කොඩි ගහ එසවීමෙන් කතෝලික ඔබ බලපොරොත්තු වෙන්නේ කුමක්ද?
කොඩිගහ ඔසවනව කියන එක නොදන්න අයට.
මේකේ තේරුම කතෝලික දහම ව්‍යාප්තවූ අතීත කාලයේදී ලංකාවේ පල්ලිවල වතාවත් කිරීමට අද වගේ පියතුමන්ලා හිටියෙ නෑ.. සමහර කාලෙකදි මාස හතරකට පහකට සැරයක් තමා පියතුමෙක් පල්ලියකට එන්නේ... ඒ කාලෙදි පියතුමෙක් පල්ලියට ඒ ප්‍රදේශයේ ජනතාවගේ ආගමික අවශ්යාතා වෙනුවෙන් පල්ලියට ආපුවහම, පියතුමා පල්ලියේ සිටින වග ජනතාවට දැන්වීමට තමා කොඩිගහක්, කොඩි කනුවක් සිටුවා එය ජනතාවට දන්වන්නෙ, එහෙම පියතුමෙක් ආපුවාම සතියක් දෙකක් ඒ පල්ලියෙ ඉන්නව, ඒක නිසා ජනතාවට පනිවිඩ යවන්න විදියක් නැති නිසා එය සන්නිවේදන මාධ්‍යක් ලෙස යොදාගත්ත, කොඩිගස දකිද්දි ජනතාව දන්නව පියතුමෙක් පල්ලියෙ ඉන්නව කියල, කාලයත් සමග ඒ සම්ප්රදාය වෙනස් වෙලා අදාල පල්ලිය කැපකර ඇති ශුද්ධවන්තයගෙ දවසට ගන්න මංගල්‍යයට සතියකට පෙර මේ කොඩිගහ ඔසවල අදාල දේවස්ථානයේ මංගල්‍යය පැවැත්වෙන වග ජනතාවට දැනුවත් කරනව...ගොඩක් දුරට ඒපල්ලියෙ අය මංගල්‍යය ගැන දැනුවත්, අවට අය දැනුවත්වීම තමා වෙන්නෙ.. මේ කාලය තුල කඩ වීදි විතරක් නෙමේ අධ්‍යාත්මික වශයෙන් සිදුකරන ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනව ඉතිං