You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අද ඉදන් 18+ ගානේ දෙනවා...
අවුරුදු 10 කටත් වැඩියි එලකිරියෙ දැන්,, අන්තිමට ඔන්න රෙප් පවර් එක 18++ උනා,,,



මට රෙප් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි
මට වැඩියම රෙප් ලැබුනේ මානසික රෝග පිලිබදව මම හදපු නූල් වලට, 18++ එකටත් ඒ වගේ නූලක් හදාගන්න ඕන උනාට තවම වෙලාවක් ආවේ නැහැ තොරතුරු ටික පිලිවෙලකට හදාගන්න,,, තවමත් සමහර සහෝදරයින්ගෙන් PM එනවා, අරක ගන දාන්න, මේක ගැන දාන්න කියල,,, ඉක්මනින්ම දාන්නම් කියල reply කලත් මට වෙලාවක් ආවේ නැහැ හදාගන්න,, ඉදිරියේදී දාන්නම් ඒ ඉල්ලිම් ඔක්කොම...


ඉතින් නූලකුත් හදාගන්න බැරි උන එකේ කෙටියෙන් දාන්නම් මගේ එලකිරි එකේ ජීවිතය ගැන...


මම එලකිරියට register වෙන්නේ 2009 අප්‍රේල් 8... එලකිරිය කියන්නේ දැනුම් සාගරයක් වගේ ඒ කාලේ,, තවමත් එහෙම නැතුව නෙවෙයි, නමුත් ඒ කාලේ මේක හරි වෙනස්,,, අධ්‍යාපනය, දේශපාලනය, විහිලු තහලු, සාමන්‍ය දැනීම තොරතුරු, 18+ නූල් etc, මේ හැම දෙයකම හොද balance එකක් තිබ්බා..


එලකිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහෝයි, විවිද පරාස වල දැනුම ගන්න එලකිරිය ඉවහල් උනා.
..
මම මුලින්ම එලකිරියට එන්නේ මතක විදිහට printer එකක් විකුනගන්න,,
පස්සේ මේකෙ තියෙන ඒවා දැකලා මේතනට ඇබ්බැහි උනා,, හැමෝම වගේ...
මගේ මුල්ම Hit වෙන නූල තමයි EA sports Cricket 2007 මේක ඒ කාලේ නැගලා යන ගේම් එකක්, කවුරුත් ගහලා ඇති,, ඒකට එක එක දේ නිර්මානය කරල දුන්නා, ඒත් ඉගෙනීමේ කටයුතු හින්දා ඒක අත ඇරුනා...

EA sports------
පස්සේ මම දාපුවයෙන් ආයෙත් hit වෙන්නේ මානසික රෝග පිලිබදව නූල්,,, එලකිරියේ ඒ කාලයේ ගොඩාක් අය මේ පිලිබදව අහල නූල් දාලා තිබ්බ, එක එක්කෙනාට කියන ප්‍රශ්න ගැන කියලා තිබ්බා,, එතකොට තමයි මට හිතුනේ මම ඉගෙන ගත්ත දෙයින් දෙයක් කරන්න ඕනේ කියලා,,,
ඒ අතරිනුත් මට වැඩියම ප්‍රතිචාර හම්බුන නූල තමයි Social Phobia / සමාජ භීතිකාව - ජයගමු..
Social Phobia / සමාජ භීතිකාව - ජයගමු.
ඉතින් ඉදිරියේදීත් මේ වගෙ නූල් දාල, එලකිරි අපේ සහෝදරයින්ට මානසික රෝග පිලිබදව පමනක් නෙවෙයි, මම උගත් දෙයින් සේවයක් කරන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා,,,

ස්තූතිය්...
+rep