අද උසාවියේදී වෙච්ච හදියක්.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ කියන්න හදන්නේ අද පානදුර දිසා උසාවියේදී වෙච්ච ඇත්තම සිදුවීමක් ගැන.
    කතාව මෙහෙමයි.
    එක්තරා පවුලක සැමියයි බිරිදයි දෙපැත්තකට වෙලා ඉදල තියෙන්නේ. මේ දෙන්නට දරුවෙක් ඉන්නවා.
    කොහොමහරි මේ බිරිද තමන්ගේ සැමියාගෙන් නඩත්තු ඉල්ලලා මුලින්ම නඩුවක් ගොනු කරලා තියෙනවා මීට අවුරුදු 9කට කලින්.
    කොහොමහරි මේ නඩුව ගොනු වෙද්දීම මේ කාන්තාවගේ සැමියා එයාව හම්බවෙලා කියල තියෙනවා ඔයා මට අපේ ළමයාගේ භාරකාරත්වය දෙනවනං මට එයා එක්ක ටික කාලයක් ඉන්නකොට ආයේ මගේ හිත හදාගෙන ඔයා එක්ක සමාදාන වෙන්න පුළුවන් කියල.
    මේ කාන්තාව මේක එයාගේ ලොයර්ට කියල, එතැනදී ලෝයර් කියල හොදයි මහත්තය සමාදාන වෙන්න කැමතිනං ළමයාගේ භාරකාරත්වය එයාට දීල පස්සේ දෙන්න සමාදාන වෙන්න කියල.
    අන්තිමට මේ කාන්තාව නඩත්තු නඩුවත් අයින් කරගෙන ළමයාගේ භාරකාරත්ව එයාගේ සැමියට දීල කතාව එතනින් ඉවර වෙලා.

    කතාව එතනින් ඉවර වෙලා කිව්වට ඇත්තටම කතාව පටන් ගන්නේ එතනින්.
    මොකද මේ මිනිහ ඔය සේරම කතා අස්සේ තමන්ගේ බිරිදට විරුද්ධව හොරෙන් දික්කසාද නඩුවක් පවරලා කූට නීතිඥවරයෙක් හරහා.
    මේ දෙන්න එක ගෙදර විසුවත් මේ සැමියා වගඋත්තරකාර තමන්ගේ බිරිදගේ ලිපිනය විදිහට සදහන් කරලා තියෙන්නේ බොරු ලිපිනයක්.
    එහෙම ලිපිනයක් මුළු පානදුරේම නෑ. කොහොමහරි මේක නිසා අර කාන්තාවට සිතාසි ලැබිල නෑ.
    කලක් මෙහෙම යද්දී උසාවියෙන් මේක එක පාර්ශවීය නඩුවක් විදිහට අහන්න තීරණය කරලා තියෙනවා.
    නීතියේදී මේවට කියනවා ex-parte action ගන්නවා කියල.
    කොහොමහරි මේ ඒක පාර්ශවීය නඩුව අවසානයේ බිරිදට හොරෙන්ම සැමියා තම බිරිදගෙන් දික්කසාදය අරගෙන.
    අන්තිමට මේ මිනිහ තමන්ගේ ලමයවත් අරගෙන මේ කාන්තාවව අතහැරලා යන්න ගිහිල්ල.

    ඊට පස්සේ මේ කාන්තාව මේ ලබාගත්ත දික්කසාදායට එදිරිව නැවත උසාවියේ නඩුවක් පවරලා තියෙනවා.
    ඒ ex-parte decision එක ශූන්‍ය සහ බලරහිත කරන්න කියල.
    ඒවාට කියනවා decision එකක් null and void කරනවා කියල.
    කොහොමහරි මේ නඩුව අද අවරුදු 5කට පස්සේ ඉවර උනා.
    කලින් දික්කසාදේ නඩුව ගත්ත සැණින් අර මිනිහ වෙන කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා.
    ඒ කසාදෙත් දැන් අවුරුදු 3ක ළමයෙක් ඉන්නවා.

    අද ඒ නඩුවේ තීන්දුව ලැබුන. උනේ මොකද්ද දන්නවද.
    උසාවිය නියෝගයක් දුන්න ex-parte decision එක ශූන්‍ය සහ බල රහිත කරලා.
    ඒ කියන්නේ කලින් දික්කසාදේ වලංගු නෑ කියල ප්‍රථම විවාහය නැවත බලාත්මක උනා.
    එහි අතුරැ ප්‍රතිපලයක් වශයෙන් මිනිහගේ දෙවැනි විවාහය අවලංගු වෙලා ගියා.

    එකෙන් වෙච්ච නරකම දේ මොකද්ද දන්නවද, අර දෙවැනි කසාදෙ ළමගේ සුජාතභාවය ගිලිහිලා ගිහිල්ල අද ඒ ළමය අවජාතක භාවයට පත් උනා.
    උසාවියේදී කෙලින්ම ප්‍රකාශ උනා ඒ ළමයාගේ අවජාතභාවය.
    විනිසුරුකරුත් සිරාවටම පට්ට අපහසුතාවයට පත්වෙලා අපේ පැත්ත බැලුව.
    කරන්න දෙයක් නැතුව ඉතින් අපි සෙට් එකත් බිම බලාගත්ත.

    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.



    Machan etakota e lamayage upanneta mokada wenne?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පියාගේ නම ඉරක් වුනේ කොහොමද අම්මේ.. තමා :)

    එතකොට ළමයාගේ උප්පැන්නේ වෙනස් කරන්න උසාවි නියෝගයක් දෙනවද??
    දන්න විදියට නම් ඕන කෙනෙක්ට පියා හැටියට නම දෙන්න පුළුවන්, මව පියා විවහකද තැන තමයි වෙනසක් වෙනවා ඇත්තේ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. අවජාතක, පියක් හොයාගන්න නැති, අවිවාහකව ලැබෙන ළමයින්ට සිද්දවෙන අපහසුතා පැහැදිලි කරන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා.. මේ මුකුත්ම නොදන්න කොහෙටවත් නැති පොඩි එකෙකුට අන්තිමට අවජාතක කියලා ලේබලයක් වැදුනා..:(
    මේ වගේ දේවල් මෙහෙම ෂෙයා කර ගන්න එක ගොඩාක් වටිනවා දැන් කාලේ වෙන දේවල් නිසා..:dull:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දෙවෙනි කසාදෙ අවලංගු වෙලා ඒ ලමය නීතියෙ හැටියට අවජාතක වුණාට, ළමයගෙ තාත්ත කවුද කියල හැමෝම දන්නවනෙ..
    ඒ හින්ද ලමය අවජාතක නෑ :yes: