහාම අත් හරින්න. පටිසෝතගාමී වන්න. සසර ගඟෙන් උඩුගම් බලා යන්න. එය නිර්වාණ මාර්ගයයි යනුවෙන් උවහන්සේ ප්‍රඥාවන්තයන්ට නිවන් මග පහදා දුන්හ.

කාලයාගේ ඇවෑමෙන් මෙම උඩුගම්බලායාමේ නිවන් මග අද වැසී ගොසිනි. නිවන අවබෝධ කිරීම සිහිනියක් බවට පත්ව ඇත්තේ එහෙයිනි.

නිර්වාණ අවබෝධය ලැබිය හැකි එම ගැඹුරු අකාලික ධර්මය පිළිබඳව වසර ගණනක් පුරා ගැඹුරු පර්යේෂණයක නිරත වීමි.වසර දෙදහස් හයසීයක පමණ කාලයක් තිස්සේ වැසීගොස් තිබූ, එම උතුම් දර්ශනය,එම උත්සාහය තුලින් නැවත නිවැරදිව උඩුකුරු කල හැකි විය. නිවැරදි ගමන් මගෙහි පිහිටා අප්‍රමාදීව සිහියෙන් කටයුතු කලොත් ස්ථිරවම,පැහැදිලිවම, ඒකාන්තයෙන්ම අදත් එම නිවන් මග අවබෝධ කල හැකි බව, සැකයකින් තොරවම සනාථ විය.

එම පරම සත්‍යය වූ උතුම් අකාලික බුදුවදන ඔබත් ගැඹුරින් අධ්‍යයනය කරන්න. එම ප්‍රත්පත්තියෙහි පිහිටන්න. එම දහම තුලට ඇවිත් බලන්න. අද අදම සසර දුක නිවාගන්න. බුදුසසුන නිවනින් බබලවන්නැයි මෙයින් ගෞරවයෙන් ඇරයුම් කෙරේ.

-පූජ්‍ය නක්කාවත්තේ අසරණසරණ බුද්ධපරායණ හිමි
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සියලු අරමුණු , සඥ්ඥා නිරෝධ කිරීම මගින් සිදුවෙන්නෙ සිත අසඥ්ඥ තත්වයට පත් වෙන එක.
     
    සියලු අරමුණු , සඥ්ඥා නිරෝධ කිරීම මගින් සිදුවෙන්නෙ සිත අසඥ්ඥ තත්වයට පත් වෙන එක.

    සංඤා නිරෝද කරන්න කියල නෑනෙ.වර්තමානයේ සිදු වන සන්සිද්දිය එතන එතන දීම ප්‍රඤාවෙන් දකින්න කියල නෙ කියන්නෙ :oo: